♡ PART 10 ♡

519 141 29
                                    

ජේකේ තද නින්දෙ හිටියෙ නැති නිසා එයාට දැනුනා ජිමින් ඇඳට ඩවුට් එක අස්සෙන් රිංගලා එනවා.එයා නොසෙල්වී ම ඉද්දි එයාට ජිමින්ගෙ වලිගෙ එයාගෙ ෂර්ට් එකක් තිබුන් නැති ඇඟේ ගෑවිලා කිති කැවෙනවත් දැනුනා.

ඒත් ජිමින් එයාගෙ ඇඟට කකුලක් දාලා තුරුළු වෙද්දියි එයාව සම්පූර්ණයෙන්ම හිරි වැටිලා ගියෙ.

"ජිමින් ! "

"ඕඕ..ඔයා දොයි නෑද..?"

"කෝ ඔයාගෙ ඇඳුම්..? මට කියන්න ඔයා ෂර්ට් එකක් දාගෙනද ඉන්නෙ..?"

ජේකේ ජිමින්ගෙ ප්‍රශ්නෙ ඇත ඇරලා එයාගෙන් කෙලින්ම ඇහුවෙ යන්තම් ඩවුට් එකෙන්  එළියට දාන් ඉන්න ජිමින්ගෙ මූණ දිහා බලන්.

"ම්හු...ජිමිනිට සස්නෙයි..."

"ඒ..ඒත් එහෙම කියලා කොහොමද....?"

"ජේකේ කිව්වා ආදරේ කරන කෙනාට ජිමිනිව බලන්න පුළුවන් කියලා."

ජිමින් තව තව ජේකේට තුරුළු වෙලා බෙල්ල අස්සෙ මූණ තියාගෙන එයාගෙ චූටි දත් වලින් එයාව හපන්න ගත්තා..ජේකේ ඇස් පියාන ජිමින්ගෙන් දැනෙන චූටි ස්පර්ශ වලට ඇඩික්ට් වෙලා  වගේ හිටියෙ..එයා ජිමින්ගෙ හීනි ඉණ  වටේ අත යවලා එයාව ලඟට ගන්න ගියත්...

' නෑ ජේකේ නෑ...එයා කියන ඒවා අහන්න එපා..එයා ඔයාට පරීක්ෂණයක්..නිකන්ම නිකන් පරීක්ෂණයක්..'

ජේකේගෙ මොළේ ඇතුලෙන් කෑ ගහනවා..ජේකේ එයාව සන්සුන් කරගන්න හයියෙන් හුස්ම ගන්න ගත්තා.ජිමින්  ජේකේගෙ පපුව උඩින් එයාගෙ බූල් පිරුණ කනක් තියා ගත්තෙ එක පාරට.

"ඕ..ජේකේගෙ හදවත හයියෙන් ගැහෙනවා..ලබ් ඩබ්..ලබ් ඩබ්.....ඌහ්...'ලබ් ඩබ්' කියනවා එයා.."

"ජිමින්...ඔයා..."

"ජිමිනි ජේකේ ගැන හිතද්දි ජිමිනිගෙ පපුවත් ලබ් ඩබ්.. ලබ් ඩබ්...ලබ් ඩබ් කියනවා..."

ජේකේගෙ ඇස් වලට එබුන ජිමින් තොල් උල් කරලා කියවනවා..

'ජේකේ ඔයා කොහොමද මේ අහිංසකයට එහෙම කරන්නෙ..? එයා ඔයාට ඇත්තටම ආදරෙයි..ඒ ඔයාගෙ හුරතලේ...ඔයාගෙ විතරයි...'

ජේකේගෙ හදවත හරිම මෘදු විදිහට කතා කලා..ජේකේගෙ හදවත ජිමින් වෙනුවෙන් තාලෙට ගැහෙනවා.

"ජිමිනි ජේකේට ඇත්තටම ආදරෙයිද..? එහෙනම් ජේකේ දෙයක් ඉල්ලුවොත් ජේකේට දෙනවද..?"

"ජේකේට ඕනි දෙයක් ජිමිනි දෙනවා.මේ තූටි වලිගෙ ඕනිද...? කෝමත් එයා කරදරයි..ආ ජිමිනිගෙ තූටි ඇඟිලි ජේකේට ඕනිද...? ජිමින්ගෙ බෝල ඇස්..? ජිමිනිගෙ......"

"ජිමිනිගෙ රෝස තොල්..!  ජේකේට ජිමිනිගෙ රෝස තොල් දෙනවද..?"

ජේකේ ජිමින්ගෙ හුරතල් කතාව අස්සෙම ඇහුවෙ එයාට තවත් ඒ හෙලවෙන රෝස් සිරප් නෑවුණ තොල් දිහා බලන් ඉන්න බැරි නිසා..

"තොල්..."

ජිමින් එයාගෙ තොල් උල් කරලා කියද්දි ජේකේ ජිමින්ව උස්සලා එයාගෙ ඇඟ උඩට අරන් එයාගෙ චූටි රෝස තොල් අල්ල ගත්තා..

'ජිමිනිව ජේකේ කන්නද යන්නෙ..'

ජිමින් ඇස් ලොකු කරන් බලන් හිටියෙ ජේකේ එයාව කාලා ඉවර වෙනකන්..

♡♡♡

♡♡♡

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මේ....👉👈

මං මේක ලියන ටයිප් එක වෙනස් කරන්නද.. ? මේක මගෙ විදිහ නෙවෙයි..හරි නෑ නේද අප්පා..☹

මගෙ කන් දෙකත් එක්ක රතු වෙනවා මේක ටයිප් කරද්දි..🙈

❤🌷

Coming From 3001 [▪︎COMPLETED▪︎]Where stories live. Discover now