♡ PART 22 ♡

480 136 16
                                    


"ජේකේ සන්සුන් වෙනවා! කිව්වම අහල සන්සුන් වෙනවා..! "

"බෑ යුන්ගි අයින් වෙනවා.! ඇත්තටම ප්‍රොෆෙසර් එයාලාව අල්ලගෙන හිර කරන් ඉන්නවා නම් අද මගෙ අතින් මිනීමැරුමක් වෙනවා.එයලා කොහොමද මගෙ දේකට අත තියන්නෙ.."

ජේකේ එයාගෙ උරහිස් වලින් අල්ලන් හිටිය යුන්ගිවත් තල්ලු කරන්න කා එකට දුවද්දි යුන්ගිත් ඒ පස්සෙන් ගිහින් කා එකට නැග්ගෙ දැන් ජේකේව පාලනය කරන්න එයාව බෑ කියලා තේරුම් ගත්තම.ජේකේ ඒ තරම් තරහෙන් ඉන්නවා එයා දැකලා තිබුනෙ ම නෑ.

විනාඩි කිහිපයකට පස්සෙ ජේකේගෙ වේගේ නිසා එයාලා හිටියෙ ප්‍රොෆෙසගෙ මැන්ශන් එක ඉස්සරහ.ජේකේ තරහත් කා එකේ දොර පිටින් දාලා හයියෙන් වහන ගමන් ගේට් එකට ගහන්න ගත්තෙ තරහෙන් පුපුර පුපුර.

"මේක අරිනවා..යාහ්..! මං දන්නවා තමුසෙ බලන් ඉන්නෙ කියලා.අරිනවා මේක! ආෂ් අරිනවා කිව්වම අහලා ! "

ජේකේ ගේට් එකට පයින් ගගහා කෑ ගහන්න ගත්තෙ එයාගෙ නහර පවා රතු වෙලා අත් වල මතු වෙද්දි.යුන්ගි මොන තරම් තරහින් හිටියත් ජේකේ තරම් ආවේගයන් හැසිරෙන කෙනෙක් නෙවෙයි නිසා එයා ඇතුළට යන්න වෙන විදිහක් තියේද කියලා බැලුවෙ.

ඒත් වටේම උස වෝල් එක නිසා කොහෙත්ම පනින්න නම් විදිහක් නෑ කියලා එයා තේරුම් ගත්තා.ඒත් ඒ එක්කම ගේට්ස් ඇරුනේ යුන්ගි පුදුමෙන් ඒ පැත්ත බලද්දි.

"හියෝන්ග් එන්න.."

ජේකේ යුන්ගිට කෑ ගහන්ම ඇතුළට දිව්වෙ කා එක තාම පාරෙ කියන එකවත් හිතන්නෙ නැතුව.

ජේකේ කෙලින්ම ඇරලා තිබුන දොරෙන් ලිවින් රූම් එකටම දිව්වෙ කිසිම දෙයක් ගණන් ගන්නෙවත් නැතුව.යුන්ගිත් එයා පස්සෙන්ම දුවන් ආවා..

"ජිමින් ?! ජිමින් ඔයා ඉන්නවද? ජිමින් කතා කරන්න..ඔයා මෙහෙ නේද? ජිමින් මම ජේකේ ! ජිමින් කතා කරන්න ! ජිමින්..ජිමින්.........යාහ් ජිමිමිමිමිමිමින් ! "

ජේකේ ලිවින් රූම් එක මැද ඉඳන් කෑ ගහන්නෙ එයාගෙ ඇස් වලින් වැටෙන්න එන කඳුළු රළු විදිහට අත් වලින් පිහදාන ගමන්..

යුන්ගි වටේම රූම් වල දොරවල් කැඩිලා යන තරම් හයියෙන් අරින ගමන් ටේ වයි ජිමින්වයි හෙව්වෙ පිස්සෙක් වගේ.එයා හැම තත්පරයකම තොල් අතරින් මිමිණුවෙ එක අකුරයි...

"ටේ ටේ...ටේ...ටේ..ටේ....ටේ..ටේ...."

"ඔය දෙන්නා මොනව හරි හොයනවද ?"

ජේකේ යුන්ගි දෙන්නම එක පාරට ආව කටහඬින් ගැස්සිලා ඒ පැත්තට ඇස් ගෙනිච්චා.

"ප්‍රොෆෙසර් ! "

යුන්ගි කිව්වෙ පඩිපෙල හරිම සන්සුන්ව බහින මැදි වයස් මහාචාර්යවරයා දිහා තරහින් වගේම පුදුමෙන්.

"ඔයා ගාව නේද ඒ දෙන්නා? ඔයාටයි එයාලාව අල්ල ගන්න ලොකු උවමනාවක් තිබුනෙ.කියනවා කොහෙද ඒ දෙන්නා."

කෑ ගහලා තරහින් දුවන් ගිය ජේකේ හැදුවෙ මහාචාර්යවරයාගෙ කොලර් අල්ලගෙන බෙල්ල තද කරන්න වුනත් ආව කටහඬත් එක්ක එයාගෙ අත් එකපාරට ලිහිල් වුනා..

"ජේකේ...! "

"ජිමිනි..."

ජේකේ ඉක්මනට බැලුවෙ පඩිපෙළේ උඩම...

එයාගෙ ජිමින් පුංචි බබෙක් වගේ එයාටත් වඩා ලොකු පින්ක් පැන්තර් කෙනෙක්ව අත් වලින් ගුලි කරන් පඩිපෙල බහිනවා.එයාගෙ එක අතක බෝල ඇඟිලි වලින් හයියෙන් අත් වැට අල්ලන් හෙමින් බහිද්දි අනිත් අතේ පැන්තර් බිම දිගේ ඇදිලා එනවා.දැන් නින්දෙන් නැගිට්ට බබෙක් වගේ තාමත් එයා නිදිමතේ නැවතිලා ඇසුත් පොඩි කරනවා.ලොකු නිල් පාට මාරු ඇඳුමක් අස්සෙ ඉන්න එයත් මාළු පැටියෙක් වගේ ජේකේට පෙනුනෙ.

"මගෙ ජිමිනි..."

ජේකේ මිමිණුවෙ ඇස් කඳුළු වලට හොඳටම බොඳ වෙද්දි බිඳුන කටහඬින්..

ජේකේ මිමිණුවෙ ඇස් කඳුළු වලට හොඳටම බොඳ වෙද්දි බිඳුන කටහඬින්

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.



●____________________________●

There are only two parts left.

🙃❤



Coming From 3001 [▪︎COMPLETED▪︎]Onde histórias criam vida. Descubra agora