ලිලීව යැව්වට පස්සෙ තියන අඩ සිහියෙන් ජේකේ එක්ක තමන්ගෙ කාමරේට ටේමින් දෙන්නව හොයාන දුවන් ගිය හැටිත් ඒ දෙන්නව හොයා ගන්න බැරි වුන හැටිත් යුන්ගිට මතක් වුනා.
ඒ එක්කම ජේකේ එයාලගෙ කාමරේට දිව්ව වගේම යුන්ගි ආයෙත් ලිවින් රූම් එකේ හැමතැනම බලන්න ගත්ත විදිහ එයාට මතක් වුනා.
"යුන්ගි හියුන්ග්.."
යුන්ගිගෙ පිටිපස්සෙන් සිහින් කටහඬක් ඇහුනෙ එයා පිස්සුවෙන් වගේ ෆ්රිජ් එක ඇතුලේ ටේව හොයද්දි කියලා වගේම ඒ වෙලාවෙත් එයා හිටියෙ මත් වෙලා අඩ සිහියෙන් කියලත් යුන්ගිට මතක් වුනා.
"ඊට පස්සෙ මොකද වුනේ...?"
යුන්ගි තවත් මතක් කරනවා.එයාගෙ ඔළුව පැටළුන නූල් බෝලයක් වගේ..
"අහ් හරි...ටේ අඬ අඬම මං ළඟට ඇවිදන් ආවා..ඇවිත් මට තුරුළු වුනා..මං එයාව වඩාගෙන ඇඳෙන් තිබ්බා..ඊට පස්සෙ...?"
"යාහ් යුන්ගි...! "
යුන්ගි ගැස්සිලා ඇස් ඇරලා මතක ලෝකෙන් බිමට වැටුනෙ කන ගාවින් ම ඇහුන කටහඬින්..ජේකේ එයාගෙ ඇස් ඉස්සරහ හිටියෙ කඳුළු වගේම බය කළකිරීම පිරුණ ඇස් දෙකකින් එයා දිහා බලන් එයාගෙ උරහිස් අල්ලන්..
"යුන්ගියා සිහියට එනවා..! "
"අ..හරි..හරි..මං..මං....ජේකේ ටේ...! ජේකේ ටේ නෑ...! එයා එයා....."
යුන්ගි අනිත් පැත්තට කළබලෙන් කෑ ගහන ගමන් ජේකේවත් පෙරලගෙන නැගිටලා ලිවින් රූම් එකට දිව්වා..
"ටේ ටේ...! කතා කරනවා ටේ..?! කොහෙද ඉන්නෙ කියනවා..! එනවා එළියට ! "
යුන්ගි ලිවින් රූම් එක මැද්දෙම ඉඳන් කෑ ගහන්න ගත්තෙ කම්මුල් වල ගලන කඳුළු රිදෙන්නම අතින් පිහ පිහ.එයා තේරුම් ගත්තා ටේට ඊයෙ රිදුනා වැඩී කියලා.එයාට අර සිහියෙන් වුනත් ටේගෙ කඳුළු පිරුණ ඇස් මතකෙ තිබුනා..
ජේකේ යුන්ගිගෙ කාමරේ බිම වැටුණ විදිහටම ඉඳන් අඬන්න ගත්තෙ යුන්ගිට පෙන්නන්න ගෙනාව ජිමින්ගෙ හම්ටි ඩම්ටි පොතත් තුරුළු කරන්ම..
ජේකේ උදේ ඉඳන් මැන්ශන් එක පුරාම අඬ අඬා එයාගෙ ජිමිනිව හොයලා තිබුනා..ජේකේ දැනන් හිටියා ජිමින්වත් ටේවත් තවදුරටත් මැන්ශන් එක ඇතුළෙ නම් නෑ කියලා..
ඉතිං එයා මේ වෙලාවෙ කරන්න දන්න එකම දේ කෑ ගහලා එයාටම ශාප කරන් අඬන එක විතරයි...
සමහර විට එයාලා දැන් යුන්කුක් දෙන්නගෙන් ගොඩක් දුර ගිහින් ඇති...
ගොඩාක් දුරට....ඒ දෙන්නම දැනන් හිටියා යුන්කුක් දෙන්නට එයාලා පරීක්ෂණ විතරයි කියලා..එයාලා හයිබ්‍රිඩ් ජීවින් විදිහට විතරයි එයාලා දැක්කෙ..විද්‍යා පරීක්ෂණ දෙකක්.යුන්කුක් මේ දෙන්නව අධ්‍යයනය කරලා සාර්ථක වුනොත් හිතා ගන්නවත් බැරි තරම් නමක් එයාලා දිනා ගනී විද්‍යාඥයෝ විදිහට.
ඒත් ටේමින් දෙන්නා එයාලා වෙනුවෙන් බලන් හිටියා..කවදම හරි චූටිම ආදරයක් ලැබෙයි කියලා..
ඒත්...ඒත්..........
ඊයෙ වුන දේ එක්ක කෝමද තවත් බලාපොරොත්තු තියා ගන්නෙ...
ඇත්තටම එයාලාට ටේ මින් දෙන්නා වැදගත් නෑ නේද.....
ඒම නේද......
ජිමිනි ටේගෙ දිග ඇඟිලි අතරෙ එයාගෙ බෝල ඇඟිලි පටලන් අන්තිම පාරටත් මැන්ශන් එක දිහා බලලා අඬ අඬම එළියට බහිද්දි එයාලා ගත කරපු ඒ ලස්සන දවස් ටිකේ ආයෙත් හිත යැව්වා..
"අපි පරක්කුයි මිනී....." ටේ ජිමින්වත් තුරුළු කරන් ආයෙත් පිටිපස්ස බලලා ලොකු හුස්මක් යවන ගමන් ඉස්සරහට ගියා..
ටේ ම විතරයි දන්නෙ....එයාලා මොකටද පරක්කුයි කිව්වෙ කියලා..
යුන්කුක් දෙන්නගෙ ජීවිතේට එන්නද...?
නැත්තම් ආයෙමත් 3001 ට යන්නද...?
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
●_________________________________●
ඒකත් මොන තරම් පුදුම දෙයක්ද..
ජීවිතේ අපි මොන තරම් කොහොම කෙනෙක් වුනත් කඩන් වැටුන හැම සැරේකම අපිත් කරන්නෙ චූටි බබෙක් වගේ අඬන එක..❤
අද නැත්තම් හෙටින් කතාව ඉවර වෙයි..
එන්ඩින් එක sad or happy...සමහර විට දෙකම..❤
![](https://img.wattpad.com/cover/299147011-288-k825104.jpg)
YOU ARE READING
Coming From 3001 [▪︎COMPLETED▪︎]
Fantasy___Jikook___ ___Sinhala___ ___ BL ____ ___ LOVE ____