18. අයිතිකාරයා

490 182 48
                                    

ජන්ග්කුක් වගේම ජිමිනුත් හිටියේ Graduation ceremony එකෙන් පස්සේ හවස තිබුණු Farewell Party එකේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජන්ග්කුක් වගේම ජිමිනුත් හිටියේ Graduation ceremony එකෙන් පස්සේ හවස තිබුණු Farewell Party එකේ. අවසන් වසර සිසුන් සියළුම දෙනා එතන රැස් වෙලා සතුටුවෙමින් සිටියා. ගැහැණු ළමයින් වැළඳගෙන අඬනකොට පිරිමි ළමයින් අනාගතය ගැන සාකච්ඡා කලා. ජන්ග්කුක් හිටියේ ජිමින් එක්ක කොනකට වුණ ටේබල් එකක

වාඩිවෙලා. එතනට ආවෙ සෑම්, ඩෙරික් වගේම ජැකී. ජිමින් ඇසක් ඉඟි කරනකොට සෑම් කතාව පටන් ගත්තා.

"ජන්ග්කුකා... අපිට සමාවෙයන් බන්. අපි අවුරුදු 10 ඉඳල යාළුවෝ. අපිට එහෙම නොකර ඉන්නයි තිබ්බේ. ජිමින් කිව්වෙ නැත්තන් අපිට තවමත් තේරුම් ගන්න බැරිවෙනව උඹ ගැන (ජිමින් ඔලුවෙ අත ගහගත්තා) උඹ තමයි අපි තුන් දෙනාටම හම්බුණ හොඳම යාළුවා. අපි ඉස්සරහටත් එකට ඉමු." සෑම් කතාව ඉවර කරනකොට ජන්ග්කුක් නැඟිටලා තුන් දෙනාවම තදින් බදාගත්තා. එයා අන්තිම මොහොතෙදි හරි මේ දේ බලාපොරොත්තු වුණා. ඉතින් ජන්ග්කුක් හිටියේ සතුටින්. අවසානයේදී යාළුකම් තවත් වතාවකට අළුත් වුණා. ජිමින් මේ දිහා බලන් හිටියේ පුදුමාකාර සතුටකින්.

"Cheers to our friendship" මේසේ උඩ තිබ්බ වයින් ශැම්පේන් ග්ලාසස් ඔසවන ගමන් ඔවුන් කෑ ගැහුවා.

තවත් වරක්,
"Cheers to our sweetheart Jimin...." ජන්ග්කුක් කෑ ගහනකොට අනිත් අයත් ඒකටම හවුල් වුණා. ජිමින් හිටියේ බීට් ගෙඩියක් තරමට රතුවෙලා. ජිමින් නිසා ජන්ග්කුක්ගේ හැමදේම හොඳම විදියට සිද්ධවුණා. සෑම් ඩෙරික් ජැකී එතනින් එහා මෙහා වෙනකොට ජිමින් කතාවකට මුළ පිරුවා.

"කුකී.... අප්පා මොකද කිව්වේ..." ජිමින් ඇහුවේ වයින් උගුරක් තොලගාන ගමන්.

"ඔහ් ජිමිනී.... අප්පා ගොඩක් සතුටු වුණා. එයා විශ්වාස කලේම නෑ. ඒත් රිසාල්ට් ශීට් එක නිසා එයාට විශ්වාස කරන්න වුණා. එයා මාව බිස්නස් වලින් රිලීස් කරනව කිව්ව මිනී. එයා කිව්වා මම කැමතිම subject එකකින් degree එක කරන්න කියලා. එයා කැමතියි මම ඇමෙරිකා වල ස්ටඩි කරන්න යනවට..." ජන්ග්කුක් කිව්වේ සතුටින් හිනාවෙන ගමන්. ජිමිනුත් ජන්ග්කුක්ගේ අප්පාගෙ වෙනසට සතුටු වුණත් අවසානයට කියපු දේ නිසා ජිමින්ගේ මූණ මැලවුණේ වේදනාත්මක සිනාවක් මුවෙන් පිටවෙනකොට.

𝗦𝗶𝗹𝗹𝗮𝗴𝗲 💌 [ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ] Where stories live. Discover now