Chapter 35

2.8K 481 209
                                    

ටේහ්‍යුන්ග් ගල්ගුහාවට ඇවිත් මුලින්ම කරේ සම්පූර්ණයෙන්ම ඒක ඇතුල පරීක්ෂා කරපු එක. ගල්ගුහාව ඇතුලෙ වෙන කිසිම සතෙක්ගෙ ඉවක් දැනුනෙ නැති නිසා ටේහ්‍යුන්ග් ජන්ග්කුක්ව බිමින් තිබ්බා. ගුහාව ඉස්සරහ සීතලට මැරිලා ගිහින් තිබුණු පඳුරු වගයක් ගලවගත්තු ටේහ්‍යුන්ග් ඒවගෙන් ටිකක් බිම අතුරලා තාවකාලිකව ඉන්න පුළුවන් විදිහේ යහනක් සෑදුවා.

ගුහාව ඇතුලෙන් හොයාගත්තු වියළි දරකෝටු, කොළ වගේ දේවල් ටිකකුත් එකතු කරගත්තු ටේහ්‍යුන්ග් ගල් දෙකක් එකට අතුල්ලලා ගින්දර අරගෙන පුංචි ගිනිමැළයකුත් පත්තු කරලා ජන්ග්කුක්ව තුරුල් කරන් ඒක ඉස්සරහින් ඉඳගෙන ජන්ග්කුක්ගෙ අත් කකුල් පිරිමදින්න ගත්තෙ ජන්ග්කුක් ඒකෙන් උණුසුම් වෙයි කියලා බලාපොරොත්තුවෙන්.

ටේහ්‍යුන්ග්ගෙ බලාපොරොත්තුව ඉශ්ඨ කරමින් විනාඩි ගාණකට පස්සෙ ජන්ග්කුක්ගෙ දෑස් හෙමින් හෙමින් විවර වුණා.

"අ..ඇල්ෆා.."

"පැටියෝ... මං මෙතන ඔයා ළඟින්ම ඉන්නවා. දැන් කොහොමද ඔයාට?"

"සී..තලයි.." ටේහ්‍යුන්ග්ගෙ පපුවට තවත් ගුලිවෙමින් ජන්ග්කුක් මුමුණද්දි ටේහ්‍යුන්ග් ජන්ග්කුක්ව තදින් එයාගෙ පපුවට තුරුල් කරගත්තා. ඇත්තටම තාමත් ජන්ග්කුක්ගෙ ඇඟිලි රැලි වැටිලා.. සාමාන්‍යයෙන් රෝස පාටින් දිලිසෙන ඒ ඇඟිලි තුඩු නිල් පැහැ වෙලා. ජන්ග්කුක් හිටියෙ සම්පූර්ණයෙන්ම සුදුමැලි වෙලා.

ටේහ්‍යුන්ග් ආයෙමත් ජන්ග්කුක්ගෙ අත් පිරිමදින්න ගත්තත් ටික වෙලාවකට පස්සෙ අමාරුවෙන් දල්වපු ගිනිමැළයත් හිමීට නිවිලා යද්දි ටේහ්‍යුන්ග්ගෙ පපුවත් වේගයෙන් ගැහෙන්න ගත්තා. ගල්ගුහාව ඇතුලෙ තිබුණු අවුලුවන්න පුළුවන් හැමදේම වගේ එකතුකරලා ඒ ගිනිමැළය දල්වපු නිසා ආයෙමත් එයාට ගිනිමැළයක් දල්වන්න විදිහක් නෑ. ඉතින් ජන්ග්කුක්ව උණුසුම් කරන්න ටේහ්‍යුන්ග්ට ඉතුරුවෙලා තිබුණේ එකම එක ක්‍රමයයි. ඒ...

"ජන්ග්කුක්... baby, can i make love to you?" ටේහ්‍යුන්ග් ඇහුවම ජන්ග්කුක් ඇස් උස්සලා ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

"ඔයාව උණුසුම් කරවන්න පුළුවන් එකම විදිහ ඒක.. මං පොරොන්දු වෙනවා.. මං ඔයාට රිද්දන්නෙ නෑ. මාව විශ්වාස කරනවද?" එයාගෙ තුරුලේ ගුලිවෙලා ඉන්න ජන්ග්කුක්ගෙ මූණ මාපට ඇඟිල්ලෙන් හිමීට පිරිමදින ගමන් ටේහ්‍යුන්ග් ඇහුවම ටිකවෙලාවක් ටේහ්‍යුන්ග්ගෙ ඇස් දිහා බලාගෙන හිටපු ජන්ග්කුක් හිමීට ඔලුව වැනුවා.

His Baby Omega !TK! [ Completed ]Where stories live. Discover now