29. Jimin

420 133 9
                                    


හෝසොක් එකපාරටම ඇහැරුණේ තමන්ට තදබල වතුර තිබහක් ඇතිවුණු නිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හෝසොක් එකපාරටම ඇහැරුණේ තමන්ට තදබල වතුර තිබහක් ඇතිවුණු නිසා. ඉතින් කොල්ලා නිදිමතෙන්ම ටේබල් එක ලගට ඇවිදගෙන ගිහින් වීදුරුවකට වතුර පුරවගෙන ඇස් දෙක පිහදාන ගමන්ම ජිමින්ගේ බෙඩ් එක දිහා බැලුවා.


'කොහේ ගිහින්ද මූ..?'


ඒ වෙනකොටත් මධ්‍යම රාත්‍රියත් පහුවෙලා. මුළු රෝහලම නිහඩයි හරියට මිනිස් වාසයක් නැති තැනක් වගේ. හෝසොක් තමන්ගේ කබාය අරගෙන රූම් එකෙන් හෙමින් එලියට ඇවිල්ලා ටෝච් එකත් අතට අරගෙනම ජිමින්ව හොයන්න ගත්තේ කලබලෙන්. 

කොල්ලට හිතුනා යුන්ගිට කෝල් කරලා මේ ගැන කියන්න. ඒත් යුන්ගිත් මේ දවස් කිහිපයේම ගොඩක් මහන්සි වුනු නිසා කොල්ලට ඒදේ කරන්න හිත දුන්නේ නැහැ.


'ජිමිනා.. කොහෙද ඔයා..?'

කොල්ලා අඩ අදුරේ ගිලිලා තිබුණු රෝහලේ අස්සක් මුල්ලක් නෑරම සෝදිසි කරන්න පටන්ගත්තේ පිස්සුවෙන් වගේ. 

මොකද හෝසොක් දන්නවා ජිමින් මේ තත්වෙත් එක්ක තව මොනවා හරි කරගත්තොත් ජිමින්ට තියෙන අන්තිම බලාපොරොත්තුවත් නැතිවෙන වග.


කොල්ලා තමන්ගේ ටෝච් එකේ එලිය ටික ටික අඩු වීගෙන එනකොට ටෝච් එකට අතින් පහරක් එල්ලකලේ තව මද වෙලාවක් එහි එලිය රදවාගන්න උත්සහ කරනගමන්.

ඒ එක්කම හෝසොක්ට ඇහුනේ හඩක්. හරියට මොකක් හරි දෙයක් පෙරලනවා වගේ.


හෝසොක් කබාය තවත් තදින් පොරවාගන්න ගමන් සීතලෙන් ගැහෙමින් කොරිඩෝව දිගේ ඒ හඩ ඇහෙන පැත්තට අඩිය තිබ්බේ මදක් චකිතයෙන්. ඒ කාමරය අසලටම ගිය හෝසොක්ට ඒ රූම් එක මොකක්ද කියලා වටහාගන්න වැඩි වෙලාවක් ගියේ නැහැ.

NOONA  | PJM ✔Where stories live. Discover now