♡ PART 06 ♡

581 163 46
                                    

ජිමින්ව කා එකේ පැසෙන්ජර් සීට් එකේ වාඩි කරවපු ජේකේ එයාට සීට් බෙල්ට් එකත් දාලා ඩයිවින් සීට් එකට ගියා.එයාලාගෙ පාකින් එකේ ගේට්ස් ඇරෙන්නෙ අපාර්ට්මන්ට් එකේ බැක් සයිඩ් එකට.

ඒ නිසා ජේකේට පරිස්සමෙන් අනතුරක් වෙන්නෙ නැති වෙන්න ඒ හරියෙන් ඈත් වෙන්න පුළුවන් වුනා.ඒත් ජේකේ නිතරම පිටිපස්ස ගැන අවධානය දුන්නෙ එයාලාව ෆලෝ කරයි කියලා සැක නිසා..

ජිමින් නම් එයාගෙ කන් දෙක කරකවන ගමන් වීදුරුවෙන් එළියට බෙල්ල දාන් හිටියා.ඒ ඉතිං විනාඩි දෙකයි ජේකේ එයාව දකිනකන්.

"ඒයි! බෝලෙ ගුටි ඕනිද ආ..ගන්න ඔළුව ඇතුළට...! දැන්ම ! "ජේකේට කෑ ගැස්සුනා.

ඒත් ඒකට ජිමින් ගැස්සිලා ගිය නිසා නියපොතුත් දික් වෙලා දත් විලිස්සුවා.ඒ ඇස් හීනි වෙලා තිබුනා..

"කාම් ඩවුන් බේබි.මේ මං..." ජේකේ කා එක ඩ්‍රයිව් කරන අතරෙම ජිමින් එක්ක ලා හිනාවක් දාද්දි ජිමින් රිලැක්ස් වෙන ගමන් සමාවෙන්න කියන්න වගේ තොල් පෙරල ගත්තා..

"ඉට්ස් ඕකේ බබෝ..සේරම හරි.."

ජේකේ එයාගෙ නිදහස් අතින් ජිමින්ගෙ ඔළුව අත ගාන ගමන් කියද්දි ජිමින් එයාගෙ වලිගෙ ජේකේගෙ අතේ පටළව ගත්තා.ලොම් පිරුණ වලිගෙ හරිම සිනිඳුවට ඒත් තදට අත වටේ එතිලා තිබුනා..

ටික දුරක් යද්දි ජිමින්ගෙ ඇස් පිය වෙන්න ගත්තෙ තොල් වලින් එක එක හුරතල් සද්ද එද්දි.එයාගෙ කන් කම්මැලි කමේ කඩන් වැටිලා වගේ.

"ජේකේ..."

"ම්ම්ම්...."

"ජිමිනිට දෝ මතයි..."

ජිමින් හුරතල් විදිහට කියලා ජේකේ දිහා ඇස් බෝල කරන් බලන් හිටියා.

"ඉතිං නිදා ගන්න මැණික.." ජේකේ ජිමින්ගෙ දිහා බලලා දිගටම ඩ්‍රයිව් කලේ පුළුවන් ඉක්මනට යුන්ගි ගාවට යන්න.එයාම දන්නෙ නෑ තව කොච්චර කල් හැංගෙන්න වෙයිද කියලා.ඒත් එයා ඒක කරන්න ඕනි.

"හලී..දොයියමු.."

ජිමින් කා එකේ හිට ගන්න ගමන් කියලා ජේකේ පැත්තට පනින්න යද්දි ජේකේ බය වෙලා වගේ කා එක බ්‍රේක් කලා..

Coming From 3001 [▪︎COMPLETED▪︎]Where stories live. Discover now