Chapter 2

2.5K 530 103
                                    


"ඒත් අප්පා එතකොට ජන්ග්හී??"

"ඔයා චාරිත්‍ර ගැන දන්නවනේ ටේහ්‍යුන්ග්.. මටත් ජන්ග්හී ගැන දුකයි." දේහ්‍යුන් කිව්වෙ අවංකවම.

මේට් කෙනෙක් නැතුව ටේහ්‍යුන්ග් තනියම දුක් විඳිද්දි තමයි ජන්ග්හී එයාට ළංවුණේ. අවුරුදු ගානක්ම ටේහ්‍යුන්ග්ට එයාගෙ rut එක ගතකරන්න උනේ හැමෝගෙන්ම වෙන්වෙලා කැලෑව ඇතුලේ. මොකද එයාට rut එකේදි උදව් වෙන්න මේට් කෙනෙක් හිටියෙ නෑ. ඉතින් එයාගෙ ශරීරය අවුරුදු ගානක් දුක්වින්ඳා. ජන්ග්හිගෙ මේට් අසනීප වෙලා මැරුණට පස්සෙ එයා හිටියෙත් දරාගන්න බැරි තරම් වේදනාවකින්. ශක්තිමත් බීටා කෙනෙක් උනු නිසා එයාට මේට්ගේ වෙන්වීම දරාගන්න යම්තාක් දුරකට පුළුවන් වුණා. ඉතින් ටේහ්‍යුන්ග් ජන්ග්හී දෙන්නා එකිනෙකාට ළංවුණේ ඒ දුක බෙදාගන්න. මුලින් හොඳම යාලුවො උනු දෙන්නා පස්සෙ එකිනෙකාගෙ තනිකම මකාගන්න උදව් වෙන සහකරුවන් බවට පත්වුණා. ඒ වෙද්දි ඒ දෙන්නා අඳුරගෙන අවුරුදු දෙකකට ආසන්න කාලයක් ගෙවිලා තිබ්බා.
.
.
.
.
.
.
.
.
.
.
.

මේ අතරෙ මුහුදට ඇද වැටුණු කුඩා දරුවාගෙ සිහිසුන් සිරුර වෙරළකට ගොඩගසාගෙන විත් තිබුණා. ඔහුගේ සිරුර වටා එතී තිබුණු දුමාරය මිනිස් ශරීරයක හැඩ ගනිද්දි ඒ චායාව දරුවා වෙතට පාත්වුණා.

" පුංචි කුමරුනි, මා ඔබව ඔහු වෙතට භාරකරමි. ඔහු අසලින් රැඳෙන්න. ඔහුට සවියක් වෙන්න.." කුඩා දරුවාගේ සවනතට සෙමින් මිමිණුව චායාව නැවතත් හිස් වාතලය තුළ සැඟව ගියා.
.
.
.
.
.
.
.
.
.
.
.
.

"ඇල්ෆා.." එකපාරටම හතිදාගෙන ආපු purple moon pack එකේ ආරක්ෂක සෙබලෙක් එයාලගෙ කතාවට බාධා කරා.

"ජුන්වෝ?? මොකක් හරි කරදරයක්ද??" නම්ජුන් ඉක්මනට අහද්දි සෙබලා අමාරුවෙන් හුස්ම ගන්න ගමන් ඔලුව වැනුවා.

"මි..නිස්සු.." ජුන්වෝ කියද්දි එයාට බාධා කරමින් නිකුත් උනු වෙඩි හඬක් නිසා කට්ටියම තිගැස්සුණා. වෘකයින් හට සහජයෙන් හිමි සංවේදී සවන් නිසා ඈතින් ඇහුණු වෙඩි හඬ පවා පැහැදිලිව ඔවුන් හට ඇසුණා.

"වෙඩි හඬක්?? මිනිස්සු?? මොකද්ද උනේ ජුන්වෝ??" ඇල්ෆා දේහ්‍යුන්ගෙ දැඩි කටහඬට සෙබලා සිහින් කෙඳිරිලි හඬක් නඟමින් හිස පාත් කරගත්තා. ඔහු සිය යටහත් පහත් බව පෙන්වා සිටිද්දී ඇල්ෆා දේහ්‍යුන් ඉක්මනින්ම සිය කෝපය සඟවා ගැනීමට උත්සුක වූයේ ඔහුව තවත් බිය වැද්දීමට අවශ්‍යය නොවූ නිසා.

His Baby Omega !TK! [ Completed ]Where stories live. Discover now