Chapter 25

1.1K 199 190
                                    

වෙනදා වගේම උදේම නැගිට්ට ජන්කූක් හිටියෙ ඔෆිස් යන්න ලෑස්ති වෙන ගමන්.. ක්ලොසෙට් එක ඇතුළට වෙලා සුදු අත් දිග ෂර්ට් එක හරියට ඇඳ ගන්න ගමන් හිටපු ජන්කූක් දැක්කෙ බෙඩ් ටේබල් එක උඩ චාජ් එකට ගහල තියෙන ටේහියුන්ගෙ ෆෝන් එක රින්ග් වෙන හැටි..

📳🎶
Summer has already spread in the air
Breeze is already blowing
The last cold snap is going out
The days were getting longer and longer
But my days were still going on and on and on
I got wet in the sun shower
And looked up at the night sky
- My You | JK

කවදාවත්ම නැතුව ටේහියුන්ගෙ ෆෝන් එකට ඇහැ දාලා බලන්න ජන්කූක්ට ඕන වුනා. මොකද මෙච්චර උදෙන්ම කතා කරන්නේ එයා දකින්න තියා හිතන්නවත් අකමැති කායි නම්? කායි හදන්නේ ටේහියුන්ට Law Firm එකට ලිෆ්ට් එකක් දෙන්න නම්? ජන්කූක්ට ඒ දේට ඉඩ දෙන්න කොහෙත්ම බෑ.. මොකද ටේහියුන් කියන්නේ ජන්කූක්ගෙ දෙයක්.. නැතුව කායි ගෙ නෙවෙයි..

කීප පාරක්ම රින්ග් වෙවී කට් වෙන ටේහියුන්ගෙ ෆෝන් එක දිහාම බලාගෙන හිටපු ජන්කූක් ෂර්ට් එකේ බොත්තම් දාන එක පැත්තක තියලා අඩියට දෙකට ෆෝන් එක ළඟට යන්න ගියේ මෙච්චර වදයක් වෙවී එක දිගට කෝල් කරන කෙනා කවුද කියලා බලා ගන්න.. ඒත් ෆෝන් එකට අතේ දුරින් තියෙද්දි වොෂ්රූම් එකේ දොර ඇරුණයින් ජන්කූක් හිටි තැනම නතර වෙලා අනික් පැත්ත හැරුනේ ටවල් එකත් ඔලුවෙ දාගෙන එන ටේහියුන්ට එයාව නොපෙනෙන විදිහට.. ආයෙත් අඩියට දෙකට හිටපු තැනටම ගියපු ජන්කූක් මුකුත් නොවුන ගානට ෂර්ට් එකේ බොත්තම් දාන්න උත්සාහ කලා.. එයා හිතුවා වගේම ටේහියුන් එයාව දැක්කෙ නෑ..

ඉන්න!? ජන්කූක් අද්‍යෘෂ්‍යමානද? ටේහියුන්ට නොපෙනෙන්න තරම්..?? නෑ නෑ.. ඇත්තටම ටේහියුන් ජන්කූක්ව දැක්කෙ නෑ.. වොෂ්රූම් එකට වෙලා ඔලුව පිහදදා හිටපු ටේහියුන්, ටවල් එකත් ඔලුවෙ දාගෙන ඉක්මනටම වොෂ්රූම් ⁣එකෙන් ආවේ එක දිගට රින්ග් වෙන එයාගෙ ⁣ෆෝන් එක ගන්න.. ඉතිං තිබුන හදිස්සිය නිසාම ටේහියුන් ජන්කූක්ව දැක්කෙ නැහැ..

ටේහියුන් එනවත් එක්කම කෝල් එක කට් වුනත් තවත් තත්පරයක් යන්නත් කලින් ආයෙත් කෝල් එකක් ආවා.. ටේහියුන් කෝල් එක ඉක්මනට ආන්සර් කලත් තමන්ට අඩි කීපයක් පිටිපස්සෙන් හිටගෙන රබර් කන දාගෙන අහගෙන ජන්කූක්ව ටේහියුන් දැක්කෙ නෑ.. චාජ් එකට ගහල තිබ්බ ෆෝන් එක ගලවපු ටේ ඔලුවෙ දාගෙන හිටපු ටවල් එකත් ඇඳ උඩට විසික් කරලා ගියේ රූම් එකේ තියෙන බැල්කනි එක ළඟට.. බැල්කනි එකෙන් එළියට යන්න ඕන වුනත් බාත්රොබ් එකත් ඇඳන් එළියට යන්න බැරි නිසා බැල්කනි එකත් රූම් එකත් වෙන් කරන විශාල වීදුරු දොර ළඟින් හිට ගත්තේ තෙත කොන්ඩෙ අතින් ගසන ගමන්..

OUR DESTINY | VKOOK ✔Where stories live. Discover now