Chapter 27

859 194 167
                                    

|| • 100 Votes & 100 Comments~

යන්තමින් වැටීගෙන ආව වැහි පොද එන්න එන්නම ලොකු වැස්සක් බවට පත් වෙලා තිබ්බා.. බැල්කනි එකට වෙලා වහලෙන් තාලෙට වැටෙන වතුරට අත අල්ලගෙන ඒ වැටෙන වතුර රටා මවමින් අත දිගේ පහලට වැටෙන හැටි ජන්කූක් බලාගෙන හිටියේ හරි ආසාවෙන්.. ⁣පුංචි කාලෙ වැස්ස වෙලාවට අප්පා එක්ක මිදුලට පැනල ඇති වෙනකම් නටන හැටිත්, ඔම්මා ගේ ඇතුලෙ ඉදන් වැස්සෙ තෙමෙන අප්පාටයි ජන්කූක්ටයි බනින හැටිත්, හැල්මොනිත් හරාබොජීත් ඒ දිහා බලාගෙන හිනාවෙන හැටිත් ජන්කූක්ගෙ මනසෙ වැලලිලා තිබ්බ ලස්සන මතකයන් ආයෙත් අවදි වුනේ ජන්කූක්ගෙ තොල් අග හීන් හිනාවක් ඇඳලා යද්දි..

එයාගෙ අතීතෙ තව තවත් මතක් කරන්න තවත් එක හේතුවක් තිබ්බා. ඒ කිම් පවුල.. කොච්චරවත් කෑ ගහන ඒත් ආදරණිය ඔම්මා, මහ හයියෙන් හිනා වෙන ජින්, අතට අහුවෙන හැම බඩුවක්ම කඩන ගමන් ජින් ගෙනුත් ඔම්මාගෙනුත් බැනුම් නම්ජූන්, ජින් සහ ඔම්මාගෙන් නම්ජූන්ව බේර ගන්න, නම්ජූන්ට ගොඩක් ආදරේ කරන පවුලේ අහිංසකයා ටේහියුන්, පැත්තකටෙ වෙලා නිහඬව ඉන්න, තවත් වෙලාවකට අඬමින් මුළු ගේම දෙවනත් කරන කිම් පවුලෙ අලුත් හුරතලා බෙකී.. මේ හැමදේම, හැම කෙනාවම ජන්කූක්ට මතක් කලේ එයාගෙ නැති වුන පවුල..
අවුරුදු අටේදී ඔම්මා අප්පා නැතුව මේ ලෝකෙ තනි වුන පුංචි කුමාරයාව බලා ගත්තේ එයාගෙ හැල්මොනි හරාබොජී දෙන්නා. ඔම්මාගෙ අප්පාගෙ අඩුව නොදැනෙන්න ඒ දෙන්නට පුළුවන් වුනා ජන්කූක්ව උස්මහත් කරන්න. කාලයක් යද්දි ආයෙත් ජන්කූක් හැල්මොනි එක්ක තනි වුනේ හරාබොජීගෙ නික්මයෑමෙන් පස්සේ..

ඒත් ජන්කූක්ට අඩුවක් වුනේ නෑ. කිසිම දේකින්. සල්ලි වලින් විතරක් නෙවෙයි ආදරෙනුත්. ආදරය ගැන ගත්තොත්, ජන්කූක්ට ඔම්මා අප්පා හරාබොජී තුන් දෙනාගෙම ආදරේ දුන්නෙ හැල්මොනි. ඒත් හැල්මොනිට පුළුවන් ද හැමවිදිහෙන්ම දැනෙන ආදරයක් ජන්කූක්ට දෙන්න? බෑ නේද? අන්න ඒ නිසයි ජන්කූක් එයාගෙ හදවත පිට ලෝ⁣කයට විවෘත කලේ.. ආදරේ හොයාගෙන ඇවිද්ද ජන්කූක්ට නිමක් නැති ආදරයක් දෙන්න පුළුවන් කෙනෙක් ඉදිරිපත් වුනේ මෙන්න මේ වෙලාවේ..

Flashback

හැමදාම නැතත් ජන්කූක් කියන්නේ උපන්දිනේ දවසට දැනෙන දුක නැති කර ගන්න බියර් වීදුරුවක් තොල ගාන්න කැමති කෙනෙක්.. ඉතිං ජන්කූක් උපන්දිනේ දවසට තනිකම මකා ගන්න එන්න පුරුදු වෙලා හිටපු කැෆේ එකට එදත් ගියා.. මුළු කැෆේ එකම සාමාන්‍යයෙන් අඳුරු ස්වභාවයක් ගත්ත එකක් වුනත් පාට පාට එලි වලින් කැෆේ එක ආලෝකමත් වුනා.. සුපුරුදු ටේබල් එකෙන්ම වාඩි වුන ජන්කූක් එයාගෙ බියර් වීදුරවෙන් උගුරු කීපයක්ම බිව්වා.. ජන්කූක්ට වට පිටාවෙ වෙන දේවල් වලින් වැඩක් වුනේ නෑ. මොකද ගොඩක් වෙලාවට මේ කැෆේ එකේ තියෙන්නෙම පාටි. ඒක සද්දබද්ද වලින් පිරුණු තැනක්.. මොකද, බර්ත්ඩේ පාටීස් වලට, ඇනිවසරි පාටිස් වලට එකී මෙකී නොකී හැම පාටී එකකටම ඒ කැෆේ එක ගොඩක් ප්‍රසිද්ද එකක් වුන එකක් නිසා.. විශේෂයෙන්ම තරුණ ප්‍රජාව අතරෙ.

OUR DESTINY | VKOOK ✔Where stories live. Discover now