25. Stupid Charming :|

487 142 38
                                    

'ඔප්පා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

'ඔප්පා.. දන්නවද මන් කොච්චර බය වුනාද කියලා?'

කෙල්ල තාමත් හිටියේ ජිමින්ට තුරුල් වෙලා. සෝහා හිතුවේ තමන්ගේ ඔප්පා තමන්ට සදහටම නැති වේවි කියලා.

'සෝහා.. මන් දැන් හොදින් ඉන්නවනේ බබා. කෝ ඔප්පා දිහා බලන්න..'

සෝහා තවමත් අලුත් වෙන කදුළු සමග කොල්ලා දිහා බැලුවා. ජිමින්ට ඒ වෙලාවේ දැනුනා තමන් නොසැලකිලිමත්ව කරපු වැඩේ බරපතලකම. මොකද තමනුත් අද මේ ලෝකේ දාලා ගියා නම් සෝහා මේ ලෝකේ තනි වෙනවා. ජිමින් සෝහව තවත්  තුරුල් කරගත්තේ ගොඩක් ආදරෙන්, සමාව ඉල්ලන ගමන්.

ජන්ග්කුක් මේ දිහා සිනහමුසුව බලාගෙන හිටියේ ගොඩක් සතුටින්. ඒ එක්කම ජිමින් ජන්ග්කුක් වෙත සිනහවක් යොමු කලේ "මගේ ජිවිතේ වටිනම වස්තුව ආදරෙන් බලාගන්නවට ගොඩක් ස්තුතියි.." කියලා කියන්න.

'ජිමිනා.. තමුසෙට අද මම බල්ලා..'

'යා.. යා.. උබලා මගේ ඇගේ ඉතුරු අඬු ටිකත් ගලවන්නද හදන්නේ?'

හෝසොක්, යුන්ගි දෙන්නා පැනපු ගමන් ජිමින්ව බදාගත්තේ කොල්ලත් ආපිට කොල්ලෝ දෙන්නව සතුටින් බදාගන්නකොට.

'තමුසේ දැන් ඉන්නේ හොස්පිට්ල් එකේ නෙමෙනම් මන් තොගේ අඬු ටික මෙලහකටත් කඩලා.. බූරුවා!!'

හෝසොක් ජිමින්ට රවන ගමන් එහෙම කියනකොට කොල්ලා බැලුවේ යුන්ගි දිහා. යුන්ගිත් තමන්ගේ ෂර්ට් එකේ අත් දෙක නවන ගමන් තමන් දිහා අලුකරන බැල්මකින් බලාගෙන ඉන්නකොට කොල්ලා ඊළගට බැලුවේ සෝහා දිහා. කෙල්ලත් තමන් දිහා දත්මිටි කමින් බලාගෙන ඉද්දි ජිමින් ලොකු කෙල ගුලියක් ගිලලා කතා කරන්න පටන් ගත්තා.

'මියානෙහ්.. මියානෙහ්.. චොම්මල් මියන්හෙයෝ.. දැන්වත් ටිකක් මනුස්සයෝ වගේ හිටපල්ලකෝ..'

NOONA  | PJM ✔Where stories live. Discover now