♡ PART 09 ♡

498 147 10
                                    

"ජිමින් ! කෝ ඇඳුම් ආ..?"

ජේකේට කෑ ගැස්සුනේ ජිමින් එයාගෙ ඩ්‍රැගන් ඇඳුම අයින් කරලා ඇඳ ඇතිරිලි වල ගුලි වි නින්දෙ සිටි නිසා.ජිමින් ජේකේගෙ කෑ ගැහිල්ලට කෙඳිරි ගාලා ආයෙ අනිත් පැත්ත හැරුනේ ජේකේව ගණන් ගන්නෙ නැතුව.

ජේකේ ඒ දිහා තාමත් ගල් වෙලා ඇස් ලොකු කරන් බලන් හිටියත් තත්පර කිහිපයකින් ආයෙ හොඳ සිහියට ආවෙ ඔළුව දෙපැත්තට ගසලා.

"ජිමින් ගිහින් වොෂ් දා ගන්න.ඒ වගේම ඔයාගෙ ෂර්ට් එකක් ඇඳ ගන්න.. ඔහොම නිදියන්න බෑනෙ.."

"ඇයි බැරි..?"

ජිමින් ඒ පාර එක එයාගෙ කොළ පාටට හුරු ජිල්බෝල ඇස් කරකෝලා ඇහුවේ ජේකේගෙන්.

ජේකේ ලොකු හුස්මක් යවලා ජිමින් ලඟින් ඉඳ ගත්තෙ එයාවම සන්සුන් කරන්.

"අහන්න ජිමින්..! ඔයාට බෑ තව කෙනෙක් ඉස්සරහ ඔහොම ඉන්න.ඔයාට එහෙම පුලුවන් ඒ ඔයා වැඩියම ආදරේ කරන කෙනා නම්.."

"ආදරේ කරනවා කියන්නෙ මොකක්ද? "

ජිමින් හරිම උනන්දුවෙන් නැගිටලා ජේකේ ගාවින්ම ඉඳ ගත්තා.ජේකේ පුදුමෙන් එයා දිහා බැලුවා.

"ඇයි ආදරේ කියන්නෙ මොකක්ද කියලා දන්නෙ නෑද?"

"ම්හු....මොකද්ද ඒ.?"

ජිමින් තොල් පිට පෙරලන් කිව්වෙ ජේකේගෙ මූණටම එබිලා.

"ම්..ඒ කියන්නෙ ඔයා ගැන ගොඩාක් උවමනාවෙන් හොයලා බලන කෙනෙක්.. ඔයාව ගොඩාක් ආරක්ෂා කරන කෙනෙක්...ඔයා ලඟින්ම ඉන්න කෙනෙක්.....එයා ඒ කියන්නෙ ඔයාට ආදරෙයි..ඒ ආදරේ."

"ජේකේ ජිමිනිට වගේ..."

ජිමින් ජේකේගෙ කතාව මැද්දෙන්ම ඇස් හීනි කරලා පිරුණු රෝස පාට කම්මුල් පුම්බලා හිනාවෙන්ම කිව්වා.ඒත් ඒකෙන් ජේකේ ගැස්සිලා ජිමින් දිහාම බලන් හිටියා..

"ජේකේ ජිමිනිට ආදරෙයි නේද..?"

ජිමින් නිදා ඉද්දි කෙළ නාවපු එයාගෙ රෝස පාට ඇඟිල්ලි  ජේකේගෙ කම්මුලක තියලා බෙල්ල ඇල කරන් ඇහුවෙ තාමත් හුරතලේට හිනා වෙන ගමන්.

ඒත් ජේකේ කිසි දෙයක් කිව්වෙ නෑ..ඒත් එයාගෙ හදවත මැරෙන්න තරම් වේගෙන් ගැහෙනවා..එයාටම හිතා ගන්න අමාරුයි ඇයි එයාගෙ හදවත එහෙම නොදන්නා තාලෙකින් ගැහෙන්නෙ කියලා.

"ජිමිනි ජේකේට ආදරෙයි..ජිමිනි ජේකේගෙ විතරයි.."

ජිමින් ජේකේගෙ කම්මුලකට එයාගෙ රෝස සිරප් වගේ කෙළ වලින් නැවුන තොල් තියලා පුංචි හාදුවක් දුන්නා.ඊළඟට එයා සතුටින් චූටි අත් වලින් අත්පුඩි ගහලා වලිගෙත් වැනුවා.ඒත් ඒකෙන් ජේකේව ෂොට් වුනා.

ආදරේ කියන්නෙ මොකක්දවත් නොදැන එයා ජේකේට ආදරෙයි.කවදාවත් අත්විඳලා නැති ආදරේ එයා හොයන්නෙ ජේකේගෙන්..ඔම්මා අප්පාවත් නැති පුංචි රෝස මල ජේකේගෙන් ඇස්  වලින් ඉල්ලන්නෙ චූටි ම චූටි ආදරයක්..

ඒත් ජේකේට එයා පරීක්ෂණයක් විතරක්මයි නේද..?

"ජිමින් ! "

ජේකේ ජිමින්ගෙන් ඈත් වෙලා හිට ගත්තෙ තමන්ගෙම හෘදසාක්ෂිය එයාට කෑ ගහලා බනිද්දි.ජිමින් ඇස් ලොකු කරන් එයා දිහා බලන් ඉන්නවා.

"ජේකේ..?"

"ගිහින් වොෂ් දා ගන්න යන්න..!"

"ම්ම්ම්ම්...."

ජිමින් මූණත් බෙරි කරන් ඇඳෙන් බැහැලා කකුල් අද්දෝමින් බාත් රූම් එකට යන විදිහ ජේකේ බලන් හිටියා.

එයාගෙ බැක් සයිඩ් එක අඹපු රූපයක් වගේ..ලොම් පිරුණ එයාගෙ තාලෙට වැනෙන වලිගෙ..කිරි ගරුඬ වගේ කැළලක් වත් නැති පිට.....

ජිමින් කියන්නෙ සුරදූතයෙක්...

"මට සමාවෙන්න..."

ජේකේ මුමුණලා ආයෙ ඇඳෙන් ඉඳ ගත්තෙ පපුවට අතක් තියන් ඇස් පියාන.

ජේකේ මුමුණලා ආයෙ ඇඳෙන් ඉඳ ගත්තෙ පපුවට අතක් තියන් ඇස් පියාන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

♡♡♡

Sorry ඊයෙ update නැති වුනාට..රෑට තව එකක් දෙන්නම්..🥰❤

Coming From 3001 [▪︎COMPLETED▪︎]Where stories live. Discover now