♡ PART 24 ♡ ✔

730 171 110
                                    

ජේකේ ඇහැරුනේ ලොකු බරක් එයාගෙ පපුව උඩ දැනෙද්දි.

එයා ඇස් ඇරියම එයා ලෝකෙ තියන ලස්සනම දේ එයාගෙ පපුව උඩ දැක්කා.ජේකේට නිකන්ම ආදරේ පිරුණ හිනාවක් ආවෙ ඒ දේ දැකලා.

ජිමින් ජේකේගෙ ලොකු ජැකට් එක අස්සට රිංගලා එයාගෙ ඇඟ උඩම නිදාන පපුව උඩ ඔළුව තියාන හොඳටම තද නින්දෙ හිටියෙ.එයාගෙ රෝස තොල් උල් වෙලා මොනාදෝ මුමුණනවා වගේ..එයාගෙ පිරුණ කම්මුල් රතු පාටට හැරිලා සීතලට.

ජේකේ ජිමින්ට ඇහැරෙන්නෙ නැති වෙන්න එයාගෙ අත් එකට අතුල්ලලා ජිමින්ගෙ සීතල කම්මුල් උඩින් තිබ්බම ජිමින් නින්දෙන්ම හිනා වෙනවා.ජිමින්ගෙ සිහින් චූටි හුරතල් ගෙරවිල්ලකුත් ජේකේට ඇහුනා.

එයා මතක් කලේ ඊයෙ එයා ප්‍රොෆෙස'ගෙ මැන්ශන් එකෙන් එළියට ආවත් එක්කම, දුවගෙන එයා ගාවට ඇවිත් කෑ ගහලා අඬලා එයාට තුරුළු වුන එයාගෙ බෝනික්කාව.

"ජිමිනිව එපාද ජේකේට? "

එයා අඬන අස්සෙ ම අහපු හැටි...
ඒ දිලිසෙන ඇස් දුකෙන් බලන් හිටිය හැටි....
ජේකේ එයාව වඩාගෙන දිගම දිග කිස් එකක් එයාගෙ රෝස තොල් වලින් තිබ්බ හැටි....

ජේකේගෙ ඇස් ඉස්සරහ ඊයෙ දවස ආයෙත් ඇඳුනා වගේ.ජේකේ හිනා වෙවී ඒවා මතක් කර කර ජිමින්ගෙ නළලෙ කෙස් අතරින්ම හාදුවක් තිබ්බෙ එයාගෙ හිතේ තියන ආදරේ කියා ගන්න බැරුව.

"ජේකේ ජිමිනිගෙ මෙතනටත් කිස් ඕනි..."

ජේකේගෙ කන ගාවින්ම ඇහුන හුරතල් කටහඬට එයා ඒ පැත්ත බලද්දි ජිමින් එයා දිහාම බලන් ඉන්නවා.

ජිමින් නිදිමත පිරුණ ඇස් එයාගෙ එක අතක බෝල ඇඟිලි වලින් පොඩි කරන ගමන් අනිත් අතේ චූටි ඇඟිල්ලක් එයා කම්මුලේ තියාන ඉන්න හැටි ජේකේ බලන් හිටියෙ ආදරෙන්.

ජිමින් නිදිමත පිරුණ ඇස් එයාගෙ එක අතක බෝල ඇඟිලි වලින් පොඩි කරන ගමන් අනිත් අතේ චූටි ඇඟිල්ලක් එයා කම්මුලේ තියාන ඉන්න හැටි ජේකේ බලන් හිටියෙ ආදරෙන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Coming From 3001 [▪︎COMPLETED▪︎]Where stories live. Discover now