Chapter 23

2.5K 492 150
                                    

1 year later,

ඔය විදිහට කාලෙ ගතවෙලා ගිහින් අවුරුද්දකුත් ගෙවිලා ගියා. කිසිම අනතුරක් නැතුව ඒ කාලය සාමකාමී විදිහට ගෙවිලා ගියා.

ටේහ්‍යුන්ග් සහ ජන්ග්කුක් අතර බැඳීම වැඩිවෙලා තිබුණත් තාමත් ඒ දෙන්නා අතර පුංචි හාදුවකින් එහාට දේවල් උනේ නෑ. ඒ අවුරුද්දේ ටේහ්‍යුන්ග්ට rut එක හැදුණු වතාවන් දෙකේදිම එයා සුපුරුදු විදිහටම ජන්ග්කුක්ව මඟ ඇරලා කැලේ ඇතුලෙ තිබුණු එයාගෙ secret spot එකට ගියා. ජන්ග්කුක්ට එයාගෙ අතින් කරදරයක් වෙයි කියන බය නිසාම ටේහ්‍යුන්ග් එයාගෙ rut එක ගැන හොඳ අවදානයකින් හිටියෙ.

එදත් එහෙම දවසක්. ටේහ්‍යුන්ග්ට rut එක හැදෙන්න දින ළංවෙලා තිබුණා. ඒ නිසා එදා උදේ ඉඳන්ම ටේහ්‍යුන්ග් ලෑස්ති වුණා එයාගෙ සුපුරුදු ස්පොට් එකට යන්න. නම්ජුන්, හොබී, යුන්ගි එක්ක කතා කරලා ටේහ්‍යුන්ග් ඒ තුන්දෙනාට ඒ කාරණාව දැනුම් දීලා පැක් එකේ ආරක්ෂාව ගැන වගකීම එයාලට පැවරුවා. අනිත් දෙන්නා ගියත් නම්ජුන් ටේහ්‍යුන්ග් එක්ක නතරවුණේ තවත් ටේහ්‍යුන්ග් මේ විදිහට විඳවනවා බලන් ඉන්න එයාට බැරිවුණු නිසා.

"ටේ?"

"ම්ම්?"

"දැන් ඔය ඉවසුවා හොඳටම ඇති නේද?" නම්ජුන් ඇහුවම ටේහ්‍යුන්ග් බෑග් එක ලෑස්ති කරන එක පැත්තකින් තියලා නම්ජුන් දිහාට හැරුණා.

"ඒ කිව්වෙ?"

"දැන් කුකී බබාට අවුරුදු දාහතක්. එයාට පුළුවන් වෙයි ඔයාව දරාගන්න. අඩුගානෙ එයාව මාක් කරන්න. මට ඇහුණා පැක් එකේ අය ඒ ගැන කතාවෙනවා. මාක් නොකරපු ඔමේගා කෙනෙක් අනාරක්ෂිතයි. ඒ නිසා මේ rut එකවත් කුකී බබා එක්ක ගත කරන්න."

"මං දන්නෙ නෑ නම්ජුන් හ්‍යුන්ග්.. කුකී බබා වයසින් ලොකු උනත් එයා තාම පුංචි ළමයෙක් වගේ. අනික rut එකේදි මට control නැතුව ගියොත් එයාට මං අතින් මොනවා වෙයිද කියලා මටවත් හිතාගන්න බෑ."

"එහෙම වෙන්නෙ නෑ ටේ.. ඔයාගෙ මේට් ළඟ ඉද්දි sex නොකරත් ඔයාගෙ wolf ගෙ වේදනාව අඩුවෙනවා. ඒ සුවඳට පවා අපිව සන්සුන් කරන්න පුළුවන්. ඔයා තනියෙන් දුක් වින්ඳා ඇති දැන්. අනික ඔයාට පුළුවන් කුකී බබාව ටික ටික මේ දේවල් වලට හුරු කරවගන්න."

His Baby Omega !TK! [ Completed ]Where stories live. Discover now