21. Broken

476 141 90
                                    


ඔහොම ටික ටික දවස් ගත වෙලා ගියේ ඇසිපිය හෙලන මොහොතකින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔහොම ටික ටික දවස් ගත වෙලා ගියේ ඇසිපිය හෙලන මොහොතකින්. ගත වුනු සුන්දර දවස් කිහිපය තුල හෝසොකුයි යුන්ගි එකිනෙකාගෙන් වෙන් වෙලා හිටපු මොහොතක්වත් හොයාගන්න බැරි වුනා. ඒ තරම් ඔවුන් එකිනෙකා හා බැදුනා, එකිනෙකාට හදවතින්ම ආදරය කලා.

 ඒ සමගම මේ දවස් කිහිපය තුල සෝකුක් දෙන්නත් ප්‍රේමයේ පහස වින්දේ හරිම ආදරෙන්.


නමුත් ඒ අතරතුර එක්කෙනෙක් තවමත් තනිකඩයි. හැමදාම දකින ඒ හුරතල් හිනාව ඉස්සරහට ගිහිල්ලා ඒක කියන්න කොල්ලා පසුබට වුනා. ජිමින් එදත් එහෙමයි අදත් එහෙමයි ඒත් ඉස්සරහට..?


ජිමින් අද උදෙන්ම අවදිවෙලා පිරිසිදු වෙලා කොලේජ් එකට යන්න සූදානම් වුනේ විශ්වවිද්‍යාල උත්සවයට තව සීමිත දින ගණනක් තිබුණු නිසා කොල්ලයි කෙල්ලයි ඒ වෙනුවෙන් උදේ පාන්දරින්ම පුහුණු වීම් කරන්න හිතාගත්ත හින්දා.

ඉතින් කොල්ලා තමන් අද ඉක්මනින් කොලේජ් එකට යනවා කියලා දන්වන්න හෝසොක්ගේ රූම් එකේ දොර කඩාගෙන බිදගෙන ඇරගෙන ගියේ කොල්ලා හැමදාම එහෙම කරපු බව කොල්ලට මතක් වෙනකොට. 


හැබැයි ඒ දැක්ක දර්ශනේ නිසා ජිමින් ඒ මොහොතේ ඉදන් ආයි කවදාවත් හෝසොක්ගේ රූම් එකට එහෙම නොයන්න තීරණය කලා.

'යා.. තොපි දෙන්නා.. මගේ ළමා මනස දූෂණය වුනා යකෝ..'

රූම් එක ඇරගෙන ගියපු ගමන්ම කොල්ලා ගියපයින්ම එලියට ආවේ එයාලා ඊයේ රෑ විශේෂ වැඩක නිරත වෙලා කියලා දුටුව පමණින් සාක්ෂි ලැබෙනකොට.


ඊළගට කොල්ලා සෝහගේ රූම් එකට කඩාගෙන බිදගෙන ගියේ කෙල්ල උදේ පාන්දරින්ම නැකතට වැඩ පටන් ගන්න බව ඉවෙන් වගේ දැනගෙන ඉද්දියි.

NOONA  | PJM ✔Where stories live. Discover now