♡ PART 08 ♡

531 142 8
                                    


"එයාලා පොඩි ළමයි වගේ..මට තේරෙන් නෑ එයාලා කොහොම කාලය හරහා ගමන් කලේ කියලා..."

ජේකේ සෝෆා එකේ ඉඳන් නිකටට අතක් තියන් බලන් හිටියෙ ජිමිනුයි ටේයි දිහා.තමන්ගෙම කකුලෙ රෝස පාට ඇඟිල්ලක් කටේ ඔබාන කෙළ නාවන ගමන් හිටිය ජිමින් වලිගෙ එහාටයි මෙහාටයි වැනුවා.ටේ ජිමින් ගස්සන්න වගිගෙට පනින ගමන් හිටියෙ.එයාගෙ කන් ඇන්ටනා වගේ..දෙන්නට සෙල්ලම ඇර වටපිටාව ගැන කිසිම සිහියක් නෑ.

"එයාලා ඇවිත් තියෙන්නෙ 3001 අවුරුද්දෙන් කියලා මට තාම ෂුවර් නෑ.."

යුන්ගිත් එයාගෙ කණ්ණාඩි දෙක ගලවලා අතේ තිබුන පොත වහලා පුටුවෙ හොඳට ඉඳ ගත්තා.

"ඒ වෙනකොට  තහනම අයින් කරලා වගේ නේද? ඒ ඇරත් අනාගතේ සයන්ටිස්ට්ලා මාර සක්සස්නෙ.බලන්න අපි හැදුව අය වගේ විරූපී නෑ.සාර්ථක පරික්ෂණ."

"පරීක්ෂණ නෙවෙයි ජේකේ..මෙයාලා වගේ අයලු ඒ වෙද්දි ජීවත් වෙන්නෙ.අපි වගේ සාමාන්‍ය මිනිස්සු නෑලු."

"හ්ම්..දැන් ඇති මේ නැටුවා.මං ජිමින්ව ගන්න යනවා.ඔයා ටේව ගන්න.."

ජේකේ සෝෆා එකෙන් නැගිටින ගමන් යුන්ගිට කියද්දි යුන්ගි ජේකේගෙ වැළමිටින් අල්ලලා එයාව නතර කලේ බැරෑරුම් ස්වරූපයෙන්.

"ඔයා දෙයක් අමතක කරන්න එපා.මේ දෙන්නා නිකන් පරීක්ෂණ විතරයි.ඕනිවට වඩා අපි මෙයාලව ජීවිතේට ලං කර ගන්න එකෙන් වෙන්නෙ පස්සෙ කරදරමයි."

යුන්ගි මුමුණද්දි ජේකේ එයා දිහා බලන් හිටියෙ හිස් බැල්මකින්.යුන්ගි ඒක කිව්වෙ ජේකේට ඇහෙන්න විතරයි.ඒත් එයාලාට දෙයක් අමතක වුනා.

ඇත්තටම ජිමින්ගෙ ටේගෙ හුරතල් ලොම් පිරුණ කන් ගොඩක් සංවේදි.ඒ වගේම ගොඩක් දුර ඇහෙනවා..

දෙන්නම කන් දෙක උස්සන් යුන්කුක් දෙන්නගෙ කතාව අහන් හිටියෙ.ජිමින් යට තොල පෙරලන් ටේ දිහා බැලුවෙ බෝල් ඇස් වල කඳුළු පුරවන්..ටේත් ජිමින් දිහා බලන් ඉඳලා එයාගෙ පිම්බුන රෝස පාට කම්මුල් වලින් හාදුවක් තිබ්බෙ සේරම හරියයි කියන්න වගේ.

ටේ මිනී දෙන්නා යුන්ගි ජේකේ  අත ඇරලා යන්න බැරි තරම් එයාලාට බැඳිලා ඉවරයි.ඉතිං එයාලා කිසිම දෙයක් නොදන්නවා වගේ හිටියෙ ආව දවසෙ ඉඳන්මයි.

"එයාලාට අපිව පරීක්ෂණ විතරමද තේ තේ..? ඇයි ඒම කියද්දි මගෙ මෙතන සිදෙන්නෙ..?"


ජිමින් එයාගෙ චූටි අත් වලින් පපුව අත ගගා මුමුණද්දි ටේත් දුකින් බලන් හිටියා.

"දෙන්නා ඇති නේ නැටුවා? යං දැන්.."

ජේකේ එයාලා ගාවට එද්දි ජිමින් ඉක්මනට එයාගෙ ඇස් වලින් වැටෙන් එන කඳුළු හංගන් ජේකේගෙ ඇඟට පැනලා බෙල්ල අස්සෙ මූණ ඔබා ගත්තා.

"මොකෝ මේ..? දැන්ම නිදිමතද.."

"ම්ම්ම්...."

"යුන්ගියා එහෙනම් අපි යනවා..ගුඩ් නයිට්.."

ජේකේ යුන්ගිටත් බැල්මක් පා කරලා එයාලාගෙ රූම් එකට යන්න පඩිපෙළ නගිද්දිත් ජිමින් ජේකේගෙ උරහිසේ කම්මුල් තියාන කෝලා කෙනෙක් වගේ එල්ලිලා හිටියා.එයාගෙ වලිගෙත් කකුල් වගේම ජේකේගෙ ඉණ වටේ එතිලා තිබුනා.

"මං වොෂ් දාන් එන්නම් ඔයා ඔතන ඉන්න හරිද..?ඊට පස්සෙ ඔයා වොෂ් දාන්න ගන්න."

"හ්ම්..."

ජිමින්ව ඇඳෙන් ඉන්දපු ජේකේ ටවල් එකත් අරන් බාත් රූම් එකට යද්දි ජිමින් එහෙමම ඇඳේ බෙඩ්ෂීට් අස්සෙ ගුලි වුනා..ඒත් ඉක්මනටම එයා පයින් ගසලා ගසලා ඒ ටික බිමට දැම්මා.

"ඕඕඕඕ සස්නෙයිනෙ මෙහේ....."
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

ජේකේ වොෂ් දාන් එද්දි ජිමින් ඇඳේ  බෙඩ්ෂීට් එකක් අස්සෙ නිදි.පූස් පැටියගෙ වලිගෙ විතරයි එයා ඒක අස්සෙ කියන්න ජේකේට පෙනුනෙ..

"මිනී නැගිටින්න වොෂ් දාන්න ඉන්න නිදියන්න කලින්.."

"............💤💤 "

"ජිමිනා බේබි නැගිටින්නකෝ..."

"ම්හු.....💤💤"

"ජිමින් නැගිටින්න ඔයා දැන්.................ඔහ් ක්....කෝ ඔයාගෙ...ඔයාගෙ ඇඳුම්....!"

"සස්නෙයි...😴💤💤 "

😴💤💤 "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

♡♡♡



Coming From 3001 [▪︎COMPLETED▪︎]Where stories live. Discover now