13. My Cinderella

519 157 16
                                    


ජිමින්ට ඒ මොහොතේ තමන්ට 'සුබ උදෑසනක්' කියලා සුබපතන අයටවත් සුබ පතන්න බැරි වෙන තරමටම කලබල වෙලා හිටියේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජිමින්ට ඒ මොහොතේ තමන්ට 'සුබ උදෑසනක්' කියලා සුබපතන අයටවත් සුබ පතන්න බැරි වෙන තරමටම කලබල වෙලා හිටියේ.

 ඉතින් කොල්ලා ඒ හැමෝටම 'උදෑසනක්.. උදෑසනක් හැමෝටම.. ඉඩදෙන්න ඉක්මනට..' කිය කිය වේගෙන් දුවන් ගියේ එයා වෙනුවෙන් දැනටමත් මගබලන් ඉන්න එයාගේ එකම ආදරේ බලාපොරොත්තුවෙන්.


කොල්ලා කොරිඩෝ එකේ මග එනකොට දැක්කේ බැලේ රූම් එක ලග කිසිම කෙනෙක් නැහැ කියලා. ඔව් ඒ වෙනකොටත් හැමෝම පුහුණුවීම් පටන් අරගෙනයි තිබුනේ.


ජිමින් තමන්ගේ වැලමිටෙන් දැනටමත් මූහුණ ආක්‍රමණය කරගෙන හිටපු දහඩිය ටික පිහදාද්දි කොල්ලට ඇහුනේ පියානෝවකින් වයන සංගීතයක හඩක්. ටික වෙලාවක් යනකොට ඒ ඇහෙන්නේ පටිගත කරපු එකක හඩක් කියලා හොයාගන්න ජිමින්ට වැඩි වෙලා ගියේ නැහැ.

ජිමින් අඩියෙන් අඩිය තිය තිය බැලේ රූම් එකට යාබදව තිබුණු ඒ හඩ ඇහුනු පැත්තට ගියේ ගොඩක් නොයිවසිල්ලෙන්. මොකද කොල්ලා හොදටම දන්නවා ඒ ඇහෙන්නේ සින්ඩරෙල්ලා නර්තනයේ තනුව කියලා. 


ලබ් ඩබ් ලබ් ඩබ්

ජිමින් දැනගෙන හිටියේ නැහැ ඇයි හැමතිස්සෙම තමන්ගේ හදවත මේ විදිහට ගැහෙන්නේ කියලා. හැබැයි කොල්ලා දැනගෙන හිටියා එහෙම වෙන්නේ කෙල්ල ලග ඉන්නකොට විතරයි කියලා.


කොල්ලා ටික ටික ලං වුනේ කිරිසුදු පාට ලීවල තවරලා කැටයම් වලින් අලංකාර කරලා තිබිච්ච ලස්සන දොරක් ලගට. ජිමින්ට මතකයි මේ රූම් එක ගැන. එයාට මතක් වුනා මේ බැලේ රූම් එක විශේෂ පුහුණුවීම් සදහා වෙන්කරලා තිබුණු එකක් කියලා.

 දොරටුවට යාබදව තිබුණු සුදුපාට කවුළුවෙන් කොල්ලා එබිලා බැලුවේ ඇතුලේ මොකක්ද වෙන්නේ කියලා.


එයා දැක්කා පිටුපස හැරිලා ඉන්න ගැහැණු ළමයෙක්ව. ඒ ගැහැණු ළමයට තිබුනේ පිරිපුන් සමක්.  ඒත් එක්කම කොල්ලා දැක්කේ ඒ කෙල්ලගේ කොන්ඩේ ගහලා තියෙන සුදු පාට කොන්ඩ කටුව. ජිමින්ගේ මුවග පුංචි සිනහවකින් සැරසෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ.


කෙල්ල තමන්ගේ ඇගිලි තුඩු වලින් හිටගත්තේ ගොඩක් පළපුරුදු විදිහට. ඊළගට මිසෝ තමන්ගේ ඉස්සරහා තිබුණු විශාල කැඩපතට ගෞරව කලේ ප්‍රේක්ෂයෝ කියලා හිතාගෙන. ජිමින් ඇසිපිය නොහෙලා බලාගෙන හිටියේ කෙල්ලගේ නර්තනය දිහා. කොල්ලා වශිවුනා. ජිමින් වශිවුනා මිසෝගේ හැම අංග චලනයකටම. ඒතරම් ඒ හැමදෙයක්ම අංගසම්පුර්ණ උනා.


සංගීතයේ රිද්මයට කෙල්ල ඇස් පියන් සින්ඩරෙල්ලා භූමිකාව රගදැක්වුවේ හරිම සැහැල්ලුවෙන්.

කොල්ලා මේ දිහා බලාගෙන පියනැගුවේ වෙනම ලෝකයකට. 


ඉතින් වටපිටාවේ වෙන කිසිම දෙයක් නැවත වරක් ජිමින්ගේ අවදානයට යොමු වුනේ නැහැ. කොටින්ම කිව්වොත් මිස් ග්‍රේස් තමන්ගේ එහාපැත්තෙ ඉදන් තමන්ට කතා කරන බවවත් කොල්ලට තේරුනේ නැහැ. මොකද කිව්වොත් ජිමින්ගේ ගත මෙතන තිබුනට ජිමින්ගේ හිත දැනටමත් එයාගේ සින්ඩරෙල්ලා හොරාගෙන ඉවරයි.


#Tobecontinued

NOONA  | PJM ✔Where stories live. Discover now