Chapter 37

3.2K 478 155
                                    

"ඇ..ල්ෆා... ලූ...නා..."

"එයාද ඕක බින්දෙ?" ටේහ්‍යුන්ග් සේවිකාවට බාධා කරලා ඇහුවම සේවිකාව හිමීට ඔලුව වැනුවා.

"ඔයාලා අතින් මොනාහරි එයාට උනාද?" ටේහ්‍යුන්ග් සේවිකාවන්ගෙන් අහන අතරේ නම්ජුන් ජන්ග්කුක්ව බලන්න ඇතුලට යන්න ගියා.

"අපි අතින් මුකුත්..." සේවිකාවගේ හඬට බාධා කරමින් ජන්ග්කුක්ගෙ ගෙරවිලි සද්දෙ ඇහෙද්දි නම්ජුන් ඉක්මනට කාමරේ ඇතුලට යන්න ගියපු අඩිය ආපස්සට ගත්තා.

"එයාට මොකද්ද වෙලා තියෙන්නෙ?? උදේ මං සැර කරාට පලිය ගන්නවද?" ටේහ්‍යුන්ග්ගෙ කටහඬ ටිකෙන් ටික කෝපසහගත වෙද්දි ජින් හිමීට කාමරේ ඇතුලට ඔලුව දාලා බැලුවා.

"මගෙ දෙවියනේ.. කුකී බබා නෙස්ටින්.."

"නෙස්ටින්?" ටේහ්‍යුන්ග් වගේම නම්ජුනුත් ඇහුවෙ පුදුමෙන්. ටේහ්‍යුන්ග් වගේම නම්ජුනුත් මෙච්චර කාලෙකට කිසිම ඔමේගා කෙනෙක්ව ළඟින් ආශ්‍රය නොකරපු නිසා එයාලා ඔමේගලගෙ දේවල් ගැන ලොකුවට දැනගෙන හිටියෙ නෑ. ඒත් ජින් ඩොක්ටර් කෙනෙක් නිසා, එයා ඒ හැමදෙයක්ම හොඳින් දැනගෙන හිටියා.

"ඔව්.. ඔයා දැන් ඇතුලට යන්න. එයාට ඔයාව ඕනෙ." ජින් එහෙම කිව්වම ටේහ්‍යුන්ග් ප්‍රශ්නාර්ථ සහගත විදිහට ජින් දිහා බැලුවා.

"බයවෙන්නෙපා.. nesting කියන්නෙ ඔමේගා කෙනෙක් සාමාන්‍යයෙන් කරන දෙයක්. ඒ කාලෙට එයාට ඕනෙ එයාගෙ මේට්ව විතරයි. අපිටවත් දැන් කුකී බබා ළඟට යන්න බෑ. එයා දරුණු වෙන්නෙ ඒකයි." ජින් විස්තර කරද්දි ටේහ්‍යුන්ග් එයා උදේ ජන්ග්කුක්ට තරවටු කරපු එක ගැන පසුතැවිලි වුණා.

"මං මේ කිසි දෙයක් නොදැන උදේ මගෙ මැණිකට සැර කරත් එක්ක.. උදේ ඉඳන් එයා මගෙ ඇඟේ එල්ලිලා හිටියෙ. අන්තිමට මං සැර කරලා තමයි එයාව දාලා ගියේ. මේ වගක් දන්නවනම් මං අද එයා ගාවින් ඉන්නවා."

"ඔයා කුකී බබා ගැන මීටවඩා සැලකිලිමත් වෙන්න ඕනෙ ටේ.. ඒකට කමක්නෑ දැන් කුකීව බලාගන්නකෝ. මොනාහරි අරන් ගිහින් එයාට කවන්න. එයා දවසටම කාල නැතුව ඇති. අනික ටේ.. සමහරවිට.. එයාට ඉක්මනින්ම හීට් එක හැදෙන්න පුළුවන්. මේ ඒකෙ පෙර ලක්ෂණයක් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි."

His Baby Omega !TK! [ Completed ]Where stories live. Discover now