Chapter 23

972 210 61
                                    

A/N
මේ කොටස ගැන කිව්වොත්, බූසාන් වල නම්ජින් සමඟ මිසිස් කිම් අතර යම් යම් දේවල් සිද්ද වෙද්දි සෝල් වල ටේකුක් සහ අනික් අය අතර ඇති වුන දේවල් මේ..
කාට හරි අපහැදැලි නම් කියන්න මට..
______________________________________________________________________

@ HB Private Law Firm

"ටේ..."

වෙලාව හවස හය පහු වෙලා විනාඩි කීපයක් ගිහින්.. ටේහියුන් හිටියෙ වැඩ ඉවර වෙලා ගෙදර යන්න එයාගෙ බඩු ටික පැක් කරන ගමන්.. ඒ අතරේ එතනට ආවේ ජිමින්..

"චිමී.. ඔයා යන්නේ නැද්ද?"

"දැන්ම යන්නේ නෑ ටේ.. බොස්ට අනිද්දා නඩුවක් ලු.. ඒකට අවශ්‍ය දේවල් අපි කට්ටිය බලනවා.. අද රෑ වෙයි යනකොට.."

"එහෙම ද?"

"ඔයා කොහොම ද යන්නේ? ඔයාගෙ හබී.. ජන්කූක් එනවා කිව්වා ද ඔයාව ගන්න?

ජිමින් ඇහුවෙ එයාගෙ හීනී ඇස් නටව නටව ටේහියුන්ගෙ අතෙ එල්ලෙන ගමන්.. ජිමින්ගෙ හැසිරීමට ටේහියුන්ට හිනා ගියා..

...එනවා නේද? මටත් එයාව හම්බෙන්න ඕන.. මගෙ මස්සිනා වුනාට තාම කතා කරන්න බැරි වුනා..."

"එයා එන්නෙ නෑ.. මං තනියම යන්නේ.."

⁣ඇගේ ඇලිලා හිටපු ජිමින්ව ටිකක් ඈත් කරපු ටේහියුන් එයාගෙ බෑග් එක කරට දා ගත්තේ ඔෆිස් එකෙන් එළියට යන්න..

"ඔහොම ඉන්න.. මං ඔයාව පහළට එක්ක යන්නම්.."

"ඕනි නෑ චිමී.. මට යන්න පුළුවන්.. ඔයාටත් කරදරයක් නේ.."

"ටේ....!!! මං දෙයක් කිව්වොත් කිව්වම තමයි.. මෙන්න මෙහේ එන්න යන්න.."

ජිමින් එයාගෙ චූටි අතින් ටේහියුන්ගෙ අතක් එයාගෙ අතේ පටලවගෙන පහළම තට්ටුවට ආවා..

"ඔයා දැන් කොහොමද යන්නේ?"

"ටැක්සි එකක යනවා.."

"යමු.. මං ඔයාව ටැක්සි එකකට දාන්නම්.."

"අනේ චිමී.. කරදර වෙන්න එපා.."

"නෑ නෑ නෑ.. මට මගෙ යාළුවා ගැන කරදර වෙන්න ඕන.. මොකද දැන් එයා චූටි ඔම්මා කෙනෙක් නේ.."

ටේහියුන් කැමති වුනේ නෑ ජිමින් තමන් නිසා කරදර වෙනවා දකින්න.. ⁣කොච්චර එපා කිව්වත් ජිමින් කියන්නේ එයාට ඕන දේ විතරක් කරන කෙනෙක් නිසා කොයි වෙලාවකවත් ජිමින් වෙන කෙනෙක් කියන දෙයක් නම් අහන්නේ නෑ.. විශේෂයෙන් එයාගෙ යාළුවා සම්බන්ධ දේවල් වලදී..

OUR DESTINY | VKOOK ✔Where stories live. Discover now