Chapter 40 [Epilogue]

3.8K 557 478
                                    

300 years later,

"ඊටපස්සෙ මොකද උනේ grandma?"

"ඒ දෙන්නා සතුටින් හිටියා මැරෙනකම්ම. එයාලට දරුවො පස්දෙනෙක් හම්බවුණා. පළවෙනි කුමාරයා true blood alpha කෙනෙක්, තව ඇල්ෆා කුමාරවරු තුන්දෙනෙක් හිටියා. පවුලෙ එකම ගෑණු දරුවා උනු බාලයත් ඇල්ෆා කෙනෙක්. ඒත් ඉතින් කොච්චර දරුවො හිටියත් ඇල්ෆා ටේහ්‍යුන්ග්ගෙ පළවෙනි බබා උනේ ලූනා ජන්ග්කුක්. ඇල්ෆා මැරෙනකම්ම ලූනාව බලාගත්තෙ පොඩි දරුවෙක් වගේලු. ලූනා ජන්ග්කුක්ට අවුරුදු 101දි එයා මැරුණා. එදා ඇල්ෆා ටේහ්‍යුන්ග් ලූනාව එයාගෙ තුරුලෙන් අයින් කරේම නෑලු. එයාගෙ අන්තිම ඉල්ලීම උනේ ඒ දෙන්නා එකම තැන, එකම පෙට්ටියෙ වලලන්න කියලා. කවුරුත් ඒ ගැන වැඩියෙ හිතුවෙ නෑලු. ඒත් ඊට ටිකවෙලාවකට පස්සෙ ඇල්ෆා ටේහ්‍යුන්ග් ලූනාගෙ තුරුලෙදිම ඇස් පියාගෙන. ඊටපස්සෙ ඇල්ෆාගෙ ඉල්ලීම අනුව ඒ දෙන්නව එකම පෙට්ටියක තියලා. අර මාළිගාව ඉස්සරහ තියෙන cherry blossom ගහ යට තමයි ඒ දෙන්නා නිදාගෙන ඉන්නෙ." Grandma එහෙම කියලා දිලිසෙන ඇස් වලින් එයා දිහා බලාගෙන ඉන්න පුංචි කුමාරිකාව දිහා බැලුවා.

"මැටි කෙල්ල.. තාමත් ඔය කතාව අහලා ඇතිවෙලා නැද්ද? යනවා යන්න.. මට grandma එක්ක ටික වෙලාවක් ඉන්න ඕනෙ." එකපාරටම ඒ අත්තම්මගෙයි මිණිපිරීගෙයි කතාවට ගැඹුරු ආදරණීය හඬකින් බාධා වුණා.

"ඌහ් මෝඩයා, මාව බය කරා." ඇවිත් ඉන්නෙ එයාගෙ සදාදරණීය වැඩිමල් සහෝදරයා කියලා දැක්කම කුමරිය එහෙම කිව්වෙ රවන ගමන්.

"ඔයා ඔය මෝඩයා කිව්වෙ රටේ අනාගත රජතුමාට හරී.. රජකම ගත්තම මං පළවෙනියටම කරන්නෙ මගේ ආදරණීය පුංචි නංගිට කවදාවත් කසාද බඳින්න බෑ කියලා නීතියක් සම්මත කරගන්න එක." කෙල්ලව අවුස්සන්න හිතන් ආපු කෙනා එහෙම කිව්වම පුංචි කුමාරිය දුවගෙන ඇවිත් එයාගෙ අයියගෙ පපුවට ගැහුවා.

"Princess ලා ඔහොම දුවන්නෙ නෑ බබී.. ආහ්" කෙල්ල ආයෙමත් එකක් අයියට ගැහුවා.

"දැන් ඕක නවත්තන්න දරුවෝ. ජියා ඔයා ගිහින් දැන් ඔයාගෙ අප්පව හම්බවෙන්නකෝ. මට ඔයාගෙ අයියා එක්ක ටිකක් කතා කරන්න ඕනෙ." Grandma එහෙම කිව්වම ජියා grandma ව බදාගෙන ඒ කම්මුලක් කිස් කරලා එයාගෙ අයියට ඇද කරලා එතනින් දිව්වා.

His Baby Omega !TK! [ Completed ]Where stories live. Discover now