Chapter 17

802 203 80
                                    

@ Jeon J Group

ජන්කූක් හිටියෙ file ගොඩකට යට වෙලා.. මොන වැඩ තිබ්බත් සැරින් සැරේ ඔෆිස් රූම් එකේ දොර දිහා බැලුවෙ එයාගෙ සෙකට්‍රි කොයි වෙලාවක හරි මතු වෙන්න පුළුවන් නිසා.. පැයක් විතර files වල වැඩ කර කර හිටිය ජන්කූක් ඔෆිස් රූම් එකෙන් එළියට ආවේ ටිකක් හුස්ම ගන්න හිතාගෙන.. Jeon J Group එකේ සේවකයෝ හරි වේගෙන් එහාට මෙහාට යන හැටි ජන්කූක් දැක්කා..
ජන්කූක්ගෙ හරාබොජි සේවකයෝ 25 දෙනෙක් ⁣ගෙන් පටන් ගත්ත Jeon J Group එක අද සේවකයෝ 2000කට වැඩි සංඛ්‍යාවක් වැඩ කරනවා.. ජන්කූක්ගෙ අප්පාට Jeon J පාලනේ කරන්න ලැබුනෙ අවුරුදු 10ක් වගේ කෙටි කාලයක් උනත්.. ඒ අවුරුදු 10 ඇතුළත කම්පැනි එක හොඳ තැනකට අරන් එන්න ජන්කූක්ගෙ අප්පාට පුළුවන් උනා.. අප්පා විසින් කම්පැනි එකට හදලා දීපු ඒ තැන ඒ විදිහටම රැක ගෙන ජන්කූක් කම්පැනි එක බාර ගන්නකම්ම අරගෙන එන්න ජන්කූක්ගෙ හැල්මොනි වුන මිසිස් ජියොන්ට පුළුවන් උනා.. ජන්කූක් යටතේ පාලනය වෙන Jeon J අද වෙනකොට කොරියාවේ හොඳම කම්පැනි 10 අතරට ඇවිත් තියෙනවා.. ඒක ජන්කූක්ගෙ දක්ෂතාවය නිසා කිව්වොත් වැරදි නැහැ..

කම්පැනි එක පුරා ඇස් යවපු ජන්කූක්ගෙ තොල් අතර පොඩි හිනාවක් ඇදිලා ගියේ තමන්ගෙ දක්ෂතාව ගැනත්, තමන්ගෙ පවුල ගැනත් ඇති උන ආඩම්බරය නිසා..

"ගුඩ් මෝනින් සර්.."

වෙලාව දවල් 12ත් පහු වෙලා තියෙනකොට උදේට සුබ පතන්නේ කවුද කියන ප්‍රශ්නෙත් එක්කම ජන්කූක් ඒ හඬ ඇහුන දිහා බැලුවා..

"යුංගි!??"

තමන්ගෙ පිටිපස්සෙන් හිටපු කෙනාව දැක්ක ජන්කූක්ට සතුටු හිතුනා වගේම ඊටත් පිටිපස්සෙන් තිබ්බ දේවල් දැකලා ජන්කූක්⁣ගෙ ඇස් උඩ ගියේ යුංගි ජන්කූක්ට ආචාර කරලා බිම බලා ගද්දි..

"යුංගියා.. මොකද උනේ...?? මේ බෑග්..??"

"මාව එළියට දැම්මා.."

යුංගි බිම බලාගෙනම කියද්දි ජන්කූක් යුංගිගෙ උරහිසට තට්ටුවක් දැම්මෙ ලිෆ්ට් එක අතින් පෙන්නන ගමන්.. යුංගි අරගෙන ආව ට්‍රැවලින් බෑග් දෙකෙන් එකක් ගද්දි අනික ජන්කූක් අල්ල ගත්තා..

"ඒයි.. උබ බොස්.."

ජන්කූක්ගෙ අතින් බෑග් එක උදුර ගන්න ගමන් යුංගි කිව්වේ ජන්කූක් ඉන්නෙ ඔෆිස් එකේ බව මතක් කරල දෙන ගමන්..

OUR DESTINY | VKOOK ✔Where stories live. Discover now