Chapter 18

806 207 79
                                    

.
.
.
"මං අද ආවෙ ඇයි දන්නව ද?"

"නෑනේ.. ඇයි..??"

"ඔයාව එක්කන් යන්න.."

ටේහියුන් කායි දිහා බැලුවෙ පුදමයෙන්.. ඒත් ටේහියුන් දැක්කෙ නම් එයා දිහා ආදරණිය ඇස් වලින් බලාගෙන ඉන්න එයාගෙ යාළුවා කායි ව..

"මාව? කොහෙද??"

"ඩොක්ටර් ළඟට.. මං ඩොක්ටර් කෙනෙක්ව චැනල් කලා.. ඉතිං මං ආවේ ඔයාව ඩොක්ටර්ට පෙන්නන්න එක්ක යන්න.."

"ඔහ්..."

ටේහියුන්ට කායිගෙ ආදරණිය ඇස් දිහා බලාගෙන ඉන්න බැරිම තැන එයා ආයෙත් බිම බලාගත්තා..

"කායි.. ටේහියුන්.. එන්නෙ නැද්ද ⁣ඇතුළට.."

ගේ ඇතුළින් ඇහුන හැල්මොනිගෙ හඬ නිසා දෙන්නම බෙන්ච් එකෙන් නැගිටලා ගේ ඇතුළට ගියා.. හැල්මොනි නම් හිටියෙ කෑම මේසෙ ලස්සනට හදන ගමන්..

"මෙහෙ එන්න.. මෙහෙ එන්න... කායි.. ඇවිත් මොනව හරි කන්න.. ටේහියුන් ඔයත් එන්න.. ඔයා බඩගින්නෙ ඉන්න හොඳ නෑ ඔය කාලෙට.."

හැල්මොනි බලෙන්ම වගේ කායිවත් ටේහියුන්වත් කෑම මේසෙන් වාඩි කරවලා එයත් පුටුවකින් වාඩි වුනා..

"හැල්මොනි.. මං ආවේ ටේහියුන්ව එක්ක යන්න.."

කායි මේසෙ උඩ තිබ්බ සැන්විච් ප්ලේට් එක ටේහියුන්ට අල්ලන ගමන් කතා කලා..

"මගෙ පුංචි කොල්ලව කොහෙද එක්ක යන්නේ ආ??"

"මං ටේහියුන්ට ඩොක්ටර් කෙනෙක්ව චැනල් කලා.. එයාට මෙයාව පෙන්නන්න.."

"ඕ... ඒකටද?"

හැල්මොනි කායි ට හදලා දුන්න කොෆී එක, එයා ටේහියුන්ගෙ ඉස්සරහින් තිබ්බා.. හැල්මොනි ඒක දැක්කත් තමන්ටම හිනා වෙලා කායිට අලුත් කොෆී එකක් හදලා දුන්නා..

ටේහියුන් එයාගෙ කොෆී එක බොන දිහා කායි බලාගෙන ඉන්න විදිහත්, ටේහියුන් කොෆී එක බීලා තොල් දෙක දිවෙන් තෙත් කරන විදිහත්, කායි ටිෂූ එකකින් ටේහියුන්ගෙ කට උඩ තිබ්බ කොෆී පෙණ ටික සියුම්ව පිහින හැටිත්, ඒ දෙයින් ටේහියුන් පුදුම වෙන හැටිත් රතු වෙන හැටිත් හැල්මොනි නොදැක්කාමත් නෙවෙයි.. ඒ හැම දේම හැල්මොනි හොඳට බලාගෙන හිටියා.. එයාට සතුටු හිතුනා එයාගෙ අනික් මුණුබුරාත් තමන්ගෙ නොවුනත් ටේහියුන්ට සලකන විදිහට, ඒ වගේම දවසක එයා හොඳ හස්බන්ඩ් කෙනෙක් වෙන එක ගැන..

OUR DESTINY | VKOOK ✔Where stories live. Discover now