Chapter 4

2.5K 485 88
                                    

ඔය විදිහට දවස් තුනක් ගෙවිලා ඉවරවුණා. ටේහ්‍යුන්ග් ආයෙමත් සුළං රැළි කපාගෙන ඉදිරියට ඇදුනෙ එයාගෙ සිතුවිලිත් එක්ක තර්ක කරමින්. ඒ වෙද්දි එයාගෙ rut එක ඉවර වෙලා තිබුණු නිසා ටේහ්‍යුන්ග්ගෙ වේදනාව අඩුවෙලා ගිහින් තිබුණා.

"එයා මට ඇල්ෆා කියලා කතාකරේ ඇයි?" ටේහ්‍යුන්ග් අහද්දි V එයාට පිළිතුරු දුන්නා.

"එයා අපි එයාගෙ මේට් කියලා අඳුරගත්තා ටේ.."

"එයා ඔමේගා කෙනෙක්ද?"

"ඒ ඇස් නම් නිල් පාටයි... ඒත් පිරිමි ඔමේගා කෙනෙක් ඉන්න පුළුවන්ද ටේ?"

"අපි ගිහින්ම බලමු.. මට එයාව බලන්න ඕනෙ."

"මටත්..."

V එක්ක සංවාදයේ යෙදෙන ගමන් ටේහ්‍යුන්ග් මාළිගාවට සේන්දු වුණා.

"ටේ.." යුන්ගි ඉක්මනට ඇවිත් ටේහ්‍යුන්ග් අතට එයාගෙ කලිසමක් දුන්නා. මනුස්ස ස්වරූපයට ආපු ටේහ්‍යුන්ග් එහෙම්මම කලිසම ඇඳගත්තෙ යුන්ගි ඉස්සරහදිමයි.

"වැඩ ටික හොඳින් සිද්ද උනාද? කෝ අප්පා?"

"හැමදේම හරියට උනා ටේ... අප්පා ඇතුලෙ.. අපි යමු."

"ජන්ග්හී??" ඇතුලට යන්න අඩිය තියන ගමන් ටේහ්‍යුන්ග් වෙව්ලන කටහඬකින් අහද්දි යුන්ගි එයා දිහා බැලුවෙ දුකින්.

"ඊයෙ ජන්ග්හිගෙ අවසන් කටයුතු කරා ටේ.. එයාගෙ සොහොන තියෙන්නෙ ඔයාලා අන්තිමට හම්බුණු තැන.. ඔයාට ඕනෙනම් දැන්..." ටේහ්‍යුන්ග් යුන්ගිට බාධා කරා.

"අපි පස්සෙ යමු ඒකට.. ඊටකලින් දෙයක් කරන්න තියෙයි." ටේහ්‍යුන්ග් එහෙම කියලා ඉක්මනට ඇවිදගෙන ආවෙ එයාගෙ තාත්තව මුණගැහෙන්න.

"ටේ... ඔයා ආවද?" ටේහ්‍යුන්ග් දැකපු ගමන් ඇල්ෆා දේහ්‍යුන්ගෙ මූණට හිනාවක් ආවා.

"ඔව් අප්පා.."

"හ්ම්ම්, ඇවිත් ඉඳගන්නකො. මට ඔයා එක්ක කතා කරන්න ඕනෙ." දේහ්‍යුන් කියද්දි ටේහ්‍යුන්ග් නිහඬවම ඇවිත් එයාගෙ තාත්තා ඉස්සරහින් ඉඳගත්තා.

"අර දරුවා ඔයාගෙ මේට්ද??" දේහ්‍යුන් අහද්දි ටේහ්‍යුන්ග් ඔලුව වැනුවා.

"ඔව් අප්පා... V එයාව අඳුරගත්තා. අපිට එයාගෙ සුවඳත් දැනුනා.. අනික, එයා මට ඇල්ෆා කියලා කතා කරා. අප්පා දන්නවනෙ.. කෙනෙක් ඇල්ෆා කියලා කතාකරන්නෙ තමුන්ගෙ මේට්ටයි පැක් එකේ නායකයටයි විතරයි කියලා.." ටේහ්‍යුන්ග් කියද්දි දේහ්‍යුන්ගෙ ඇස් ලොකු වුණේ පුදුමයෙන්.

His Baby Omega !TK! [ Completed ]Where stories live. Discover now