17. CSAT (Suneung) Results

464 175 10
                                    

දින සති මාස ගෙවීගියේ ඉතාම වේගයෙන්. පාසැල් අධ්‍යයන නිවාඩුවට පසුව අවසන් වසර විභාගය අවසන් වී සති තුනකුත් ගතවී හමාරයි. අවසන් විභාගයෙන් පසුව ජන්ග්කුක් තමන්ගේ සුපුරුදු නිවසට ගියා වුණත් එහි තිබුණේ කම්මැලිකමින් පිරුණු අලස දවස් පමණයි. මේ වන විට පාර්ක් මන්දිරයේ පුස්තකාලයේ අඩුව ජන්ග්කුක්ට තදින්ම දැනෙමින් තිබුණා. පුස්තකාලයේ වත්මන් අයිතිකරුගේ අඩුව පවා..... ජන්ග්කුක් තම පියාගේ පෙරැත්තය නිසාම මේ වන විට ඔහුගේ ව්‍යාපාරික කටයුතු ගැන ඉගෙන ගනිමින් සිටියා. අවුරුදු දෙකක පුහුණු කාලසීමාවකින් පසුව ව්‍යාපාරයට තම එකම පුතා සම්බන්ධ කරගැනීම ඔහුගේ සිහිනයක් වුණා. ජන්ග්කුක් උපාධියක් ලබාගනී යැයි සිතීම පවා ඔහුව විහිළුවක් වී තිබුණා.

අවසන් විභායෙන් පසුව ජිමින් දිගින් දිගටම තමන්ගේ ගෙවතු වගා වැඩ වලට අවදානය යොමු කලා. මිසිස් පාර්ක් අවසාන විභායෙන් පසුව උසස් පාසලෙන් ඉවත්ව සෝල් නැශනල් යුනිවසිටි එකේ පූර්ණ කාලීන ආචාර්යවරියක් ලෙස වැඩ බාරගෙන තිබුණා. ඒ නිසාවෙන් රාත්‍රී 8 පමණ වනතුරු ජිමින් හිටියේ තනිවමයි. නැනී සිටියත් ඔහුගේ ලෝකයේ ගොඩනැඟී තිබුණාවූ පාළුව මකන්නට ඇයට නොහැකිවුණා. ජන්ග්කුක් සති අන්තයක ඉඳ හිටක පැය තුනක් හතරක් ජිමින් වෙනුවෙන් වෙන් කලත් ඔහුගේ පියාගේ කරදරකාරි දුරකතන ඇමතුම් හමුවේ ජන්ග්කුක්ට එය පැයකට දෙකකට සීමා කරන්නට සිදු වුණා.

කාලය ඉතාම ඉක්මනින් ගෙවී යන බව නොරහසක්. අවසන් වසර විභාගයෙන් හරියටම මසකට පසුව Graduation ceremony එකත් එක්කම Farewell Party එක සූදානම් කර තිබෙන බව පාසැල් වෙබ් අඩවියේ සටහන් කර තිබුණා. ජිමින් වගේම ජන්ග්කුක් හිටියෙ කලබලෙන්. ජන්ග්කුක් තමන්ගේ පිලිතුරු ලිපිය ලියන්න වගේම ලස්සනට අඳින්නත් කලබල වෙනකොට ජිමින් කිසිම හෙතුවක් නැතිව කලබල වුණා. ජිමින් farewell party එකට ඇඳුම ගත්තෙ announcement එක දෙන්න සතියකට කලින්. ඒත් ජිමින් කලබලෙන්. ජිමින් කාමරේ ඇඳට වෙලා ලොකු කල්පනාවක ගිලෙමින් හිටියා. ඒත් එක්කම දුරකතනය නාදවූ නිසාවෙන් නමක් බලන්නට කරදර නොවීම ජිමින් ඇමතුමට පිලිතුරු දුන්නා.

"මිනී හෙට ෆයිනල්ස් වල රිසාල්ට්ස් දාන දවස... මට බයයි"

"ක්...කුකී, මටත් බයයි වගේ... පාස් වෙලා ඇති නේද..?"

𝗦𝗶𝗹𝗹𝗮𝗴𝗲 💌 [ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ] Where stories live. Discover now