18th Love

312 127 11
                                    

Jin's POV

පලවෙනි ඩේට් එක මම අවුල් කරගත්තට ඊට පස්සේ ගිය හැම එකක්ම මම මගේ ජිවීතේ මතක තියන දේවල් කරගත්තා. අපි දෙන්නා මුලින්ම දැක්කේ ජන්ග්කුක්ව මම එක්කන් එන්න ගිය දවසේ පාර ලග කියලා මට අමතක උනාත් ඊට පස්සෙ ටේ එහෙම තැන් කියනකොට මම ගොඩක් හොදට හිතලා ඒ තැන් වලට ගියා. එයා හරියට තැනේ නම කියනවා වෙනුවට අපි මුලින්ම හම්බුන තැන , අපි මුලින්ම කතා කරපු තැන, අපි මුලින්ම කිස් කරපු තැන.. ඒ වගේ තැන් වලට නම් දීලා තියනකොට මට හිතාගන්න පුලුවන් උනා ලගදිම ගියේ නැති තැනක් කියන්න බැරිවෙන තරමට අපි කෑම්ප් එක වටේ ඇවිදලා තියෙයි කියලා.

කෑම්ප් එක ඇතුලෙම ගෙවුන මගේ ජිවිතේ ටේටේ ලස්සන කරා. කෑම්ප් එකෙන් එලියට යන්නේ ගමේ මිනිස්සුන්ව බලන්න විතරක් වෙනකොට ටේටේ මාව මේ අවට තිබ්බ මම දැකලාවත් නැති, මම හිතුවේවත් නැති ලස්සන තැන් වලට අරන් යනකොට ඒ හැම තැනකදිම මට අලුත් මතකයක් හම්බුනා. ඒ හැම එකක්ම ටේටේගෙයි මගෙයි ආදරේ මතක.

කැප්ටන් යුන්ගි, ජන්ග්කුක් දෙන්නගේ ආදර කතාව අන්තිමට කෑම්ප් එකේ හැමෝම දැනගත්තේ ජන්ග්කුක් එක දවසක් කවුරුත් නෑ කියලා හිතාගෙන කැප්ටන් යුන්ගිව ගිහින් කිස් කරලා තිබ්බ හන්දා. රෑ කලුවරේ කැප්ටන් යුන්ගි එයාගේ ඔෆිස් එක ඉස්සරහට වෙලා හිටගෙන පහල බලන් ඉන්නකොට ජන්ග්කුක් හිතලා තියෙන්නේ කැප්ටන් තනියම ඉන්නවා කියලා උනත් ඒ වෙද්දි පහල හැමෝම ට්‍රේනින් එකක ඉදලා තිබ්බේ. ට්‍රේනින් එකේ හැමෝම ජන්ග්කුක්ගේ කිස් එක දැක්කට පස්සේ ජන්ග්කුක් දවස් හතරක් යනකන් එයාගේ ඩියුටි එකටවත් එලියට එන්නේ නැතුව ටෙන්ට් එක ඇතුලට වෙලා හිටියේ එයාට අනිත් අයට මූණ දෙන්න බෑ කියලා. ඒත් පහු වෙනකොට එයා ඒ හැමදේම ගානකට ගන්නේ නැතුව ආයේ පුරුදු විදිහට කැප්ටන් යුන්ගි එක්ක ඉන්න පටන් ගත්තා.

හැමදේම හරි ලස්සනට වෙනකොට මට සතුටු හිතුනේ මම ටේටේ ගැනත් පපාට කිව්වට පස්සේ පපා ඒ දේට කැමතිවෙයි කියන අදහසින්. මම ඒ ගැන ටේටේට කියනකොට ටේටේටත් පපාව බලන්න ආසයි කියනකොට මම ටේටේට පොරොන්දු උනා මාස හතරකට පස්සේ මම ආයේ වැකේශන් එකට යනකොට එයාවත් එක්කන් යනවා කියලා.මම ඒ ගැන කාට කිව්වත් ජන්ග්කුක්ට කිව්වේ නැත්තේ එයාට කිව්වොත් ජන්ග්කුක් මට පොඩ්ඩක්වත් බේරිලා ඉන්න දෙන්නේ නැති නිසා.

ජන්ග්කුක්ට මම ටේටේ ගැන කිව්වේ නැති උනාට ටේටේට මම ජන්ග්කුක් ගැන , අපේ පවුල ගැන හැමදේම කිව්වා. ටේටේ එයාට කවුරුත් නෑ කියලා කිව්වම මම එයාගෙන් ඒ ගැන අහන්න ගියේ නැත්තේ ඒක එයාට දුක හිතෙන දෙයක් වෙයි කියලා වෙනකොට ටේටේ මම කියන දේවල් හරි ආසාවෙන් අහගෙන හිටියා.

හැම ඉරිදාවකම හවස අපි කොහේ හරි ගියේ ඉරිදා දවස මට සම්පුර්ණයෙන්ම නිවාඩු නිසා. ඉස්සර ඉරිදා දවස මම දවසම නිදාගන්න තියාගත්තත් දැන් ඉරිදා දවස මම ටේටේ එක්කම හිටියා. ජන්ග්කුක් එදාට ඩබල් ශිෆ්ට් නිසා මට එයාගෙන් බේරෙන්න පුලුවන් උන එක හොද දෙයක් වෙනකොට මම ටේටේ එක්ක ලස්සන ලස්සන තැන් වල ඇවිද්දා.

පලවෙනි දවසේ ටේටේ මාව ලස්සන මල් යායක් පිපුණ තැනක් පෙන්නන්න එක්කන් යනකොට දෙවනි දවසේ මාව උතූරු කොරියා හමුදාවේ ෆෙන්ස් එකක් පෙන්නන්න එක්කන් ගියා. මම එදා බයේ හිටියත් ටේටේ කිව්වා අපි දෙන්නව අහු උනොත් අපි දෙන්නා ජන්ග්කුක් කියනවා වගේ උතුරු කොරියන් හමුදාවේ ඔෆිසර්ලා දෙන්නෙක් කියලා බේරෙමු කියලා. ටේටේ විහිලු කරනකොට හිනා ගියත් මම එදා ගමට එනකන් හරි බයෙන් හිටියේ. ටේටේ මාව ගෙනියන්න පුලුවන් හැම ලස්සන තැනකටම අරන් යනකොට එයා මට දෙන ආදරේට හරි ස්තුතිවන්ත උනා. දවසක අපි දෙන්නට මේ වගෙ සතුටින් ඉන්න පුලුවන් වෙයි කියන බලාපොරොත්තුවත් එක්ක මම හැමදාම ගොඩක් සතුටු උනේ,  මගේ පලවෙනි ආදරේ මගේ ජිවීතේ අන්තිම ආදරේ වෙයි කියන බලාපොරොත්තුවත් එක්ක..



To be continued .....

Love Again   |   Tae  ×   Jin  |  Completed Where stories live. Discover now