Author's Note :)

455 108 55
                                    


●මුලින්ම කියන්න කැමතියි මේක තමයි මන් ලියපු පළවෙනි කතාව කියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

●මුලින්ම කියන්න කැමතියි මේක තමයි මන් ලියපු පළවෙනි කතාව කියලා. කතාව ලියලා ඉවර කලා කියලා දැනෙද්දී ඒ දැනුනු සතුට ඇත්තටම වචන වලින් නිම කරන්න බැහැ.❤️  කතාව මේ තරම් ඉක්මනින් එහෙම නැත්තම් දවසකට එක කොටස ගානේ දෙන්න මාව පෙළඹුවේ වෙන කවුරුත් නෙවෙයි. මේ කතාව කියවපු ඔයාලම තමයි.😁


●ගොඩක් ස්තුතියි. කතාව කියවපු හැමෝටම. ඒවගේම කමෙන්ට්ස්, වෝට්ස් වලින් මාව දිරිමත් කරපු හැමෝටම.🤗 මම මේ නිසා ලබපු සතුට දරාගන්න බැරි තරම්❤️


●ඒවගේම කතාව ඇතුලේ අකුරුවල වැරදි, වචන හරියට ගලපලා නැති තැන් ගොඩක් තියෙන්න ඇති. ඒකට සමාවෙන්න. මම පස්සේ වෙලාවක ඒ ටික එඩිට් කරන්නම්.🥰


●ඔයාලා හැමෝම දන්නවා මම කතාව පටන් ගත්ත දවසේ ඉදලා මේ වෙනකම්ම ඔයාලගෙන් කිසිම දෙයක් ඉල්ලලා නැහැ කියලා. ඒත් අන්තිම වතාවට මන් එක දෙයක් ඉල්ලනවා. කතාව ගැන ඔයාගේ හදවතට දැනුනු දෙය දිග කමෙන්ට් එකකින් කියන්න. ඒක මට මිල කරන්න බැරි තරම් වටිනවා.✨


●කතාවේ අභ්‍යන්තරය ගැන කිව්වොත් ඔයාලා හැමෝටම පේනවා මෙතන හතුරෙක් නැහැ කියලා. ඒත් ආයිත් පාරක් හොදට බලන්න. එතන අපි හැමෝම දන්න, ඒවගේම අපි ලගම ඉන්න හතුරෙක් ඉන්නවා.😌


●ඒ අපේ හිත කිව්වොත් මන් හිතන්නේ හරි. මම කියන්නේ නැහැ හැමවෙලාවෙම තමන්ගේ හදවත වැරදියි කියලා. ඒත් හතුරෙක්ව වුනත් නිර්මාණය කරන පුලුවන් තැන තමයි හිත කියලා කියන්නේ.🙃 උදාහරණයක් ගත්තොත් මානසික රෝගියෙක් වුනත් ක්‍රියා කරන්නේ තමන්ගේ අතුලාන්තයට සවන් දීලා. එයාලා විතරක් නෙමෙයි අපි කවුරුත් එහෙමයි!


●කතාවේ ජිමින් මිසෝ දෙන්නා තමන්ගේ ආදරේ සගවන්  ඉන්නවා. ඒ කොහෙද? හේයෝන් වයිර කරනවා? කොහෙන්ද? යුන්ගි හෝසොක් ආදරේ කරනවා. ඒ ආදරේ උපදින්නේ කොතනින්ද? ජන්ග්කුක් සෝහටත්, සෝහා ජන්ග්කුක්ටත් ආදරේ කරන්න පෙළඹේනවා. ඒ තමන්ගේ හදවතට සවන් දීලා.. ✨


●මන් හිතන්නේ ඔයාලට තේරුනා මම කියන්න උත්සහ කලේ මොකක්ද කියලා. හැමවෙලාවෙම තමන්ගේ හදවතට වගේම මොළයටත් සවන් දෙන්න. එතකොට තමයි අපි හැමෝම සමබර වෙන්නේ. එක පැත්තකට නැබුරු වෙනවා කියන්නේ අපේ ජිවිත අස්ථාවර වෙනවා කියන එක නෙමෙයිද? 🙊


●එහෙනම් මට යන්න වෙලාවත් ඇවිත්. ස්තුතියි ආයිත් පාරක් මාව මගේ කතාව ආදරෙන් පිලිගත්තට. සමහරවිට මේක මම මේ අවුරුද්දේ ලියන අන්තිම කතාව වෙන්න පුලුවන්. මේ අවුරුද්දේ දෙසැම්බර් විභාගයට මම හොදට පාඩම් කරන්න ඕන.😇


●එහෙනම් ඔයත් ඔයාගේ ප්‍රින්ස් චාමින්ව හොයාගන්න පසුබට වෙන්න එපා. එයා සමහරවිට ඔයාගේ ලගම ඇති.🤭 ඒත් ඉගෙනගන්න කාලේ ප්‍රින්ස් චාමින් නෙමෙයි මොන යකා ආවත් රැවටෙන්න එපා.😐🔪 අධ්‍යාපනයට මුල් තැන. එතනින් පස්සේ ඔයාගේ කතාව ලස්සනට ලියන්න ඔයාට පුලුවන් වෙයි. මට විශ්වාසයි!😁❤️


එහෙනම් ක්වින්ට් සමුගන්නවා.. ඔයාලා හැමෝටම මුළු හදවතින්ම සුබ අනාගතයක් පාර්ථනා කරනවා. 😘



Fiction by @Quintlac =)

Tuesday 3rd of May 2022

NOONA  | PJM ✔Where stories live. Discover now