♡ PART 11 ♡

514 143 23
                                    


ජිමින් නින්දෙන් ඇහැරුනේ එයාගෙ බඩ ඇතුලෙන් කෑ ගහන නිසා.

ජිමින් දවසක් මී පැටියෙක් අල්ල ගත්තා.එයාගේ චූටි අත් අතරෙ පුංචි මී පැටියා තද වෙලා හිටියෙ.එයා තොල් ලෙව කාලා එයාව කාලා දාන්න හැදුවෙ.එයා විශ්වාස කලා මී පැටියා  එයාගෙ චූටි බංඩියට වෙලා ජීවත් වෙයි කියලා.

හොඳ වෙලාවට ජේකේ ජිමින්ගෙ චූටි රෝස පාට ඇඟිල්ලක් ගානේ දිග ඇරලා මී පැටියාව බේරලා යැව්වා.

ඒත් ජිමින්ට මී පැටියව බඩට දා ගන්න ඕනි වුනා.එයා අඬන්න මූණ රතු කරන් හිටියෙ.පස්සෙ ජේකේ පාන් පෙති දෙකක් අතරට රෝස්ට් චිකන් දාලා මී පැටියා කියලා ජිමින්ට දුන්නා.ඉතිං ජිමින් තාම හිතන් ඉන්නෙ මී පැටියා එයාගෙ බඩේ ජීවත් වෙනවා කියලා.

ජේකේ එදයින් පස්සෙ ජිමින්ගෙන් තත්පර දෙකක් ඇහැ අහකට ගත්තෙ නෑ.අහුවෙන දෙයක් ජිමින් කටේ දා ගන්නවා.පොඩි බබෙක් වගේ.

"උයාට බටිකිනීද..."

ජිමින් හොඳට ජේකේගෙ බඩ උඩ ඉඳන් එයාගෙ බංඩියට ඇඟිල්ලකින් ඇන්නෙ තොල් උල් කරන්..ඒත් එයා ඊළඟට ආයෙ ජේකේ දිහා බැලුවා.

"ජේකේ දොයිනෙ ඒත්...."

ඊළඟට එයා චුට්ට චුට්ට ජේකේගෙ  බඩ දිගේම උඩට ඇවිත් බෙල්ලට පාත් වුනේ කපටි හිනාවක් තියාන.

'ඈරෝමු එයාව...ජිමිනිටයි මී පැටියටයි බටිකිනී..'

"මියෑව්..මියෑව්.. "

ජිමින් හුරතල් විදිහට ජේකේගෙ කන ගාව මුමුණන ගමන් ජේකේගෙ කන් පෙත්ත හපන්න ගත්තෙ ජේකේ නින්දෙන් ඇහැරවන්න.

ජේකේ එක පාරට ඇහැරුණත් ඒ ජිමින් කියලා තේරුම් ගන්න එච්චර වෙලා ගත්තෙ නෑ..එයා ජිමින්ගෙ බූල් පිරුණ කන් එයාගෙ තොල් අග ගෑවෙන දිහා ඇස් බෝල කරන් බලන් හිටියා.එයා හෙලවුනේවත් නෑ.ජිමින් තාම හෙමි හෙමින් එයාව හපනවා.

"ජිමිනී..ජේකේ ඇහැරිලා ඉන්නෙ.."

"ඌඌඌඌහ්..ජේකේ ඇහැරිලා..ජිමිනිට දැන් බෙක්පස්ට් ගත්තෑකි.."

ජිමින් ජේකේගෙ ඇඟට ම වැටිලා එයාගෙ බදා ගත්තා.

"ජිමින් ඉතිං නැගිටින්නකෝ ජේකේ බ්‍රෙක්ෆස්ට් ගේන්න..ඔයා ඕම ඉද්දි කොහොමද මං.................."

ජේකේ කියාන ගියත් එයාට කියන දේ ඉවර කර ගන්න බැරි වුනේ එයාලගෙ කාමරේ දොරට කවුරු හරි ගහන සද්දෙ ඇහුන නිසා.

"ජේකේ..ජේකේ මේ දොර අරිනවා.ඉක්මනට..! "

"යුන්ගි..! ජිමින් ඉක්මනට මේක ඇතුලට යන්න.එළියට එන්න එපා හරිද..? හොඳ පැටියා වගේ ඇතුලට වෙලා ඉන්න යුන්ගි යනකන්..හාද?"

ජේකේ ජිමින්ගෙ ඔළුවෙ ඉඳන් වැහෙ විදිහට ඩුවට් එක පොරෝලා ජිමින්ගෙන් ඇහුවා..

"ජේකේ..? මොකද කරන්නෙ මේ දොර අරිනවා..."

යුන්ගිගෙ කෑ ගිහිල්ලත් එක්ක ජේකේ ඉක්මනට දොර ගාවට යන්න ගියෙ ජිමින් ඇඳෙන් නම් බහින්න එපා කියලා හිතන ගමන්...මොකද ජිමින් තාමත් ඊයෙ රෑ එයාගෙ පපුව උඩ නිදිය ගත්ත විදිහමයි..

ජේකේ දොර අරින ගමන් යුන්ගිට ඇතුළට එන්න බැරි වෙන්න දොර ලඟ හිට ගත්තා.

"මෙච්චර වෙලා මොකද කලේ ආ..?"

"නිදි...නින්දෙ හිටියෙ."

"නිදි නෙවේ...අර දෙන්නා මෙහෙ එනවලු.මොකද අපි කරන්නෙ..?"

"මොන දෙන්නද යුන්ගි..? ආශ් කවුරු ආවත් මං නෑ කියන්න..මං නිදි "

"එන්නෙ ඔහේගෙයි මගෙයි ගර්ල් ෆ්රෙන්ඩ්ලා...ඉන්න එහෙනම් මං එහෙම කියන්නම්.."

යුන්ගි කට කොනින් හිනා වෙන ගමන් කියද්දි ජේකේගෙ නිදිමත ඇස් හොඳටම ඇරුණා.

"ලිලී, ජිනී මෙහෙ එනවා...! මළා! "


! මළා! "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

♡♡♡



හවසට තව එකක් දෙන්නම්..🥰

Coming From 3001 [▪︎COMPLETED▪︎]Where stories live. Discover now