3rd Love

397 142 13
                                    


 
Jin's POV


"මොකක්ද වැඩේ? "

"අප්පා හැමවෙලේම බයෙන් ඉන්නේ හ්‍යුන්ග් බෝඩර් එක ලග ඉන්න එක ගැන. අප්පා කොච්චර බයද කියනවා නම් එයා හැම චැනල් එකකම නිව්ස් බලනවා. ෆෝන් එකට නිව්ස් සයිට් දහ තුනක් සබ්ස්ක්‍රයිබ් කරලා තියනවා. නොටිෆිකේශන් එකක් එන ගානේ 'අනේ මගේ ජිනී' කියාගෙන ෆෝන් එක ගන්නවා. වැඩිය ඕනේ නෑ හ්‍යුන්ග්..රෑ නිදාගන්නෙත් රේඩියෝ එකක් දාගෙන. මම දන්නේ නෑ  පපා අප්පා එක්ක කොහොම ඉන්නවද කියලා."

කුකී අප්පා ගැන කියනකොට මට හිනා යන්න ඕනේ උනත් අප්පා ගැන මතක් වෙලා මට එයා ගැන හරි ආදරයක් ඇති උනා. පපා වගේ නේවි ඔෆිසර් කෙනෙක් වෙන්න හිටියත් මට සී සික් නිසා මම මේ විදිහ තෝරගත්තේ මම ආර්මි ඩොක්ටර් කෙනෙක් විදිහට අප්පාගේ පාරෙයි, පපාගේ පාරෙයි දෙන්නගෙම පාරෙ යන්න පුලුවන් වෙන්න. ඒත් අප්පා මම ආර්මි ඩොක්ටර් කෙනෙක් වෙන්න ගත්ත තිරනය ගැන පොඩ්ඩක්වත් සතුටු වෙන්නේ නැති වෙනකොට පපා මාව ගොඩක් අගය කරා. පපාගේ උදව්වෙන් අන්තිම මෝඩ කුක්කාත් මගේ පස්සෙන් ආවේ අපි දෙන්නම එකම පාරක යන ගමන්.

"ඉතින් ඔයාගේ වැඩේ මොකක්ද?"

"මම අප්පට කිව්වා මම හ්‍යුන්ග්ව පරිස්සම් කරන්නම් බය නැතුව ඉන්න කියලා. "

මම හයියෙන් හිනා වෙලා ජන්ග්කුක්ගේ ඔලුවට තට්ටුවක් දැම්මේ අප්පා ඒ දවස් වල මාත් එක්ක කතා කරන්නේවත් නැතුව තරහා වෙලා හිටපු හැටි මතක් වෙලා. ජන්ග්කුක්වත් මට මගෙ පාරට ගන්න ඕනේ නැති උනාට ජන්ග්කුක් මගේ පස්සෙන්ම එනකොට මගේ හිතෙත් බය දිබ්බ දවසක අපි දෙන්නටම මොනවා හරි උනොත් අප්පාට , පපාට වෙන දේ මොකක්ද කියලා. ඒත් ඒකට වඩා මගේ ආසාව ලොකු උන නිසා මම අද මේ විදිහට බෝඩර් එකේ ඉන්නවා.

ජන්ග්කුක්ට එක්ක කොෆී එකකුයි බන් එකකුයි ඕඩර් කරලා මම එයා එක්ක සෝල් වල දේවල් කතා කරා. මාස අටකට වඩා මම ගෙදර ගිහින් නැති උනත් මම හැමදාම වගේ ගෙදරට කතා කරා. ඒත් එයාලා හැමෝම නැතුව මට පාලු වෙනකොට මම ජන්ග්කුක් මෙ විදිහට මගේ ලග ඉන්න එක ගැන සතුටු හිතුනා.

"හ්‍යුන්ග් මේ කප් එක පරණ එකක් හෝදලාවත් නැද්ද මන්දා."

ජන්ග්කුක් කප් එක කරකව කරකව බලනකොට මම එයා දිහා බලලා හිනා උනේ සතියක් කියලා හිතුවට මෙයා දවසක් වත් මෙහෙ ඉදියිද කියන එක දැන් මම ප්‍රශ්න කරපු නිසා. මගේ කප් එක ජන්ග්කුක්ට දීලා මම එයාගේ කප් එක අරගෙන බොන්න පටන් ගත්තේ මට ටිකක් සීතල දැනුන නිසා.

Love Again   |   Tae  ×   Jin  |  Completed Donde viven las historias. Descúbrelo ahora