♡ PART 14 ♡

485 139 19
                                    

වන් කියද්දිත් ජිමින් තාමත් ඇස් බෝල කරන් ජේකේ දිහා බලන් හිටියා..එයාගෙ ජේකේ නපුරු විදිහට කතා කලේ..ඒ වචන ටික ඇති ජිමින්ට.

"දුවන්න නේද කිව්වෙ? කිව්වම දුවනවා.ටූ ! "

ජේකේ ආයෙත් කෑ ගැහුවා ම ටේ යුන්ගි දිහා බලලා ඉස්සරහට අඩි දෙක තුනක් දිව්වා..ඒත් එයා ආයෙ හැරිලා බලද්දි ජිමින් තාමත් ජේකේ දිහා බලන් ඉන්නවා.

ටේ ආයෙත් දුවන් ඇවිත් ජිමින්ගෙ අතින් ඇදගෙන දුවන් යද්දිත් ජිමින් කඳුළු පිරුණ ඇස් අනිත් අතින් පොඩි කර ජේකේ දිහා බලන් ටේ එක්කම ඇදිලා ගියා..

"ජිමිනිටයි මී පැටියටයි බඩිකිනියි......🥺"

ජිමින් හෙමීට මිමිණුවා.ඒත් ඒක ඇහුනේ එයා එකක්ම දුවට ටේට විතරයි.ටේගෙත් තොල් පිටට පෙරළුනේ එයාටත් බඩිකිනි කියලා මතක් වෙලා.

ටේ නෙක්ස්ට් ෆ්ලෝ එකේ ජේකේලගෙ රූම් එකටමයි ජිමින්වත් ඇදගෙන දුවන් ආවේ.ඒ වෙලාවෙ ඇරිලා තිබුනේ ඒ දොර නිසා.ටේ ක්ලෝසෙට් එක ගාවට ගිහින් ජිමින්ට කතා කලේ කළබලෙන්.

"චිමී අපි මේක අස්සෙ හැංගිලා දොර වහ ගමු.."

"මේක ඇතුලේ..?"

ජිමින් ඇස් ලොකු කරන් අහද්දිම වගේ එයාලට ඇහුනා කා එකක් ගේට්ස් වලින් ඇතුළට ගන්නවා.දෙන්නම කන් දෙක උඩට කරකවලා අහන් හිටියෙ උවමනාවෙන්..

ටේ කොටියෙකුගෙ ජාන වලින් හදලා තියන නිසා එයාට ජිමින්ට වඩා අමුතුම ඉවක් වගේ තිබුනා.වෙන්න යන්නෙ ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි කියලා ටේ ට දැනුනා වගේ.

එයා ක්ලෝසෙට් එක ඇරලා ජිමින්ව ඒක ඇතුලෙන් පහලම තට්ටුවෙ ඉන්දුවෙ ජිමින් ඇස් ලොකු කරන් ඉද්දිමයි..එයා ජිමින් ලඟ එතනම බිම ඉඳන් ජිමින්ගෙ අඬලා බෝල වෙලා තියන ඇස් දිහා බලලා ඒවා උඩින් කිස් එකක් තිබ්බා..

"අඬන්න එපා චිමී..ඔයාගෙ තේ තේ ගිහින් කන්න මොනා හරි අරන් එන්නම් ජේකේලා දොර අරින්න ගිහාම හොරෙන් ගිහින්.ඔයා මෙතනම ඉන්න ටේ ඉක්මනට එනවා හරිද..?"

ටේ ජිමින්ගෙ රෝස කම්මුල් වල කඳුළු පිහදාලා කියද්දි ජිමින් ' හා ' කියන්න ඔළුව වැනුවා.එයාටත් ටේ එක්ක යන්න ඕනි වුනත් එයාට තරහ ගිය ජේකේ දකින්න බය හිතුනා..

Coming From 3001 [▪︎COMPLETED▪︎]Where stories live. Discover now