11. ..First kiss..

516 160 32
                                    


'සෝහා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

'සෝහා.. මේ මම.. ජන්ග්කුක්!'

කොල්ලා කෙල්ලගේ උරහිස් වලින් අල්ලගෙන මූණට එබිලා කිව්වා.


'යාහ්.. පිස්සු හැදිලද මනුස්සයෝ? තව ටිකකින් හාර්ට්ඇට්ටැක් එකක් හැදෙනවා..'

සෝහා බොරු තරහක් මවාගෙන එකපාරටම ජන්ග්කුක්ට අතේ තිබුණු බෑග්‍ එකෙන් ගහගෙන ගහගෙන ගියේ කොල්ලා හිනා වෙවී කෙල්ලට ගහන්න ඉඩදීලා බලාගෙන ඉන්නකොට. 


ජන්ග්කුක්ගේ සද්දන්ත ශරීරෙට කෙල්ලගේ පොඩි බෑග් එකෙන් ගැහුවට කොල්ලට රිදෙන්නේ නැහැ කියලා කෙල්ල දැනගෙන හිටියත් වුනු ලැජ්ජාවෙන් බේරෙන්න එහෙම කරන්න උනා.


ඊලග මොහොතේ ජන්ග්කුක් කෙල්ලව තමන් ලගට ඇදලා අරගෙන කෙල්ලගේ නලලෙන් තමන්ගේ නළලත් තියලා සෝහව තමන් ලගට තව තවත් තද කරගත්තේ කෙල්ලව ටිකක් සන්සුන් කරන්න හිතාගෙන. කොල්ලට දැනුනා කෙල්ල වේගෙන් හුස්ම ගන්නවා කියලා. ජන්ග්කුක්ට මොහොතකට හිතුනා සෝහා ඒ වෙලාවේ හොදටම බය වුනා කියලා.


ටිකෙන් ටිකෙන් ටික සෝහා සාමාන්‍ය විදිහට හුස්ම ගන්න පටන් ගන්නකොටම ජන්ග්කුක් තමන් තුරුල් කරගෙන ඉන්න චූටි තාර පැටියා දිහා බලාගෙනම කතා කරන්න පටන් ගත්තේ කෙල්ලව චුට්ටක් අවුස්සලා ගන්න කියලා හිතාගෙන.

'අයිගෝ!! මම හිතුවේ නැහැනේ මගේ මැර කෙල්ල මෙච්චර බය වෙයි කියලා..'


ජන්ග්කුක් කට කොනෙන් හිනාවෙවී එහෙම කියද්දී ඊලග මොහොතේ කොල්ලට තරු විසික් උනේ කෙල්ල කරපු වැඩේට. ජන්ග්කුක්ගේ කට වහන්නත් හිතාගෙන කෙල්ලත් කටකොනින් හිනා වීගෙනම දණහිස නවලා කොල්ලට පාරක් දුන්නා.

NOONA  | PJM ✔Where stories live. Discover now