Chapter 32

2.3K 461 186
                                    

මිනිසුන් සහ වෘකයින් අතර සටන එන්න එන්නම දරුණු වෙද්දි ඒ හැමෝගෙම ඇස් වලට හොරෙන් එතනින් පැනගත්තු ජීවුන් සීමිත පිරිසක් එක්ක මාළිගය වෙතට ඇදුනා. ජීවුන්ගෙ පොඩිකාලෙ ගෙවුනේ ඒ මාළිගාවෙ නිසා ජීවුන් මාළිගාව ගැන හැමදෙයක්ම දැනගෙන හිටියා. ඉතින් ආරක්ෂාවට හිටපු ඇල්ෆාවරු මරලා මාළිගාවට ඇතුල් වෙන්න ජීවුන්ට ඒ හැටි වෙලාවක් ගියෙ නෑ. ජීවුන්ගෙ පිරිස ඇල්ෆා සෙබලු එක්ක සටන් කරද්දි ජීවුන් ඉස්සරහට ඇදුනේ කෙනෙක්ව බලාපොරොත්තුවෙන්. ඇල්ෆා සෙබලු අතින් එයාගෙ සෙබලුන්ට තුවාල උනත්, සමහර අය මැරුණත් ජීවුන් ඒ කිසිම කෙනෙක් ගැන කෙයාර් කරේ නෑ. එයාට ඕනෙ උනේ බලය වෙනුවෙන් එයාගෙ අරමුණට ළංවෙන්න විතරයි.

"ඇල්ෆා ජීවුන්.." soft scent එකක් එක්ක වෙව්ලන submissive කටහඬක් ඇහෙද්දි ජීවුන් ඒ දිහාට හැරුණා.

"සුසී?" ජීවුන් කතා කරාම ඔමේගා කෙල්ලෙක් ජීවුන්ට ළංවුණා.

"ඔමේගල හැමෝම ඉන්නෙ බිම් මහලෙ.. ලූනා ඉන්නෙත් එයාලා එක්ක." සුසී නම් උනු ඔමේගා යටහත් පහත් ස්වරයකින් කිව්වම ජීවුන්ගෙ මූණෙ කපටි හිනාවක් ඇඳුනා.

"කට්ටියම මගෙ පස්සෙන් එනවලා!" ජීවුන්ගෙ අණත් එක්ක එයා එක්ක ආපු පිරිසෙන් දැනට ඉතුරු වෙලා ඉන්න තුන් හතර දෙනයි සුසියි ජීවුන්ගෙ පිටුපසින් ඇදුනා. මඟදි හමු උනු ඇල්ෆාවරු එක්ක සටන් කරලා ඒ හැමෝවම මරලා දාලා බිම් මහලේ ආරක්ෂාවට හිටපු අන්තිම සෙබලත් මරලා දැම්මට පස්සෙ ජීවුන්ගෙ මූණෙ ඇඳුනේ ජයග්‍රාහී හිනාවක්. හැබැයි ඒ වෙද්දි එයාගෙ පිරිසෙන් ඉතුරු වෙලා හිටිය අන්තිම කෙනත් හිටියෙ හොඳටම තුවාල වෙලා. හැබැයි ජීවුන්ට බයවෙන්න දෙයක් තිබ්බෙ නෑ. මොකද බිම් මහලෙ ඉන්න හැමෝම ඔමේගාවරු.. නැත්නම් පොඩි පැටව්. ඇල්ෆා කෙනෙක් එක්ක හැප්පෙන්න තරම් ශක්තිමත් කෙනෙක් එතන හිටියෙ නෑ. ඒ නිසාම ජීවුන් බිම් මහලට ඇතුල් උනේ ඔමේගලව යටත් වෙන එයාගෙ සැර පෙරමෝන පිට කරගෙනමයි. සුසී කියන ඔමේගාත් ජීවුන් පිටුපසින් බිම් මහලට ඇතුල් උනේ ජීවුන්ගෙ ඇල්ෆා පෙරමෝන වල සැරට වෙව්ලන ගමන්.

හදිස්සියේම බිම් මහලට ඇතුල් උනු ජීවුන්ව දැකපු ගමන් ඇතුලෙ හිටපු ඔමේගාවරු වගේම පොඩි පැටවුනුත් කලබල වෙන්න ගත්තා. පැටව් ඉන්න ඔමේගලා එයාලගෙ පැටව් ටිකව තුරුල් කරගනිද්දි තනියෙන් හිටපු ඔමේගලා බයෙන් ගැහෙන්න ගත්තා. ජීසු ඉක්මනින්ම ජන්ග්කුක්ව උස්සලා අරන් එයාගෙ පපුවට තුරුල් කරගත්තෙ ජීවුන්ගෙ ඇස් වලින් ජන්ග්කුක්ගෙ මූණ වහන් කරන අදහසින්. ජීසු හොබීට mind link කරන්න උත්සාහ කරත් එයාට ඒක කරගන්න බැරිවුණා. හරියට මොකක්හරි දෙයකින් එයාලව වැලැක්වුවා වගේ. සමහරවිට ඒ ජීවුන්ගෙ සැර පෙරමෝන වල බලපෑමක් නිසා වෙන්න ඇති.

His Baby Omega !TK! [ Completed ]Where stories live. Discover now