03. Fairy!!

646 204 16
                                    


කොල්ලා ඇස් පිල්ලම් නොගහා බලන් හිටියේ තමන්ගේ ඉස්සරහා හිටන් ඉන්න සුරගන දිහා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කොල්ලා ඇස් පිල්ලම් නොගහා බලන් හිටියේ තමන්ගේ ඉස්සරහා හිටන් ඉන්න සුරගන දිහා. එයා ඒ තරම්ම ලස්සනයි. හුරුබුටියි ඒවගේම සරලයි. ජිමින්ට මොහොතකට දැනුනේ එයාගේ ආදරේ දවසින් දවස තවත් ලස්සන වෙනවා කියලා.


'චිම් ඔයා..'

'හලෝ නූ..නා'


කෙල්ල යාලුවෝ ටිකටත් සමුදීලා තමන් ලගට එද්දී ජිමින් වශී වෙලා වගේ ඒ රුව දිහා බලන් හිටියේ එදා පළමු වතාවට කෙල්ලව දැක්ක දවස වගේමයි.

'ඔයත් මේ බැලේ රූම් එකට යනගමන්ද චිම්? මාත් එහෙට යන්නේ.. අපි දෙන්නම යමු'


කෙල්ල ලස්සනට හිනා වෙලා කොල්ලගේ අතින් අල්ල ගන්න ගමන් එහෙම කියද්දී ජිමින් හිනා වෙලා බලන් හිටියේ තමන්ගේ ඉස්සරහා ඉන්න හුරතල් සුරංගනාවී දිහා. වයසින් වැඩිමහල් උනත් කෙල්ල කොයි වෙලාවේ බැලුවත් කලේ අවුරුදු දහයේ පොඩි ළමයි කරන වැඩ කියලා ජිමින් දැනගෙන හිටියා. කෙල්ල චූටි හා පැටියෙක් වගේ අහිංසකයි. ඒවගේම කොල්ලා හැමදාම පාර්ථනා කලා ඒ අත මුළු ජීවිත කාලෙම තමන්ගේ අතේ පටලන් ඇවිදින්න ලැබෙන්න කියලා. 

'යමු නූනා'







බැලේ රූම් එකට ජිමින් සහ මිසෝ ඇතුළු වෙද්දී හැම ලමෙක්ම එයාලා දිහා බලාගෙන හිටියේ ඇස් ජිල්බෝල සයිස් කරගෙන. මොකද කිව්වොත් ඒ දෙන්නා දෙවියන් විසින් මවපු යුවලක් වගේ හරිම ලස්සනට ගැලපුනා. ජිමින්ගේ උරහිස ලගට කෙල්ල හිටියා වගේම ඒ දෙන්නා එකිනෙකාට ලංවෙලා ඇවිදගෙන ගියේ අලුත බැදපු පෙම් යුවලක් වගේ.

'චිම් මන් ඉක්මනට චේන්ජ් කරන එන්නම් හරිද? ඔයත් දැන් ගිහින් ඉක්මනට චේන්ජ් කරගන්න'

කෙල්ල ඉස්සිලා කොල්ලගේ එක කම්මුලක් පිරිමදින ගමන් එහෙම කියලා දුවගෙන පුහුණුවීම් වලට ලෑස්ති වෙන්න ගියා.කොල්ලා කෙල්ලගේ අත තිබ්බ කම්මුල නැවත පිරිමදින ගමන් තනියම හිනා වෙවී පිරිමි ළමයින්ගේ චේන්ජින් රූම් එකට ගියා.






'හරි ළමයි, මම තව ටිකකින් ඔයාලගෙන් තෙවන වසරේ ළමයින්ගේ විශ්වවිද්‍යාල උත්සවයේ ප්‍රදාන බැලේ නර්තනයට දෙන්නෙක්ව තෝරගන්නවා. මම දැනටමත් දෙන්නෙක්ව නිර්දේශ කරලා තියෙන්නේ. ඒ නම් කියන්න කලින් ඔයාලා හැමෝම වෝම්අප් කරගෙන ඉන්න..'

හැමෝම කුතුහලයෙන් එකිනෙකා එක්ක කතා කරන්න පටන් ගත්තේ ඒ දෙන්නා කවුද කියලා හිතාගන්න බැරුව. ඒ වුනත් ජිමින් තාමත් බලන් හිටියේ ගැහැණු ළමයි ගොඩක් වට කරගෙන කතා කර කර වෝම්අප් කරන මිසෝ දිහා.


#Tobecontinued

NOONA  | PJM ✔Where stories live. Discover now