08. Do you like him too?

502 174 10
                                    


ඊලග මොහොතේ ජිමින්ගේ අත් තිබුනේ ජන්ග්කුක්ගේ කොලර් එකේ

اوووه! هذه الصورة لا تتبع إرشادات المحتوى الخاصة بنا. لمتابعة النشر، يرجى إزالتها أو تحميل صورة أخرى.

ඊලග මොහොතේ ජිමින්ගේ අත් තිබුනේ ජන්ග්කුක්ගේ කොලර් එකේ. කොල්ලට මෙච්චර තරහා ගිහිල්ලා තියෙනවා සෝහා කවදාවත් දැකලා තිබුනේ නැහැ. ඒවගේම හෝසොක්, යුන්ගි දෙන්නත් ජිමින් වගේම තරහෙන් පුපුර පුපුර ඉද්දි කෙල්ලට ගොඩක් බය හිතුනේ තව ටිකකින් වෙන්න යන දේ එච්චර හොද දෙයක් නෙමෙයි කියලා කෙල්ලට ඉවෙන් වගේ තේරෙනකොට.


'අනේ ඔප්පා.. ජන්ග්කුක්ව අත අරින්නකෝ..'

'සෝහා, තමුසේ කටවහගෙන පැත්තකට වෙලා ඉන්නවා.. මේක මම බලාගන්නම්.. !!'


එහෙම කියලා ජිමින් හෝසොක්ට ඇස් වලින් ඉගි කලේ කෙල්ලව එක්කගෙන යන්න කියලා කියන්න. ඒත් එක්කම යුන්ගි ජන්ග්කුක් එක්ක ඇවිල්ලා හිටපු අනිත් කොල්ලගේ බෙල්ලෙන් අල්ලගත්තේ ඒ පිරිමි ළමයා ජන්ග්කුක්ව, ජිමින්ගෙන් ගලවන්න උත්සහ කරද්දියි.


'කියපන්, තමුසෙ මොකක්ද කියන්න හැදුවේ..'

ජිමින්, ජන්ග්කුක්ගේ නිකටෙන් අල්ලගෙන සමච්චල් හිනාවක් දාගෙන ඇහුවේ ජන්ග්කුක් මොකුත් නොකියා බිම බලාගෙන ඉන්නකොට.


'ජන්ග්කුකා.. කියපන්කො මනුස්සයො'

ජන්ග්කුක්ගේ හොදම යාළුවා එහෙම නැත්තම් ටේහියන්ග් එහෙම කෑ ගගහා ජන්ග්කුක්ට කියනකොට, යුන්ගි මේ කන්කරච්චලේ අහන් ඉන්න බැරි නිසා මේසේ උඩ තිබුණු පෙම් හසුනක් ටේගේ කටට එබුවේ ටේ, යුන්ගි දිහා 'මූ මොකෙක්ද?' වගේ බැල්මකින් බලනකොට.


'සීකර්, මම සෝහට ආදරේ කරනවා..'

නහර ඉලිප්පිලා රතුම රතු පාටට හැරිලා තිබුණු ජිමින්ගේ අත ජන්ග්කුක්ගේ කොලර් එකෙන් ටික ටික බුරුල් වුනේ කොල්ලා, ජන්ග්කුක් දිහා පුදුමෙන් බලන් ඉන්නකොට.


'මෝ..?'

'දේ.. මන් එයාට ආදරෙයි, ගොඩක් ආදරෙයි.. මන් සෝහට මේ ගැන ගොඩක් පාරක් කියලා තියෙනවා.. එයා එයාගේ ඔප්පලාගේ කීමට පිටින් යන්න කවදාවත් කැමති උනේ නැහැ.. ඒකයි මම ආවේ සීකර්ගෙන් මේ ගැන කෙලින්ම අහන්න..'


ජන්ග්කුක්, ජිමින් දිහා බැලුවේ කදුළු පුරවගෙන. කොල්ලට එකපාරටම හිතාගන්න බැරි වුනේ තමන් මොනාද කරන්න ඕනේ කියලා. ජිමින්, ජන්ග්කුක්ගේ කොලර් එකෙන් අත් අයින් කරලා සෝහා ලගට ගියේ කෙල්ල ලැජ්ජාවෙන් මූන වහගෙන ඉන්නකොට.


'මැණික, ඔයත් එයාට කැමතිද?'

ජිමින් , කෙල්ලව බදාගෙන ඇහුවා. ඒත් කෙල්ලගෙන් කිසිම උත්තරයක් නොලැබෙනකොට ජිමින්, සෝහගේ මූණේ තිබුණු අත් දෙක අයින් කරලා හිනාව මැඩගෙන කෙල්ල දිහා බැලුවා.

'මන් දන්නේ නැහැ....'

සෝහා, ජිමින්ගේ පපුවට එකක් ගහලා මූනත් වහගෙන එතනින් දුවගෙන ගියේ කොල්ලෝ තුන්දෙනාම හිනා වෙවී කෙල්ලට කතා කරද්දියි.


'අයිගෝ.. අපේ කෙල්ල දැන් ලොකුයිනේ..'

යුන්ගි, ජිමින්ගේ උරහිසට අතක් දාගන්නකොට හෝසොක් ඇවිල්ලා කොල්ලෝ දෙන්නව බදාගත්තේ අඩන ගමන්.

'අනේ.. මගේ පොඩි එකා..'

'යා.. උබ අඩනවද හොබ්බෝ..'

ජිමින් කදුළු හංගගෙන හෝසොක්ගෙන් ඇහුවේ කොල්ලා ටැප් එකක් ඇරලා වගේ අඩන්න පටන්ගන්නකොට. ඊට පස්සේ කොල්ලා බැලුවේ ජන්ග්කුක් දිහා. ජන්ග්කුක්ගේ උඩ ඉදන් යටටම බලපු කොල්ලා ජන්ග්කුක්ට හිනා වෙලා අත දුන්නා.

'මගේ අකමැත්තක් නැහැ..'

'කුමාවෝ.. සීකර්!'


'අනියා.. අපිට හියුන් කියන්න.. අපි දැන් ඔයාලගේ හියුන්ලා වගේ තමයි'

හෝසොක්, කොල්ලෝ දෙන්නගේ පිටට තට්ටු කරන ගමන් කිව්වේ කොල්ලෝ දෙන්නත් සතුටින් එයාලා දිහා බලනකොට.කොල්ලෝ පස් දෙනාම ඊට පස්සේ එකට කෑම කෑවේ ටික ටික එකිනෙකාව හදුනා ගන්න ගමන්.






'සෝහා, මම ඇතුලට එන්නද?'

ජිමින් කෙල්ලගේ රූම් එකේ දොරට තට්ටු කලේ දවල් කොලේජ් එකේ දැක්කට පස්සේ කෙල්ලව දැක්කේ නැති නිසා. සෝහගෙන් උත්තරයක් නැතිකොට ජිමින් දොර ඇරගෙන ඇතුලට ගියේ මුළු රූම් එකම අදුරෙන් ගිලිලා තියෙද්දියි.


#Tobecontinued

NOONA  | PJM ✔حيث تعيش القصص. اكتشف الآن