24. Chim! No way

423 140 22
                                    


'අප්පා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

'අප්පා.. අප්පා.. !!'


තමන්ගේ ඔප්පා මේ විදිහට අසිහියෙන් කෑගහන විදිහ දිහා තවත් බලාගෙන නොහිටපු සෝහා ICU එක තුලට දුවගෙන ගියේ යුන්ගියි හෝසොක් දෙන්නත් කෙල්ලගේ පස්සෙන් දුවගෙන එනකොට.


'ඔප්පා.. අනේ ඇයි මේ.. මන් දිහා බලන්නකෝ ඔප්පා. සෝහා පොරොන්දු වෙනවා හැමදාම ඔප්පා කියන දේ අහනවා කියලා.. චේබල් මන් දිහා බලන්නකෝ..'


කෙල්ල ජිමින්ව තදින් බදාගත්තේ හය්යෙන් අඩන ගමන්. ජිමින්ට ප්‍රතිකාර කරමින් හිටපු ඩොක්ටර් නම්ජුන් ජිමින්ව බලාගන්න එතන හිටපු අයට උපදෙස් දීලා සෝහව එක්කගෙන ගිහින් යුන්ගියි, හෝසොක් වෙතටයි බාරදුන්නේ හෝසොක් කෙල්ලව ගිහින් පුටුවකින් වාඩි කරවලා සනසන්න උත්සහ කරනකොට.


'ජිමින්ට.. දැන් කොහොමද හියුන්?'

යුන්ගි, සෝහා දිහා කදුළු පුරවාගෙන බලන ගමන් තමන්ගේ හියුන්ගෙන් ඇහුවේ නම්ජුන් ICU එක දිහා බලලා සුසුමක් හෙලලා කතා කරන්න පටන්ගනිද්දියි.


'යුන්ගියා.. අපි අපේ උපරිම උත්සහය දැරුවා. කොල්ලා දැන් බරපතල තත්වෙන් මිදිලා ඉන්නේ. බොහෝදුරට තව පැය තුනකින් විතර ජිමිනට සිහිය එයි.. ඒත් අපිට ප්‍රශ්නයක් තියෙනවා යුන්ගි!!'

'ඒ මොක..ක්ද'

'ජිමින්ට තව මාසයක් වත් යනකම් ඇවිදින්න බැරි වෙයි..'

කොල්ලා ඒක අහපු ගමන්ම ලග තිබුණු බිත්තියට හේත්තු වුනා.

'අපිට මේකට මොකක්වත් කරන්න බැ..රි වෙයි..ද හියුන්..?'

'ඒක..'


'සෝහා..'

යුන්ගි ඒ දිහා බලද්දී දැක්කේ සෝහා දිහාවට දුවගෙන යන ජන්ග්කුක්ව. ඊට පස්සේ කොල්ලා දැක්කේ ජන්ග්කුක්ගේ පිටුපසින් ICU එකේ ග්ලාස් එක ලගට හෙමින් ඇවිදන් යන මිසෝව. 


කෙල්ල හෙමින් හෙමින් ඒ දිහාවට ගියේ හිතට අමුතු බයක් දැනෙනකොට.

'චිම්.. ඔයා.. අන්ද්වේ..'

මිසෝ තමන්ගේ අත් වලින් තමන්ගේ මුව වහගත්තේ ඇස් වලින් ගලන කදුළු කැට එකින් එක ජිමින් වෙනුවෙන් ලියවෙනකොට. කෙල්ල තව එක මොහොතක් වත් නොබලා එතනින් දුවගෙන ගියේ තමන්ගේ කදුළු ඉක්මනින් නිදහස් කරගන්න පුලුවන් තැනකට.


යුන්ගි තමන්ගේ හියුන්ට සමුදීලා මිසෝව හොයාගෙන ගියේ කෙල්ල එක්ක ටිකක් කතා කරන්න හිතාගෙන.

යුන්ගි ගැහැණු ළමයින්ගේ වොෂ්රූම් තියෙන තැන ලගට වෙලා ගොඩක් වෙලා බලාගෙන හිටියේ මිසෝ එනකම් බලාගෙන. දැන් පැය දෙකකටත් කිට්ටුයි කෙල්ල තාමත් නැහැ.


ඒ සමගම තමන්ට නුදුරින් දොරක් විවර වෙන සද්දයක් ඇහෙනකොට යුන්ගි ගොඩක් උනන්දුවෙන් ඒ දිහා බැලුවා. කොල්ලා දැක්කේ මිසෝව ඒත් ඒ මීට පැය දෙකකට පෙර හිටපු විදිහට නෙමෙයි. 

කෙල්ලගේ මුළු මුහුණම මැළ වෙලා, ඇස් රතු වෙලා. දකින ඕනෑම කෙනෙක්ට පෙනුනා කෙල්ල අඩලා කියලා. ඒත් කෙල්ල ඒක සගවන්න ගොඩක් උත්සහ කලේ කදුළු අත් වලින් පිහදාන ගමන් පුංචි හිනාවක් මුව රදවගෙන.

'නූනා මට ටිකක් කතා කරන්න පුලුවන්ද?'

'අහ්.. යුන්ගි ඔයා?'


'යුන්ගියා, නූනා ජිමිනට සිහිය ආවා'


#Tobecontinued

NOONA  | PJM ✔Where stories live. Discover now