31. You're my Destiny ♡

428 133 20
                                    


කොල්ලා තමන්ගේ අතේ තියෙන සෝජු බෝතලේ හිස් කරන ගමන් බලාගෙන හිටියේ මිසෝ දිහා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කොල්ලා තමන්ගේ අතේ තියෙන සෝජු බෝතලේ හිස් කරන ගමන් බලාගෙන හිටියේ මිසෝ දිහා. කෙල්ල අත් දෙකෙන්ම සෝජු බෝතල් දෙකක් අරගෙන මාරුවෙන් මාරුවට බීගෙන බීගෙන ගියේ ලෝකයේ තියෙන රසවත්ම පානය සෝජු කියලා හිතන ගමන්.


උඩට කරලා ගැටගහලා තිබුණු කොන්ඩේ ලිහිලා මිසොගේ සිහින් ගෙල දිගේ වැටිලා තිබුනේ හරිම නිදහස්ව. කොල්ලට දුටු පමණින් තේරුම් ගියා කෙල්ල ඉන්නේ හරිම සැහැල්ලුවෙන් කියලා ඒවගේම මේක කෙල්ල මත්පැන් පාවිච්චි කරපු පලවෙනි වතාව කියලා.


ජිමින් කෙල්ල දිහා හරිම ආදරෙන් බලාගෙන හිටියේ මිසෝ ඉන්නේ හරිම සතුටින් කියලා කොල්ලා දැක්ක නිසා. කොල්ලා මේ පැය කිහිපය තුල ගොඩක් දේවල් දැනගත්තා.

මිසෝගේ පුංචි පූස් පැටියා ගැන, තව ජන්ග්කුක්ගෙයි කෙහෙල් කිරියි අතරයි තියෙන ආත්ම ගත බැදීම ගැන, කෙල්ලගේ ඔම්මා අප්පා ගැන, කෙල්ල වැඩියෙන්ම යන්න කැමති තැන් ගැන මිසෝ වෙලාවකට හිනාවෙන ගමන් තවත් වෙලාවකට අඩන ගමන් කිව්වේ සින්ඩරෙල්ලා කතාවේ ඉන්න ප්‍රින්ස් චාර්මින් කෙල්ලගේ එහාපැත්තේ ඉදන් මේ දිහා හරිම ආසාවෙන් බලාගෙන ඉද්දියි.


'නූනා.. දැන් හොද ළමයා නිදාගමුද?'

කොල්ලා කෙල්ලගේ අතින් හෙමින් සීරුවේන් බෝතල් දෙක ගන්න ගමන් කිව්වේ කෙල්ල බාගෙට නිදාගෙන ඉන්නකොට. ජිමින්ට තේරුණා කෙල්ල දැන් ඉන්නේ හොදටම මත් වෙලා කියලා ඒවගේම මේ ගැන කෙල්ලගේ පවුලේ අය දැනගත්තොත් මිසෝට හොදටම බැනුම් අහන්න වෙන බව.


ජිමින් බෝතල් දෙක ටේබල් එක උඩින් තියලා ඊළගට මිසෝ දිහා බැලුවේ කෙල්ලව ඇදට ගෙනියන්නේ කොහොමද කියලා කල්පනා කරන ගමන්.

NOONA  | PJM ✔Where stories live. Discover now