14. ජන්ග්ශොක් සහ නවවෙනි ලියුම

485 168 42
                                    

ජන්ග්කුක් හිටියේ වොශ් රූම් එකේ දොරට හේත්තුවෙලා හයියෙන් හුස්ම ගන්න ගමන්. උදේ පාන්දර ජන්ග්ශොක් වුණ ජන්ග්කුක් තවම යතා තත්ත්වයට පත්වෙන ගමන්.

"යා ජියොන් ජන්ග්කුක් තමුන් මේ දැන් ජිමින් එක්ක එක ඇඳේ නිදාගෙන හිටියා.." දොර ඉස්සරහ සවි කරල තියෙන කණ්නාඩිය දිහා බලාගෙන ජන්ග්කුක් කල්පනා කලා.

"මොකක්ද තමුන් ඒ කලේ...." ජන්ග්කුක් ආපහු තමන්ට තරවටු කරගන්නකොට කණ්නාඩියෙන් පේන තමන්ගේ මූණ දෙපැත්ත ජම්බු ගෙඩියක් තරම් ‍රතුපාට වෙලා තියෙන විදිය ජන්ග්කුක් දැක්කා. එයාට ලැජ්ජ හිතිලා.
(යාලුවො නිසා රතුවෙන්නෙපා ජන්ජන්)

හරිම මෝඩ විදියට ජිමින්ව මඟ හැරලා තමන්ගෙ කාමරේට දුවගෙන ඇවිත් වොශ් රූම් එක අස්සට රිංගගෙන කල්පනා කරපු ජන්ග්කුක් ඉක්මනට වොශ් අප් වුණේ ස්පෝට් ක්ලබ් එකට යන්න. අද දවසම ජිමින්ව මඟ හරින්න ඒක හොඳ හේතුවක් විදියට ජන්ග්කුක් දැක්කා.

................................................

ඉරිදා දවස ගෙවිලා ගියේ ගොඩක් වේගයෙන්. හැබැයි ඒ ජන්ග්කුක්ට. ජිමින්ට නම් ඉරිදා දවස හරිම දිග එකක් වුණා. ජන්ග්කුක් ගියාට පස්සෙ යන්තම් මූණ හෝඳගත්ත ජිමින් යෝගා මෙට්‍රස් එකත් අරන් බැල්කනි එකට ගියා. සූර්‍යය නමස්කාරය කරාට පස්සෙ මෙට්‍රස් එක උඩ දිගා වුණ ජිමින් කලේ පැය දෙකක් විතර නැනී කතා කරනකල්ම උඩුබෙලි අතට ආපහු නිදාගන්න එක. වොෂ් අප් වෙලා උදේ කෑම එහෙන් මෙහෙන් අරන් ජිමින් නැනීට කියලා එළියට ගියේ පොඩ්ඩක් එළියේ ඇවිදලා එන්න කියලා

පැය දෙකකට විතර පස්සෙ ආපහු ආව ජිමින් පුස්තකාලයට ගිහින් එයාගෙ 'ඩිවයින් චෙයා' එක උඩත් පොත අතෙන් ලොකු සද්දක් එක්ක බිමට වැටෙනකල්ම නිදාගත්තා. දහවල් කෑමෙන් පස්සෙ ජිමින් නැනි එක්ක කිචන් එකේ පිස්සු නැටුවා. එයා ස්ට්‍රෝබෙරි වගේම බනානා මිල්ක්ශේක් හදන හැටි ඉගෙන ගත්තා. තව ඇවකාඩෝ ජූස්, පපායා ජූස්, වෝටමෙලන් ජූස් වගේ ගොඩක් ජූස් වර්ග හදන්න ඉගෙන  ගත්තා. හවස් වෙනකොට නැනී එක්ක එකතු වෙලා රෑ කෑම හදපු ජිමින් කෑම හදන විදිය ගැනත් චූටි චූටි අදහස් ඔලුවට දාගත්තා. එයා ඒවා කරන්නෙ ඇයි කියලා තෙරුමක් තිබ්බෙ නෑ. සමහර විට කම්මැලිකම නිසා නැත්තන් අලුත් දෙයක් අත් හදා බලන්න තියෙන උවමනාව නිසා වෙන්නත් පුලුවන්. කොහොම හරි ජිමින් හැමදාම නැනිගෙන් උයන්න ඉගෙන ගන්න නැනීට පොරොන්දුවක් වුණා.

𝗦𝗶𝗹𝗹𝗮𝗴𝗲 💌 [ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ] Where stories live. Discover now