7th Love

344 134 24
                                    

Jin's POV

මම පිටිපස්ස හැරිලා බලන්නේ නැතුවම ඉක්මනට අඩිය තියලා කෑම්ප් එකට ආවේ  කොයි වෙලේ හරි පිහියක්, බුලට් එකක් මගේ ඇගට වදියි කියලා උනත් කෑම්ප් එක ලගට එනකන් පිහියක් වත් වෙන මොකක් වත් ඇග ඇතුලෙන් ගියේ නෑ. ඒත් මගේ පිටිපස්සේ අඩි සද්දය නොනවත්වා ආවා. කෑම්ප් එකේ එලිය පේනකොට මම අන්තිම ටික බයටත් එක්ක දුවගෙන වගේ එනකොට ගේට් එක ලග හිටපු ගාර්ඩ්ස්ලා දෙන්නා ටිකක් ඉස්සරහට ඇවිත් කතා කරා.

"ඩොක්ටර් ජින් මොකක් හරි ප්‍රශ්නයක්ද?"

"න්-නෑ. නෑ. මොකුත් ප්‍ර්-ප්‍රශ්නයක් නෑ"

මම එයාලට ආචාර කරලා ගේට් එක ඇතුලෙන් ඇතුලට ආව ගමන්ම මම පිටිපස්ස හැරිලා බැලුවෙ මගේ පස්සෙන් දැන් අඩි සද්දේ ඇහෙන්නේ නැති නිසා. ඒත් කෑම්ප් එකට පෙනෙන නොපෙනෙන දුරින් මගේ දිහා බලන් ඉන්න මිස්ටර් හැන්ඩ්ස්ම් දැක්කම මගේ කටත් බාගෙට ඇරුනේ මෙච්චර වෙලා මගේ පස්සෙන් ඇවිල්ලා තියෙන්නේ මිස්ටර් හැන්ඩ්සම් කියලා මට දැන් තේරුන හන්දා.

~අපරාදේ. මට එයාට කතා කරන්න තිබ්බේ.

මම ඇතුලට ආවට පස්සේ මිස්ටර් හැන්ඩ්ස්ම් ඉන්න දිහා ආයේ බලනකොට මම දැක්කා එයාගේ ඡායාව ඈතට යනවා. ඉක්මනින් අඩිය තියලා මම ආයේ අපේ ටෙන්ට් ඇතුලට එනකොට මම දැක්කා ජන්ග්කුක් ෆෝන් එක අරගෙන එහෙට මෙහෙට ඇවිදිනවා.මාව දැක්ක ගමන් ජන්ග්කුක් මගේ ලගට ආවේ මූණත් අමුතු කරගෙන වෙනකොට මට තේරුනා එයාට තියෙන්නෙ සිග්නල් ප්‍රශ්නයක් කියලා.

"හ්‍යුන්ග් ජිමින්ට කතා කරන්න බැරි උනා. මට සිග්නල් තියෙන්නේ කොහෙද කියන්න. "

"මේ හරියට සිග්නල් නෑ. මම ගෙදරට කතා කරන්න යන්නේ ඔෆිස් එක හරියට. "

'මම යනවා එහෙනම්."

මම මටත් බැන බැන ඔෆිස් එක පැත්තට යන ජන්ග්කුක්ව දැක්කම මෙඩිකල් ටෙන්ට් එකට ගීහින් අනිත් අය ගැන හොයල බැලුවා. සූබින්ගේ ශිෆ්ට් එක ඉවර වෙලා ඊලගට යොන්ජුන්ගේ ශිෆ්ට් එක පටන් ගන්නවා කියලා මම දැක්කම සූබින් යන්න කලින් මම එයා ලගට ගිහින් ගේන්න ඕනේ මෙඩිකල් සප්ලයිස් වල ලිස්ට් එක ගත්තා.

Love Again   |   Tae  ×   Jin  |  Completed Where stories live. Discover now