Chapter 33

1K 186 68
                                    

ටේහියුන් වෙනදා වගේම අදත් law firm එකේ වැඩ. එයාට දැන් ඉස්සර තරම් කවුරුත් කරදර කරන්න එන්නෙ නෑ. මොකද හැමෝම දන්නවා ටේහියුන් කියන්නේ ජන්කූක්ගෙ හස්බන්ඩ් කියලා. මුලදි නම් ජන්කූක් කැමති වුනේ නැති වුනත්, එයා ටේහියුන්ට ආදරේ කරන්න පටන් ගත්ත දවසෙම තීරණේ කලා මේ සම්බන්ධෙ තව දුරටත් රහසක් විදිහට තියා ගන්න ඕන නෑ කියලා. ඒ වුනාට මේ සම්බන්ධෙ යුමි වෙනුවෙන් නම් තව දුරටත් රහසක්.. ඉතිං ජන්කූක්ගෙ ආදරේ නිසා දැන් ටේහියුන්ට කරදර අඩුයි. ඒත් හැමෝම බලන්නෙ එයාව චාටුවෙන් තියා ගන්න. ඒත් අර ටේහියුන්ගෙ කට සැර හොඳම යාළුවා පාර්ක් ජිමින් එක්ක ඒවා කෙහෙද!!

"ම්ම්ම්... ඔයා සතුටින් මොකක් ද හේතුව??"

ජිමින් ඇහුවෙ ෆොන් එකට මූණ ඔබාගෙන ⁣හිනාවෙවී ඉන්න ටේහියුන්ව දැකලා. ටේහියුන් ජිමින් දිහා බලලා හිනා වෙලා එයාගෙ ෆෝන් එක ජිමින්ට පෙන්නුවා..

"ඕ.. මිස්ටර් හබී CEO!! මෑන්ස් මොනවද කියන්නේ..??"

ජිමින් ටේහියුන්ගෙ ඕපන් වෙලා තිබ්බෙ මැසේජ් ඇප් එක දැකලා ඇහුවෙ ටේහියුන් ලඟට පුටුවක් ඇදන් ඇවිත් වාඩි වෙන ගමන්.

"මාව යාළු කර ගන්න ට්‍රයි කරනවා.."

"හහ්?? ඒ මොකෝ..??"

"මං එයා එක්ක තරහා වෙලා ඉන්නෙ මේ.."

ටේහියුන් එයාගෙ සුපුරුදු පෙට්ටි හිනා වෙන ගමන් කිව්වේ ජිමින් දිහා ඇස් පුංචි කරලා බලන ගමන්. ටේහියුන්ගෙ ඇස් එයාගෙ චබී කම්මුල් අස්සෙ ගිලිලා තියෙන හැටි ජිමින් හොඳට දැක්කා. එයාට සතුටු හිතුනා එයාගෙ හොඳම යාළුවා සතුටින් ඉන්න එක ගැන. ඒ වගේම එයාගෙ හස්බන්ඩ් ගැනත් ජිමින්ට පැහැදීමක් ඇති වුනා. කොච්චර ලොකු මනුස්සයෙක් වුනත්, වුනේ එයා බලාපොරොත්තු නොවුන දෙයක් වුනත් ජන්කූක් ටේහියුන්ව අත් නොහැරපු එක ගැන ජිමින් සතුටු වුනා.

"ඇයි දැන් ඒ පාර එයා මොකක් ද කලේ?"

"එයා මුකුත් කලේ නෑ.. මමයි කලේ.. මං අද උදේ එයා එක්ක නෙවෙයි ආවේ.. එයාට නොකිය ටැක්සි එකක් අරන් ඔෆිස් ආවේ.."

"ඒකට නම් මමත් එකඟ නෑ ටේ.. ඔයා, ඔයා ගැන විතරක් ⁣නෙවෙයි බබා ගැනත් හිතන්න ඕන.."

OUR DESTINY | VKOOK ✔Where stories live. Discover now