Chapter 24

1.1K 218 86
                                    

@ Jeon House

ජන්කූක් ගෙදර යනකොට රෑ 2ත් පහු වෙලා.. අඬලා අඬලා තවත් අඬන්න කඳුළු මදි වුන තැන ජන්කූක් ගෙදර යන්න පිටත් වුනා.. ඒ යනකොටත් මුළු ගෙදර ම ලයිට්ස් දාලා.. කවුරුවත් නිදි කියල පේන පාටක් ගෙදර තිබ්බෙ නෑ.. ජන්කූක් කාර් එක පාර්ක් කරලා ගෙදර දොරත් ඇරන් ඇතුලට ගියත් එකපාරටම නැවතුනේ ගෙදර සාලේ සෝෆා එකේ නිදා ගෙන ඉන්න කෙනාව දැකලා..

"හැල්මොනී.."

ලොකු සුසුමක් පිට වෙනවත් එක්ක ජන්කූක් මිසිස් ජියොන් ළඟට අඩි තිබ්බා..

"හැල්මොනී... හැල්මොනි... නැගිටින්නකෝ..."

ජන්කූක් මිසිස් ජියොන් ගෙ උරහිස් හොලවන ගමන් කතා කලා.. ජන්කූක්ගෙ හඬ ඇහුන ගමන් මිසිස් ජියොන් ගැස්සිලා ඇහැරුනා..

"පැටියෝ?? ඔයා ආවා ද? මොක ද වුනේ? කොහෙද ගියේ?? මං කොච්චර කෝල් කලා ද? ඇයි කොල් ආන්සර් කලේ නැත්තේ??"

"හැල්මොනී.."

මිසිස් ජියොන් ⁣ජන්කූක්ව සෝෆා එකෙන් වාඩි කරවගෙන එයාගෙ අත් තදින් අල්ල ගත්තා.

"මොකක් හරි ප්‍රශ්නයක් ද ජන්කූක්?? ඔයාගෙ ඇස් ගොඩක් ඉදිමෙලා.. ⁣ඔයා හොඳින් ද?"

"මං හොඳින් හැල්මොනි.. දැන් ගොඩක් රෑ වෙලා.. ගිහින් නිදා ගන්න.. මං එනකම් හිටියට ගොඩක් ස්තූතියි.."

ජන්කූක් මිසිස් ජියොන්ගෙ අත් දෙක පිරි මැදලා හිනාවක් මූණට අරගෙන එතනින් යන්න නැගිට්ටත් මිසිස් ජියොන්ගෙ හඬට ආයෙත් නතර වුනා..

"කටින් කියන්න බැරි නම් එයාට දැනෙන්න දෙන්න, ඔයාගෙ ආදරේ.."

ජන්කූක්ගෙ ඔලුව අත ගාලා මිසිස් ජියොන් තමන්ගෙ රූම් එකට යද්දි ජන්කූක් බලාගෙන හිටියෙ එයාගෙ හැල්මොනි දිහා.. මුකුත් නොකියත් හැල්මොනි එයාගෙ හිතේ තියන දේ තේරුම් ගත්ත එක ජන්කූක්ට ලොකු පුදුමයක් වුනා.. විනාඩී කීපයක් මිසිස් ජියොන් ගිය දිහා බලාගෙන හිටපු ජන්කූක්, එයාගෙ රූම් එකට යන්න ගියේ නිදා ගන්න.. එයා බලාපොරොත්තු වුනා වෙනදා වගේ සෝෆා එකට වෙලා නිදාගෙන ඉන්න ටේහියුන්ව.. ඒත් එයා දැක්කෙ ඇඳේ හෙඩ් බෝඩ් එකට හේත්තු වෙලා බේබි බුක් එකකුත් අතේ තියාගෙන බෙල්ලත් බිමට කඩාගෙන නිදාගෙන ඉන්න ටේහියුන්ව.. එයා ඇහැරලා ඉඳලා.. ජන්කූක් එනකම්ම.. ඒත් ටේහියුන්ට තිබ්බ මහන්සියටත් එක්ක එයාට එහෙම්මම නින්ද ගිහින්..

OUR DESTINY | VKOOK ✔Where stories live. Discover now