♡ PART 02 ♡

687 151 5
                                    


ජේකේ ජිමින්ව ඇඳෙන් තියද්දිත් ජිමින්ට හොඳටම නින්ද ගිහින් කියන්න එයාගෙ බූල් පිරුණ ගෝල්ඩ් පාටට හුරු වලිය ඇඳෙන් පහලට පණ නැතුව කඩන් වැටුනා..

ජේකේ ජිමින්ගෙ ඔළුව කොට්ටෙට තියලා එයාගෙ අත ගන්න ගමන් ඒක දිහා බලලා හිනා වුනා..එයා කඩන් වැටෙන දිග වලිගෙත් ඇඳ උඩින් තියන්න යද්දි වලිගෙ අග විතරක් ජිමින් නින්දෙන්ම හෙලෙව්වා..

ජේකේ එකත් පැත්තකින් තියලා ජිමින්ගෙ ඉස්සිලා තියන දිග ෂර්ට් එක හරි ගැස්සුවෙ පුළුවන් තරම් එයාගෙ නිකැළැල් ඇඟ දිහා නොබලන ගමන්..ජිමින්ගෙ ෂර්ට් එක දණහිසෙන් ඉවර වෙද්දි එයාට දාපු දිග සිනිඳු මේස් දණහිස ලඟටම දික් වුනා..

ජේකේ ජිමින් ලඟින්ම නිදා ගන්න ගමන් මීට සති දෙකකට කලින් අතීතය මතක් කලේ හිනා වෙවී..

ජිමින් ජේකේ ළඟට ඇවිත් තාම සති දෙකයි....

_____________________________________

සති දෙකකට පෙර....

Jeon Jungkook Pov 💜

ලෝකෙ වෙන්න පුළුවන් දේවල් තියනවා බැරි දේවල් තියනවා කියන මතේ මං හිටියා.හැබැයි ඒ මෙන්න මේ අද දවසට කලින්.

"සර්..මේක කරන්නම ඕනිද?.."

මං අන්තිම පාරටත් ගිහින් ප්‍රොෆෙසගෙ කනට ලං වෙලා ඇහුවා.ඇත්තට ඒක විහිළුවක් වගේ.තව තත්පර පනස් අටකින් කොහොමත් ටෙලිෆෝටර් එක ඕපන් වෙනවා.ඒක නවත්තන්න බෑ..ඉතිං ප්‍රොෆෙසර් කොහොමත් මං දිහා බලලා ඇහුවෙ මං හිතපු දේම තමා.

"ජන්කුක් ඔයා මට විහිළු කරනවද? දැන් මේක නවත්තන්න බැහැ කියලා දන්නවනෙ..මොකුත් වැරැද්දක් නෑ නේද? ඔයා චෙක් කලානෙ?"

"ඔ..ඔව් සර්..."

මං කොහොම කියන්නද දෙවියනේ මැග්නට් එකේ අවුලක් තියේ කියලා.ඔක්කොම තියෙන්නෙ මැග්නට් එකේ පවර් එකෙන්...

මගුල වැඩේ කියන්නෙ මේ ලඟ තිබුන විදුලි බලාගාරයක් එකපාරට වැඩ කරන්න ගනී කියලා දැන ගන්න මට දිව්‍යඥානෙ නෑනෙ.කියන්න ඕනි නෑනෙ ඉලෙක්ට්‍රික් එක මැග්නට් එකට කොච්චර හොඳට බලපානවද කියලා...

Coming From 3001 [▪︎COMPLETED▪︎]Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ