07. She's my sis!

505 173 27
                                    


'සෝහා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

'සෝහා..'

ජිමින් ලොකු කෙල ගුලියක් ගිලින ගමන් කිව්වේ තමන්ගේ ආදරණිය නැගණිය මේ වගේ පුපුරන්න ඔන්න මෙන්න ඉන්න හේතුව කොල්ලා හොදටම දන්න නිසා.






කොල්ලෝ තුන්දෙනාම තමන්ගේ ඉස්සරහින් යන කොන්ඩේ උරහිසට විතර තියෙන චූටි කෙල්ල පස්සෙන් කටවහගෙන ගියේ ඒක ඇගට ගුණයි කියලා තේරුණ නිසා.


'මෙන්න..'

සෝහා, කොල්ලෝ තුන්දෙනා වාඩිවෙලා ඉන්න මේසෙට තමන්ගේ බෑග් එකේ මෙච්චර වෙලා තිබුණු ලියුම් ටික හැලුවේ කනෙන් දුම් දාන ගමන්.


'සෝහා බබා.. හරි දැන් මෙතනින් හොද ළමයා වගේ ඉදගන්නකෝ'

හෝසොක් එහෙම කිව්වේ කෙල්ලව සන්සුන් කරන්න හිතාගෙන. ඒ වුනත් එකෙන් උනේ කෙල්ලට තවත් තරහා ගියපු එක.


'මට නම් දැන් මේක ඇති වෙලා තියෙන්නේ ඔප්පා.. මන් කිව්වා ඔයාලට මන් ඔයාලගේ නංගි කියලා අනික්ළමයින්ට තේරෙන්න දෙන්න එපා කියලා.. දැන් මේ බලන්න ඉගෙනගන්නවට වඩා මට කරන්න වෙලා තියෙන්නේ එක එක කෙල්ලෝ ඔයාලට දෙන්න කියලා උස්සන් එන ලියුම් එකතු කරන එක...'

කෙල්ල අන්තිම ටික කිව්වේ අතේ තිබුණු බෑග් එක විසි කරන ගමන්. හොදට හරිබරි ගැහිලා පුටුවේ නිදාගෙන හිටපු යුන්ගිගේ ඔලුවට ඒක වැදිලා කොල්ලා ඇහැරුනේ රුසියානු බෝම්බ ප්‍රහාරයක්වත් මේ පැත්තට ආවද කියලා බලන ගමන්.


'මෝ සෝහා.. මොකෝ මේ?'

යුන්ගි ඇස් දෙක පිහදාන ගමන් කෙල්ලව පුටුවෙන් වාඩි කරව ගත්තා.

NOONA  | PJM ✔Where stories live. Discover now