Prologue & Dedication

1.1K 191 60
                                    

 
Jin's POV


අද දවසේ වැඩ ඉක්මනට ඉවර කරගන්න ඕනේ කියලා හිතාගෙන මම අන්තිම පේශන්ට්වත් බලලා ඉවර වෙලා මගේ මෙඩිකල් ටූල්ස් ටික බෑග් එකට දැම්මේ තව පැයකින් මම ඩේට් එකට යන්න ඕනේ නිසා. එයා මට අද දෙනවා කිව්ව සර්ප්‍රයිස් එක මොකක්ද කියලා හිත හිත මම දවස් තුනකටත් වඩා හරියට නිදාගත්තේ නැත්තේ ඒ තරමට මම ඒක ගැන උද්‍යෝගයෙන් හිටපු හන්දා.

මෙඩිකල් ටූල් බොක්ස් එක කබඩ් එකෙන් තියලා මම රෙජිස්ටර් එකේ මගේ අවුට් එක දානකොට මම දැක්කා ජින්ග්කුක් මට කලින් ගිහින් කියලා. පරක්කු වෙලා ඇවිල්ලා කලින්ම යන ජන්ග්කුක්ට කැප්ටන් යුන්ගි ඉන්නවා වගේ අපි දෙන්නත් එකතු උනාම මම ගෙදර එනකන් එයා බලන් ඉන්න, නැත්තන් එයා එනකන් මම බලන් ඉන්න දවසක් එයි නේද කියලා හිතුනම මගේ මූණ රතු වෙන්න ඇති කියලා මට හිතුනා.

ජන්ග්කුක් කියනවා වගේ එයා හෙට මට ප්‍රොපෝස් කරන්න නම් යන්නේ, ඒකට ප්‍රතිචාර විදිහට මට එයාට දෙන්න තියන තෑග්ග මගේ ලැබ් කෝට් එකෙන් මගේ අතට අරන් ඒක දිහා බලන් ඉදලා මම ආයේ ඒක ලැබ් කෝට් එක ඇතුලට දාගත්තා. යන යන හැම තැනම මම මේක අරන් ගියේ ඇයි කියලා මම දන්නේ නැති උනාට මගේ එක අතක් හැම වෙලේම වගේ ඒක අල්ලගෙන හිටියේ මමවත් නොදන්න හැගීමකින් මගේ සිත සතුටු කරන ගමන්.

කෝට් එක ගලවලා අතේ තිබ්බ ග්ලවුස් එකත් බින් එකට දාලා මම ටෙන්ට් එකෙන් එලියට එන්න හදනකොටම ඈත ඉදන් මගේ පැත්තට එන මෙඩිකල් බෙඩ්ස් දෙක මට කිව්වා මට දැන්ම ගෙදර යන්න වෙන්නේ නෑ කියලා. දොරත් ඇරලා ඒ ආව පේශන්ට්ට ඇතුලට එන්න ඉඩ හදලා දීලා මම ග්ලවුස් එකත් දාගෙන ආව පේශ්නට් ව බැලුවම මම දැක්කා එයාගේ බඩේ ලොකු තුවාලයක් තියනවා. 

ෆ්‍රන්ට් රෝ එකේ ඉන්න අයගෙන් මිසක් මේ වගේ තුවාල වෙන්නේ නැති වෙනකොට මගේ හිතේ එයාගෙන් කොහොමද තුවාල උනේ කියන ප්‍රශ්නය පස්සේ අහන්න තියාගෙන මම ග්ලවුස් දාගෙන තුවාලයට ප්‍රෙශර් එක දුන්නේ හොදටම ලේ යනවා වැඩි නිසා.

"අපි හෙඩ් ක්වාටර්ස් ගිහින් එද්දි බංකරේ ලග වැටිලා හිටියා. කොහොම උනාද කියලා දන්නේ නෑ."

"නර්ස් කැමිලියා. මෙයාව ඕ.ටී එකට ගන්න ලෑස්ති කරන්න දැන්ම."

"මෙයාගේ නම කියන්න මට."

"ජොන්ග් හ්‍යුන්බින්. කෝඩ් එක බීටා ත්‍රී ට්වෙන්ටි ටූ."

"සූබින්. ත්‍රී ට්වෙන්ටි ටූ වල බ්ලඩ් ගෲප් එක බලලා බ්ලඩ් ගන්න කෙනෙක්ව හොයලා තියාග-"

මම සූබින්ට කරන්න ඕනේ දේ කියනකොටම  එලියෙන් ඇහුන වෙඩි සද්ද මාව බය කරා. කෑම්ප් එකේ ඉන්න මාස අටට වෙඩි සද්ද නැහුන දවසක් නැති උනත් දැන් ඇහුන වෙඩි සද්ද ලග ලගම ඇහෙනකොට මම ටිකක් බය උනා. ඒත් මගේ බය පැත්තකට දාලා මම ආව පේශන්ට්ව බලන්න යන්න හැදුවේ එයාව එක තත්පරයකිනුත් ලොකු අවදානමකට යන්න පුලුවන්කමක් තියනවා කියලා මගේ හිත දන්න හන්දා.

"අත් උස්සනවලා හැමෝම!"

මම දොරෙන් එලියට යන්න හදනකොටම නෝත් කොරියන් ආර්මි එකෙ කෙනෙක්  මගේ ඉස්සරහට ඇවිත් මගේ නලලටම එයාගේ තුවක්කුව තිබ්බා. එයා අඩියක් අඩියක් ගානේ ඉස්සරහට එනකොට මම පස්සෙන් පස්සට ගියේ හොදටම බයෙන් උනත් මගේ හිත තිබ්බේ දැන් විනාඩි දෙකකට කලින් ආව පේශන්ට් ලග.

පස්සෙන් පස්සට ගිහින් මේසේට හේත්තු උන මම තව මට පිටිපස්ස්සට යන්න දෙයක් නෑ කියලා තේරුනාම මගේ ඉස්සරහා ඉන්න කෙනා දිහා බැලුවා. මූණ වැහෙන්න හෙල්මට් එක දාගෙන හිටියත් හෙල්මට් එක ඇතුලෙන් පේන එයාගේ මූණේ කැලැල් මට තේරුම් කරලා දුන්නා එයා මේ ලගදිත් ෆයිට් එකකට ගිහින් කියලා. ඒත් මට ඒ දේවල් වලට ප්‍රතිකාර කරන්න පුලුවන්කමක් හම්බුනේ නැත්තේ එයා මගේ ඔලුවට තුවක්කුව තියාගෙන හිටපු නිසා. එයා මගේ ඇස් දිහා කෙලින් බලනකොට මට එක වචන ටිකක් ඇහෙන නෑහෙන ගාණට මුමුණගන්න පුලුවන් උනත් මම හිතන්නේ නෑ ඒවගෙන් වැඩක් තිබ්බා කියලා.

"ප්-ප්ලීස්. ම-මාව මරන්න එ-එපා. "

                 

 

********************************

Dedicated to rongxu

මම ඔයාට වචනයෙන් කියලා නැතුව ඇති. ඒත් ඔයා මම ආසම ටික දෙනාගෙන් එක්කෙනෙක්. ඒ විතරක් නෙවෙයි මම රෙකමන්ඩ් කරන ෆිල්ම්ස් බලන දෙන්නගෙන් එක්කෙනෙක්. මේ දේවල් වලින් අයින් වෙලා පාඩම් කරන්න. ඕ ලෙවල් වත්, ඒ ලෙවල් වත් වගේ ලේසී නෑ මෙඩිකල් එක්සෑම්. විශ්වාස කරන්න, ඔයා මෙඩිකල් ෆැකල්ටි කියලා දැනගත්තම ඔයා තරමටම මම සතුටු වෙන්න ඇති. මට බයක් නෑ ඔයා ගැන.  ඒත් පාඩම් කරන්න. සතුටින් ඉන්න.

ස්තූතියි මට උදව් කරාට.

♥️🍃

Love Again   |   Tae  ×   Jin  |  Completed Where stories live. Discover now