35. My Honey

438 130 9
                                    


ආචාර්ය තුමිය ඉන්පසුව කොල්ලටයි, කෙල්ලටයි තම තමන්ගේ costumes බාරදීලා අනිත් ඉදිරිපත් කිරීම් වෙතට ගියේ එයාලට පුහුණුවීම් ආරාම්භ කරන්න උපදෙස් දීලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ආචාර්ය තුමිය ඉන්පසුව කොල්ලටයි, කෙල්ලටයි තම තමන්ගේ costumes බාරදීලා අනිත් ඉදිරිපත් කිරීම් වෙතට ගියේ එයාලට පුහුණුවීම් ආරාම්භ කරන්න උපදෙස් දීලා.


ජිමින් සහ මිසෝ තමන්ගේ පුහුණු ඇදුම් වලින් සැරසිලා බැලේ රූම් එකට පිවිසුනේ එකටමයි. මේක එයාලා සහයකයන් වශයෙන් නැතුව පෙම්වතුන් වශයෙන් පුහුණුවීම් කරන පලවෙනි වතාව. 

ඉතින් කොල්ලටයි, කෙල්ලටයි වෙනදා පුහුණු වනවාට වඩා අද වෙනස්ම හැගීමක් හිතතුල ඇති කලා.


පුහුණුවීම් වෙනදා මෙන්ම සින්ඩරෙල්ලා මුලින්ම වේදිකාවට පිවිසීමෙන් අරාම්භ වුනා. ජිමින් හැමදාම වගේම කෙල්ලගේ අංගසම්පුර්ණ නර්තනය දිහා දෑස් යොමාගෙන සිටියේ ඇයට වශීවෙලා.


පටිගත කල සංගීත වාදනය අතර තුර කොල්ලා තමන්ගේ නර්තනයට පිවිසුනේ කෙල්ලට ඇහැක් ගහන ගමන්. ජිමින් තමා වෙතට ක්‍රමයෙන් ලන්වෙනකොට මිසෝගේ සිනිදු කම්මුල් රෝස පැහැයට හැරුනේ බලන් ඉද්දීමයි.


නර්තනය පුහුණුවන අතරතුර ජිමින්ගෙන් නොහිතන වෙලාවල් වලට ලැබෙන පුංචි පුංචි සිපගැනීම් වලට නතුවෙන්න කෙල්ලට සිදුවුණා. කෙල්ලත් ඒ හැම හාදුවක්ම සතුටින් බාරගත්තේ ගොඩක් ආදරෙන්. ගතවුණු ඒ හැම හාදුවකින්ම සිදුවුනේ දෙදෙනා අතර තිබුණු ප්‍රේමය ටිකෙන් ටික වැඩිවුණු එක විතරමයි.


අන්තිමටම යෙදිලා තිබුනේ මේ නර්තනයේ අමාරුම කාර්ය. ජිමින් මිසෝ දිහා බැලුවේ මිසෝ පුංචි සිනාවකින් තමන් සුදානම් බව දන්වනකොට. ඒ අවසරය ලැබුණු සැනින් ජිමින් කෙල්ලව ඉහලට එසවූයේ මිසෝ මෙතරම් දවස් බියවෙලා හිටපු අන්තිම අංගයට සහය වෙන්න. 

NOONA  | PJM ✔Where stories live. Discover now