Chapter 21

920 215 55
                                    

වෙනදා වගේම සුපුරුදු විදිහට ටේහියුන් උදේම නැගිට්ටා.. හැමදාම වගේ මිසිස් ජියොන්ට කෑම හදන්නත් උදව් කරලා ටේහියුන් ආයෙත් රූම් එකට ආවේ ඔෆිස් යන්න ලෑස්ති වෙන්න ඕන නිසා.. ඒ එන කොටත් ජන්කූක් හොඳටම නිදි..

"ජන්කූක්.. නැගිටින්න.. ඔයා ඔෆිස් යන්නේ නැද්ද ජන්කූක්..?"

ටේහියුන් ජන්කූක්ට කතා කලත් ජන්කූක් නෙවෙයි නැගිට්ටෙ.. තව ටිකක් නිදා ගත්ත දෙන් කියල ටේහියුන් වොෂප් වෙලා ඔෆිස් යන්න ඇඳුම් ඇඳගෙන එනකොටත් ජන්කූක් තවමත් නිදි.. ⁣වෙලාව බලපු ටේහියුන්ට හිතුනෙ එකම දෙයයි, මෙහෙම නිදාගෙන හිටියොත් නම් එයාට වැඩට යන්න වෙන්නේ නෑ කියලා.. ඒ නිසාම ජන්කූක්ගෙ කනට කරලා මහ හයියෙන් කෑ ගැහුවෙ..

"නැගිටින්ඩෝ.. ගිනි ගන්නවෝ.. නැගිටින්ඩෝ.. බේරගනියෝ.."

ටේහියුන්ගෙ හඬින් ජන්කූක් දාඩියත් පෙරාගෙනම උඩ පැනල ඇඳේ ඉඳ ගත්තා.. ටේහියුන් ජන්කූක් දිහා අමුතු විදිහට බලාගෙන හිටියත් ජන්කූක් නම් හිටියෙ ටේහියුන්ව දැකල වෙනමම ලෝකෙක.. නිදිමතේ හිටපු ⁣ජන්කුක්ගෙ කටත් බාගෙට ඇරුනේ ටේහියුන් ව දැකලා..

 නිදිමතේ හිටපු ⁣ජන්කුක්ගෙ කටත් බාගෙට ඇරුනේ ටේහියුන් ව දැකලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"මේ එයාම ද?"

සුදු ෂර්ට් එකකුත් ඒකටම ගැලපෙන්න ඇඳපු ලා දුඹුරු පාට කලිසම ටේහියුන් ගෙ ඇඟට හොඳින් ගැලපුනා.. වෙනදා දාන කණ්ණාඩි දෙක වෙනුවට ටේහියුන් මූණට ගැලපෙන්න දාපු අලුත් ලස්සන කණ්ණාඩි දෙක, ලස්සනට පීරලා තිබ්බ තද කළු පාට ⁣කොණ්ඩෙ, මූණට ලාවට වැටුන මේකප් එකත්, චෙරි පාට දිලිසෙන තොල්, බෙල්ලෙ එල්ලිලා තියෙ පුංචි රත්තරං පාට මාලේ මේ හැමදේමත් එක්ක ටේහියුන්ව පෙනුනෙ සුර දූතයෙක් වගේ.. ඉතිං මෙච්චර ලස්සන දෙයක් ඇස් ඉස්සරහ තියෙද්දි ජන්කූක් ටේහියුන්ගෙ ලෝකෙ අතරමං නොවී තියෙය් ද??

OUR DESTINY | VKOOK ✔Where stories live. Discover now