Chapter 22

2.6K 462 166
                                    

ලා හිරු රැස් වල උණුසුමට පියවුණු දෑස් විවර වෙද්දි ටේහ්‍යුන්ග් හිමීට ඇස් ඇරලා එක අතකින් ඇස් පොඩි කරගත්තෙ ආලෝකයට ඇස් හුරුකරගන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ලා හිරු රැස් වල උණුසුමට පියවුණු දෑස් විවර වෙද්දි ටේහ්‍යුන්ග් හිමීට ඇස් ඇරලා එක අතකින් ඇස් පොඩි කරගත්තෙ ආලෝකයට ඇස් හුරුකරගන්න. ඒත් එක්කම එයා දැක්කෙ එයාගෙ පපුවට තුරුල් වෙලා එයාගෙ අත උඩ ඔලුව තියාගෙන නිදාගෙන ඉන්න හුරතල් බෝලෙව. මෙච්චර කාලයක් ටේහ්‍යුන්ග් ඒ ඇඳේම උදේට මේ විදිහටම නැගිටලා තිබුණත් අද ටේහ්‍යුන්ග්ට දැනුනෙ වෙනස්ම හැඟීමක්. අද ඉඳන් ජන්ග්කුක් එයාගෙ ජීවිතේ කොටසක් කියන එක ටේහ්‍යුන්ග්ට ඒ වෙලාවෙ හොඳටම දැනුනා. අද ඉඳන් මුළු ජීවිත කාලෙම මේ සුන්දර දර්ශනය එක්ක එයාට අවදිවෙන්න පුළුවන් කියලා හිතෙද්දි ටේහ්‍යුන්ග්ගෙ හිතට දැනුනෙ ලොකු සතුටක්. ඒ හැඟීමෙන්ම ජන්ග්කුක් දිහාට සම්පූර්ණයෙන්ම හැරුණු ටේහ්‍යුන්ග් ඒ නළලට වැටිලා තියෙන සිනිඳු කෙහෙරැළි දෙපැත්තට කරලා ඒ නළලත මෘදුව සිපගත්තෙ හරි ආදරෙන්.

"ම්ම්හ්.." ටේහ්‍යුන්ග්ගෙ ස්පර්ශයට ජන්ග්කුක් කෙඳිරි ගාලා ආයෙමත් අනිත් පැත්ත හැරුණා.

"කම්මැලි කොල්ලා.. නැඟිටින්න දැන්. ඔය නිදාගත්තා මදැයි." ටේහ්‍යුන්ග් ජන්ග්කුක්ගෙ ඔලුව අතගාන ගමන් කිව්වත් ජන්ග්කුක්ට නම් ඒ මුකුත් ඇහුණෙ නැති හැඩයි. ඒ නිසාම ටේහ්‍යුන්ග් ජන්ග්කුක්ගෙ බෙල්ලට ළංවෙලා මුලින්ම ඒ ස්ට්‍රෝබෙරි මික්ස් උනු වැනිලා සුවඳ හිත පුරාම විඳගෙන ඊටපස්සෙ චූටි චූටි හාදු ඒ බෙල්ල පුරාම තියන්න ගත්තෙ ජන්ග්කුක්ව නැගිට්ටවන අදහසින්.

"අලේ.. යන්නකූ.. කුකී බබාට දොයියගන්න දීලා." නින්දෙන්ම එහෙම කියපු ජන්ග්කුක් ටේහ්‍යුන්ග්ගෙ මූණ එයාගෙ අත් දෙකෙන්ම ඉවතට තල්ලු කරලා ආයෙමත් හැරිලා නිදාගන්න පටන් ගත්තා.

"ආශ්.. මේ කොල්ලා නැගිට්ටවන්න තියෙන අමාරුවක්. තව ටිකක් නිදාගන්නකො එහෙනම්." ටේහ්‍යුන්ග් ජන්ග්කුක්ගෙ කම්මුලක් ඉඹලා ඇඳෙන් බැස්සෙ bathroom එකට යන්න උනත් ටේහ්‍යුන්ග්ට එයාගෙ යටිකයෙන් දැනුනු වේදනාව ඊයෙ රාත්‍රිය ආයෙමත් සිහිපත් කරලා.

His Baby Omega !TK! [ Completed ]Where stories live. Discover now