♡ PART 13 ♡

468 140 11
                                    

"ජිමිනී කෝ ඉතිං නැගිටින්න බෝලේ.."

ජේකේ ජිමින්ගෙ අතින් ඇදගෙන නැගිට්ටවන්න යද්දි තමා එයාගෙ ඇස් වලට ජිමින්ගෙ ඇත් දළ පාට නිරුවත් ඇඟ අහු වුනේ.ජිමින්ගෙ රෝස තොල් එයා ඊයේ හේතුවක් නැතිවම අල්ල ගත්ත හැටි..ජිමින් ඇස් ලොකු කරන් බලන් හිටිය හැටි එයාට දැනුයි මතක් වුනේ.ජේකේට ඇත්තටම තේරුණේ නෑ එයා ඇයි ජිමින්ව කිස් කලේ කියලා..

එක අතකට ජිමින් ඒ ගැන මොකුත් දන්නෙ නෑනෙ.ජිමින් හිතුවෙ එයාට ජේකේව වෙලාවකට හපන්න හිතෙනවා වගේ ජේකේටත් එයාව හපන්න හිතෙනවා ඇති කියලා.ඉතිං එයාට ඒක ලොකු ප්‍රශ්නෙකුත් නෙවෙයි.ඒත් එයා ඒකට ආස වුනා..

"ජි..ජිමිනි ඔයාට...ඇඳුමක්...."

ජේකේ එයාගෙ හදවත අසාමාන්‍ය තාලෙකින් ගැහෙද්දි කියද්දි ආයෙමත් යුන්ගිගෙ කටහඬ දොරෙන් එහා පැත්තෙන් ඇහෙන්න ගත්තා.

"ජේකේ ජිමින්ට ඇඳුමක් ආ...මේ දොර ඇරලා අන්දගෙන ඉක්මනට එනවා..විනාඩි පහෙන් එයාලා මෙතන."

ජේකේ හොඳ සිහියට ඇවිත් ජිමින්ගෙ ඇඟ ඩුවට් එකකින් ඔතලා ඇඳේම තියලා දුවලා ගිහින් දොර ඇරලා යුන්ගි දික් කරන් ඉන්න ඇඳුම ගත්තා.

"ජිමිනි කෝ එන්න මේක අඳිමු...."

ජේකේ ඇඳුම දිග අරිද්දි ජිමින් ඩුවට් එක අස්සෙන් පැනලා ජේකේ ගාවට ඇවිදන් එද්දි ජිමින්ගෙ චූටි රොස පාට යටි පතුල් වල ඉඳන් එයාගෙ බූල් පිරුණ කඩා හැලෙන ක‍න් දෙකට යනකන් අඟලක් නෑර ජේකේ ඇස් අරන් ගියා.

ජේකේට දැනුනා එයාව ඇතුළතින්ම හිරි වැටිලා යනවා.

'ජිමින් කියන්නෙ ඇස් දෙකට දකින්න පුළුවන් සුරදූතයෙක් මිහිපිට ඉන්න.'

ජේකේට හිතුනෙ එච්චරයි..

ජේකේ ජිමින්ට යුන්ගි ගෙනත් දුන්න පපී කෙනෙක්ගෙ ඇඳුම ඇන්දුවෙ ජිමින්ගෙ ඇඟ පුරා දුවන එයාගෙ ඇස් වලට තරවටු කරන්මයි.

ඊළඟට එයා ජිමින්වත් වඩානම පහලට යද්දි යුන්ගි එක්කම ටේ ඇස් බෝල කරන් එයාලා එනකන් බලන් ඉන්නවා.එයා ජිමින්ව ටේ ගාවින් ම බිම තිබ්බා.

"අහන්නකො දෙන්නම...අපි සෙල්ලමක් කරන්න යන්නෙ..ඔයාලා  හැංගෙනවා.අපි දෙන්නා හොයනවා..එහෙම නේද යුන්ගි..?"

"මොකක්..?" යුන්ගි ඇස් ලොකු කරන් ජේකේ දිහා බැලුවෙ මෙයා මේ මොනවද කියවන්නෙ කියලා හිතන ගමන්..

"අහ්ම්..මං කිව්වෙ අපි මේ දෙන්නට හැංගෙන්න කියලා හොයනවා නේද..?"

ජේකේ යුන්ගි දිහාට රවානම දැඩි ස්වරයෙන් ඇහුවාම යුන්ගි ජේකේ කථන දේ තේරුම් ගත්තෙ නැතත් 'ඔව්' කියන්න ඔළුව වැනුවා.

"හරි ඔයාලා දෙන්නා කොහේ හරි හැංගෙන්න..දුවලා දුවලා දුවලා ගිහින් හොඳට හැංගෙන්න.හැබැයි අපිට පේන්නෙ නැති වෙන්න.මොකද ඔයාලාව අපි හොයා ගත්තොත් දඬුවම හයියෙන් ගහන එක..ගොඩක් හයියෙන් ගහනවා.සෝ අහුවෙන්න එපා.."

ජේකේ ජිමින්ගෙයි ටේ ගෙයි ඇස් වලට දැඩි හඬින්ම කියද්දි දෙන්නම ඇස් ලොකු කරන් බලන් හිටියා.

"ජේ...කේ.." ජිමින් මිමිණුවෙ විශ්වාස නැති කටහඬින්..

"දුවන්න කිව්වෙ...කෝ දුවනවා..දැන්ම.ගුටි කන්න ඕනිද..? තුනට ගැනලා ඉවර වෙද්දි දුවලා ඉන්න ඕනි.අපි හොයා ගන්නකන් එළියට එන්න එපා....දුවනවා සැරයක් කිව්වම..! "

"වන්..."

"ජේකේ ඒත් ජිමිනිට....."

ජිමින් හොඳට ම බය වෙලා හිටියෙ.එයාගෙ තොල් පිටට පෙරළුනේ අඬන්න ඔන්න මෙන්න කියන්න..

'ජේකේ ඇයි ජිමිනිට සැර කරන්නෙ..'

ජිමින්ගෙ බෝල ඇස් වල කඳුළු පිරුණා. පළවෙනි පාරට එයාගෙ හදවත රිදෙන්න ගත්තා.ගොඩාක් සැරට.

එයා එයාගෙ රෝස පාට චූටි අත් වලින් පපුව අල්ල ගනිද්දි එයාගෙ කන් තවත් පහලට කඩන් වැටුනා.එයාගෙ බූල් පිරුණ වලිගෙත් පණ නෑ වගේ කඩන් වැටිලා.

'ජිමිනිගෙ ඇතුළ රිදෙනවා..ජේකේ ජිමිනිව රිදෙනවා..ජිමිනිට...ජිමිනිගෙ හදවත එළියට එන්න යන්නෙ..'

ජීවිතේ පළවෙනිම පාරට..!




●____________________________●

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

●____________________________●

කාලෙකින් නේද....?👀 මේක මතක නෑ නේද?🤔

Who Am I To You ඉවර කලානේ.ඒකයි පරක්කු වුනේ මේක...🙃❤

Sorry Babies 😁😘❤

Coming From 3001 [▪︎COMPLETED▪︎]Where stories live. Discover now