Epilogue : ප්‍රේමය ප්‍රේමයම විය.

660 183 94
                                    

☝️(Please read Part 20 before reading this.)☝️

දෛවෝපගත හමුවීම් කොතැනක කොයි මොහොතක සිදුවනවාද යන්න කිසි ලෙසකින්වත් අනුමාන කල නොහැකියි. හොඳම යාළුකම්, ලේ බැඳීමට පමණක් දෙවෙනි වූ සහෝදරකම් පමණක් නොව සතුරන් පවා නොබිඳිය හැකි ලෙසක ප්‍රේමයෙන් බැඳෙන ලෝකයක මෙවැනි හමුවීම් කොතෙකුත් සිදුවන බව නොරහසක්.

පාර්ක් ජිමින් ජියොන් ජන්ග්කුක් එකිනෙකාගේ ආත්මීය සුවඳ ගැඹුරින්ම හඳුනාගත් මොහොතේ නොබිඳිය හැකි ලෙස එකිනෙකා වෙත බැඳුණේ, තේරුම් ගැනීමේ සාමාන්‍ය අවශ්‍යතාව පරයා දෙදෙනා දෙදෙනාගේම ආත්මයන් ගැඹුරෙන්ම ස්පර්ශ කරමින් ය. හේතුවක් නොමැතිවම ඔවුන් එකිනෙකාට ප්‍රේම කළේය. ඉදින් ප්‍රේමය එහෙම ය. බැඳෙන්නේ හෙතූන් නොමැතිව ය.

ජන්ග්කුක් ඇමෙරිකා යන්න සූදානම් වෙනකොට ජිමින් හිටියේ වේදනාවට පත්වෙලා. හමුවීම හිමිවීමත් එක්ක අහිමිවීමේ බය ජිමින්ට එදා දැනෙමින් තිබුණා. ඒත් ජන්ග්කුක් සිදුකලේ ජිමින් කිසිම දවසක ජන්ග්කුක්ගෙන් බලාපොරොත්තු නොවුණු දෙයක්. සියල්ලම සිදුවී අවසානයේදී ජිමින්ගේ මාම් මිසිස් පාර්ක් ජිමින්ට ඇමෙරිකා යාමට අවසර ලබා දුන්නේ ජිමින්ව පුදුමයට පත්කරමින්. සියල්ලම ජන්ග්කුක් ප්ලෑන් කරපු විදියටම සිද්ධ වෙනකොට එහි අවසාන ප්‍රතිඵලයන් වුණේ ජිමින් සහ ජන්ග්කුක් උසස් අධ්‍යාපනය සඳහා ඇමෙරිකව වෙත පිටත් වීමත්, එහිදී දෙදෙනාම විශේෂ උපාධි ලබා ගැනීමත්,2023 වසරේදී ඔවුන්ගේ විවාහය සිදුවීමත් සහ ඔවුන් ඇමෙරිකාවේ නීත්‍යානුකූලව පදිංචි වීමත් යන අතිශය පුදුමාකාර කාරණායි...

~•🌻•~

ජන්ග්කුක් අවසන් ලියුම ලද පසුව විමසීම් දහසක් අවසානයේ ලියූ ලියමනක් විය. ජන්ග්කුක් ඒ ජිමින් වග සම්පූර්ණයෙන්ම තේරුම් ගත්තා වුවත්, අවසානයේදී සිදුවු දෙය ඔහු කිසිවිටෙකත් බලාපොරොත්තු නොවූවා. එදා ඔහු පිලිතුරු ලිපිය තම සාක්කුව තුලම ගුලි කරගත්තේ එක් ක්ෂණයකට තම තීරණය ගැන අවිනිශ්චිතතාවයකට පත් වූ මොහොතේයි.

අද ඔවුන්ගේ ආදර කතාවේ වසර 10ක් ගෙවී යන දවස. මීට සතියකට කලින් නැවතත් දකුණු කොරියාවේ සෝල් නුවර බලා පැමිණි ප්‍රසිද්ධ ඉංග්‍රීසි සාහිත්‍ය ගුරුවරයෙක් වුණ ජියොන් ජිමින් සහ තරුණ කාලගුණ හා භූ විද්‍යා මහාචාර්යවරයෙක් වුණ ජියොන් ජන්ග්කුක් හිටියේ තමන්ගේ උසස් පාසලේ සංගීත කාමරය අසල වූ චෙරි බ්ලොසම් ගහ යට. නත්තල් නිවාඩුව නිසාවෙන් සිසු සිසුවියන්ගෙන් ශුන්‍ය වුණු නිස්කලංක පරිසරයක් ඒ අවට නිර්මාණය වී තිබුණා. අවට වටපිටාවේ ගොඩනැගිලි සියල්ලම වෙනස් වී පැවතුනත් පිලිතුරු ලියුම ගැන බලාපොරොත්තු තබාගෙන සිටි චෙරි බ්ලොසම් ගස තවමත් එලෙසින්ම පැවතුණා. ජන්ග්කුක් හිටියේ තම ආදරවන්තයාගෙ එක් අතක ඇඟිලිවල තමන්ගේ අතක ඇඟිලි පටලවගෙන.

𝗦𝗶𝗹𝗹𝗮𝗴𝗲 💌 [ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ] Where stories live. Discover now