Chapter 35

899 194 150
                                    

ජන්කූක්ගෙ උපන්දින පාටි එකෙන් පස්සේ සති තුනක්ම ගෙවිලා ගිහින් තිබ්බා. ජන්කූක් ⁣දැන් ටේහියුන් එක්ක ගොඩක් ආදරණියයි. ගෙදර ඉන්න වෙලාවට හැම වෙලාවෙම හැම තත්පරේම ජන්කූක් ටේහියුන්ගෙ ඇඟේ දැවටි දැවටි ඉන්නමයි බලන්නෙ. සමහර වෙලාවට නම් ටේහියුන්ටත් ඒක හරි කරදරයක් වුනත් හිත යටින් එයා ඒකට කැමති වුනා. ජන්කූක් එයාට ආදරේ කරනවට, එයා ගැන කෙයාර් කරනවට, එයා එක්ක ටචී වෙනවට, එයා එක්ක හුරතල් වෙනවට, එයාව හුරතල් කරනවට, ගුකී ගැන බලනවට, එයාගෙ කම්මුල් වලට, තොල් වලට, බෙලි එකට හම්බෙන පුංචි පුංචි උණුසුම් හාදු වලට ටේහියුන් ගොඩක් ආසා කලා.

මේ සති තුන පුරාම ජන්කූක් කලින් ගෙදර ආවා. අත්‍යාවශ්‍යම වැඩක් තිබ්බොත් හැරෙන්න අනික් හැම වෙලාවෙම ජන්කූක් දුවගෙන ගෙදරට හරි law firm එකට හරි යන්නේ ටේහියුන්ව බලන්න. ඒත් ජන්කූක්ගෙ මේ වැඩෙන් බැට කෑවෙ නම් සෙකට්‍රි යුංගි. මොකද ජන්කූක් ටේහියුන්ව බලන්න කලින් ගෙදර දුවන්නෙ එයාගෙ හැම වැඩක්ම යුංගිට පවරලා.

ඒකෙන් වුනේ යුංගිට ජිමින්ව ඩේට් එකකට එක්ක යන්න බැරි වුන එක. දැන් ජිමින් යුංගි එක්ක තරහා වෙලා සති දෙකක් වෙනවා. තාම එක වචනයක් එයා යුංගි එක්ක කතා කරලා නෑ. යුංගි ජිමින්ට මේ ගැන කියන්න කොච්චර උත්සාහ කලත් ජිමින් ඒ කිසිම දෙයක් ඇහුවෙත් නැහැ. එයාගෙ මතේ හැටියට,

"මං දන්නවා මං දන්නවා.. තමුසෙට දැන් මටත් වඩා අර සක්කරවට්ටම ලොකු වෙලා නේ.. නේද? ඔයාට මං කිව්වාම තමයි ඩේට් එකකට එක්ක යන්න බැරි. මීරා කිව්වා නම් එහෙම ඔය පූස් නැට්ට කකුල් දෙක අස්සෙ ගහගෙන යයි..

ඇයි ඔයාටත් මං කැතයි ද යුංගි?? මං කවදාවත් ඩේට් එකකට ගිහින් නෑ. මට ඕන වුනේ මගෙ පලවෙනි ඩේට් එක මාව සතුටු කරන, මං ගැන හොයලා බලන කෙනා එක්ක යන්න.. මං හිතුවෙ ඒ ඔයා කියලා..නෑ නෑ..!! මටයි වැරදුනේ.. එදා මීරා දිහා කට ඇරන් බලාගෙන ඉද්දි මට හිතන්න තිබ්බා..
ඔප්පෑඈඈ ඔප්පෑඈඈ ගාද්දි මෝඩයා වගේ ගෑනු මායම් වලට රැවටුනා.. මාත් ඉතිං ඉදල ඉදල ⁣මාර කෙනෙක්ගෙන් ඩේට් එකකට යන්න ඇහුවානේ.. ඔම්මා කියලත් තියෙයි මේ චපල ගෑනුන්ටයි පිරිමින්ටයි රැවටෙන්න එපා කියලා..

OUR DESTINY | VKOOK ✔Where stories live. Discover now