17. Sope "3

465 139 37
                                    


'ඒ යුන්ගි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

'ඒ යුන්ගි..'

'මෝ..'


'මන් අවුරුදු ගාණක ඉදන් ආදරේ කරන කෙනා වෙන කවුරුත් නෙවෙයි ජිමිනා.. ඒ මින් යුන්ගි..'

'අඩෝ.. මේ අපේ යුන්ගියා!! උබ දැන්ද මනුස්සයෝ මට ඕක කියන්නේ..? මීට කලින් මට ඕක කියලා තිබ්බනම් තොපි දෙන්නව බන්දලා, පැණි හදේ යවලා මෙලහකටත් මම සම්චොන් කෙනෙකුත් වෙලා..'


'පිස්සුද යකෝ.. යටිගිරියෙන් බෙරිහන්දෙන්නේ මුළු සෝල් වලටම ඇහෙන්න ඇති..'

හෝසොක් බලා ඉද්දිම ටික ටික රෝස පැහැයට හැරවෙන්න පටන් ගත්තේ ජිමින් මේ දිහා බලාගෙන අනිත් අය ඇහැරෙන්නේ නැති වෙන්න අතක් කටට ඔබාගෙන හිනා වෙනකොට.


'අඩ්..ඩේ දැන්නේ මට ටික ටික මීටර් වෙන්නේ.. ඒක තමා තෝ පැය 24ම වගේ ඕකගේ වටේ කැරකි කැරකි ඉන්නේ.. වාහ්.. මොන තරම් ආදරයක්ද? ඔහොම පොඩ්ඩක් හිටහන් මන් ටග්ගාලා නිව්ස් එක යුම්කියට දීලා එන්නම්..'

ජිමින් එතනින් ඉක්මනින් මාරුවෙන්න හදද්දිම හෝසොක් ජිමින්ගේ මාර්ගේ ඇහිරුවේ කොල්ලා යුන්ගිට මේ ගැන කියන්න කලින්.


'උබ මෙතනින් අඩියක් හරි හෙල්ලුනොත්නේ..'

'මෙන්න යුන්ගියා මූ මට අතවර කරනවා...'

හෝසොක් ජිමින්ගේ කට ඉක්මනට වැහුවේ කොල්ලගේ කටේ සද්දේ වටේටම ඇහෙන්න ඉස්සෙල්ලා.


'යා.. තෝ එක්ක කරන්න බැරි ඕකනේ.. මට ඕක දැන්ම කියන්න බෑ ඕයි.. මන් තාම ඒක කියන්න හරියට ප්‍රැක්ටිස් උනේ නෑ..'

'උම්බ දැම් කවම්ද ඕකම් කියම්නේ..?'

කොල්ලා හෝසොක් තමන්ගේ මුව වහගෙන ඉන්නකොටම කිව්වේ සතුටින් දිලිසෙන ඇස් වලින්. ජිමින්ට කවදාවත් නැති තරම් පුදුමාකාර සතුටක් දැනුනා තමන්ගේ හොදම යාළුවො දෙන්නා ගැන. මොකද කොල්ලා හැමදාම පාර්ථනා කලේ එයාලා හැමදාම සතුටින් ඉන්න ඕනේ කියලා. ජිමින් දන්නවා යුන්ගි පිටතින් නපුරුයි වගේ ඉන්න හැදුවට ඇතුලතින් හරිම හිත හොද කොල්ලෙක් කියලා. 

NOONA  | PJM ✔Where stories live. Discover now