20. අනාගතයේ දවසක...

581 169 45
                                    

Date : 22nd of November, 2026
Location : Apex Luxury Apartment, LA, USA

ජන්ග්කුක් සවස 6ට අපාර්ට්මන්ට් එකට ආවෙ හරියටම සතියකට පස්සේ. දවස් 7ක සාර්ථක සමීක්ෂණයකින් පස්සෙ මාස එකහමාරක නිවාඩුවක් එක්ක ජන්ග්කුක් අපාර්ට්මන්ට් එකට ඇතුළු වුණේ පුදුම තරම් සැනසීමකින්. කෝට් එකත් එක්ක ලොකුම ලොකු ට්‍රැවලින් සූට්කේස් එකත්, සයිඩ් බෑග් එකත් ලිවින් රූම් එකෙන් තිබ්බ ජන්ග්කුක් හෙමින් හෙමින් පය තිබ්බෙ කිචන් එකට. කිචන් එකේ රාත්‍රී ආහාරය පිසිමින් සිටි තම ආදරවන්තයා පසුපසින් වැළඳගත්ත ජන්ග්කුක් ඒ නිරුවත් උරහිස් මත හාදු තැවරුවා.

"ඔහ් දෙවියනෙ ජන්ග්කුක්.... ඔයා ඇවිත්... මම හිතුවෙ පාන්දර වෙයි කියලා.. අයි මිස්ඩ් යූ සෝ මච් ලව්...." පසුපස හැරී තම ආදවන්තයාව තදින් වැළඳගත්ත ජිමින් ජන්ග්කුක්ගේ තොල් අල්ලගත්තා.

"ඔයාට මාව කොච්චර මිස් උනාද ලව්...." ජන්ග්කුක් ඇහුවේ ජිමින්ගේ සිරුරේ උඩ ඉඳලා පහලටම බලන ගමන්.

"ඔයාට හිතාගන්න බැරි තරම්..." ඇහැක් ගහන ගමන් කිව්ව ජිමින් ජන්ග්කුක්ගේ ටයි එක ගැලෙව්වා. හෙමින් හෙමින් ජන්ග්කුක් ඇඳන් හිටපු කමිසයේ බොත්තම් එකින් එක ලිහිල් කරපු ජිමින් නැවතත් ජන්ග්කුක්ගේ තොල් මත හාදුවක් තිබ්බේ ජන්ග්කුක් ජිමින්ගේ ගෙල පසුපසින් අල්ල ගන්නා අතරෙදියි. ඒත් එක්කම ජන්ග්කුක්ගෙන් ඈත් වුණ ජිමින් ජන්ග්කුක්ගේ උරහිස් වලින් අල්ලගත්තා.

"කොච්චර මිස් වුණත් කමක් නෑ මහත්තයෝ... ඉක්මනින් වොෂ් එකක් දාන් එන්න. අපි දෙන්නටම අද එකට ඩිනර් ගන්න පුලුවන්. ඉක්මනින් එන්න...." ජන්ග්කුක් මූණ නරක් කරගන්නකොට ජිමින් ගිග්ලින් හිනාවකින් ජන්ග්කුක්ව කිචන් එකෙන් එළියට තල්ලු කලා.

ජිමින් අතින්ම පිලියෙල වුණු ප්‍රනීත රාත්‍රී ආහාර වේලක රස බැලුවට පස්සෙ ජන්ග්කුක් වගේම ජිමින් හිටියේ ලිවින් රූම් එකේ බියර් එකක් තොල ගාන අතරේ චිත්‍රපටයක් නරඹන ගමන්. බියර් කෑන් එක පැත්තකින් තියලා ජිමින්ගේ උකුල උඩ උඩුකය නිරුවත්ව හිස තබාගත්ත ජන්ග්කුක් ජිමින්ගේ කුස උඩින් හාදු තවරන්න වුණෙ හැඳසිටි ටීෂර්ටයටත් උඩින්. ජිමින්ගේ අත ජන්ග්කුක්ගේ නිරුවත් උඩුකයේ පැහැදිලිව වෙන්වී තිබෙන ඇබ්ස් උඩ රටා අඳිනකොට හිස ඉහලට ඔසවපු ජන්ග්කුක් ජිමින්ව හාදුවකට ඇදගත්තා. ස්ට්‍රෝබෙරි රසැති මහත තොල්පෙති වල ඇති තරම් රස බලපු ජන්ග්කුක් කෙලින් වෙලා සොෆාවෙ ඉඳගත්තේ ජිමින්ව තමන්ගේ උකුලට ඇදගන්න ගමන්.

𝗦𝗶𝗹𝗹𝗮𝗴𝗲 💌 [ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ] Where stories live. Discover now